"පාර්වතී දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
27 පේළිය:
 
ශිව සමඟ සිටින විට ඇයව පිළිබිඹු කෙරෙන්නේ අත් දෙකක් සහිතව වුවද තනිව සිටින විට අත් සතරක් ඇතිව සිංහ හෝ ව්‍යාඝ්‍ර වාහනය මත ඉඳ සිටින ආකාරයෙන් දැක්වෙයි. සෞම්‍ය ගති ඇති කරුණාවන්ත දෙවඟනක් ලෙස පාර්වතී දේවිය පිළිබඳ සාමාන්‍ය පිළිගැනීම වුවද ඇය තුළින් දුර්ගා, කාලි, චාන්ඩි සහ මහා විද්‍ය්ශ් ගේ භයංකාර ස්වරූපයන් මතුවන අවස්ථා තිබෙන බවද දක්වා ඇත. එසේම මහාගෞරි, ශායිල්පුත්‍රි, සම ලලිතා වැනි දිව්‍ය අඟනන්ගේ මෘදු කරුණාවන්ත ස්වරූපයෙන් ද බොහෝ විට ඇගෙන් නිරූපනය වේ. පාර්වති උතුම් මාතෘ දෙවඟන ලෙස සලකන බැවින් අනෙකුත් දෙවඟනන් ඇයගේ ප්‍රතිබිම්භ ස්වරූපයන් හෝ වෙනත් වේශ නිරූපනයන් ලෙසද පිළිගැනීමක් ඇත. ෂාවියාස් හි දැක්වෙන පරිදි පාර්වතී සහ දුර්ගා එකම කෙනෙක් වේ. එහෙත් ශක්ති සහ විෂ්ණුගේ අනුගාමිකයින් උසස්ම දෙවඟන ලෙස පාර්වතී සලකන අතර චාන්ඩි, දුර්ගා සහ කාලි ඇගේ භයංකාර ස්වරූපයන් ලෙස පිළිගනී.
 
==පාර්වතීගේ උපත හා විවාහය==
[[Image: Ellora-caves-1.jpg |thumb|alt=tiny globe| එලෝරා ගුහාවේ බිතු කැටයම් ශිව පාර්වතී විවාහය දැක්වෙන දර්ශනයක්
]]
 
පුරාණයේ, කිහිපවරක් සඳහන් වන පරිදි සාති හා ශිවගේ විවාහය "දක්ෂ" ගේ කැමැත්තට විරුද්ධව සිදු වුවකි. එසේම පසු කාලීනව ඇය කලකිරී ශිව අතහැර ගොස් "දක්ෂ" ගේ අග්නිහෝමයේදී ස්වයං බිලි පුජාවට ලක්වු අයුරු ද එහි සඳහන් වේ.
 
 
බ්‍රහ්ම විවර්ථා පුර්ණාවට අනුව සාති, සිව ඉදිරියේ පෙනී සිට තමන් නැවත ඉපදෙන බවත්, ඒ හිම වනයෙහි දියණිය ලෙස බවත් කියා සිටියේය. සාති පාර්වතී නමින් නැවත උපන්නාය. රාමයණයේ කියැවෙන පරිදි "ගංගා" ගඟ ඇගේ වැඩිමහල් සොහොයුරිය වේ. නමුත් පාරිවම්සාවට අනුව පාර්වතීට ඒක් අපර්ණා හා ඒක්පාටාලා ලෙස බාල‍සොයුරියන් දෙදෙනක් සිටී.
 
 
පාර්වතී යොවුන් වියට එළඹෙත්ම ඇය තපසට යොමු විය. මේ ඇයගේ යටිසිත ඇයට බලකිරීම නිසායි. නමුත් ඇය නැවතත් ශිව සමඟ එක් විය. තපස් ගත වී අවුරුදු ගණනාවකට පසු ශීව ඇගේ ඉදිරියේ පෙනී සිටියේය. නමුත් ඒ තත්පර කිහිපයකට පමණි. මින් සිදුවුයේ පාර්වතී තවදුරටත් දුකට පත්වීමයි. පසුව ශිව මහලු මිනිසෙකුගේ වේශයෙන් පාර්වතී ඉදිරියේ පෙනී සිට ඇය වැනි රූමත් කාන්තාවක් දිවි හම අඳින, ඇග පුරා අළු තවරා සිටින පුරුෂයකු ගැන සිහින මවමින් කුමක් කරන්නේ දැයි ඇසීය. පාර්වතී මෙයින් බලවත් අමනාපයට පත්ව තම ආදරවන්තයාට එවැන්නක් කීම ගැන මහල්ලාට බලවත් ලෙස බැණ වැඳිණි. මෙම ක්‍රියාවෙන් පාර්වති තමන් කෙරෙහි දක්වන ආලය තේරුම් ගත් ශිව සිය සැබෑ ස්වරූපයෙන් පෙනී සිටියේය. මෙසේ තපස් රැක, පාර්වතී තම සැමියා නැවත ලබාගත්තාය. කාලිදාසයන්ගේ වීරකාව්‍යයක් වන " කුමරසම්භවම්" හි පාර්වතීගේ සුන්දරත්වය, ශිව ලබාගැනීමට තිබු කැපවීම, කාමදේව විනාශ කළ අයුරු, ස්කන්ධගේ අතිවිචිත්‍ර උපත (ශිවගේ පළමු පුත්‍රයා) හා කාම දේවගේ නැවත පැමිණිම ගැන සටහන් වේ.
 
 
ශිව පුරාණය යනු ශිව හා පාර්වතීගේ විවාහය කියැවෙන ලියවිල්ලකි. මෙම කථාවේ උපදේශය වනුයේ කොතරම් විරෝධතා හා බාධක මැද වුවත් විමුක්තිය ලබා ගැනීමට හැකියාව ඇත යන්නයි.
 
 
මොහොතකට ශිව දෙවිඳු පුරුෂයකු ලෙස නොව සියලු මනුෂ්‍යයාට දැනෙන දුක් පීඩා ඉක්මවු අයෙක් ලෙස ගතහොත් පාර්වතී නිර්වාණය ලබාගැනීමට උත්සාහ කරන්නකු ලෙස විද්‍යාමාන වේ. එසේම මෙම කථාව හුදෙක් ප්‍රේම වෘතාන්තයක් නොව ඊට වැඩියමක් බව පිළිඹිබු වේ.
 
 
පාර්වතීගේ තපස ශිව දෙවිඳු විවාහ කර ගැනීමේ අරමුණින් කරන ලද්දක් බව ඒත්තු ගැන්වීමට කතෘ ආචාර්යවරු දක්වා ඇත. මෙයට හේතුව තරුණ කාන්තාවන් පාර්වතී උදාහරණයට ගෙන ඇය මෙන් කටයුතු කර නිෂ්ක්‍රමණය කිරීම වැළැකීමයි. ඒ කෙසේ වෙතත් බොහෝ ස්ථාන වල පාර්වතීගේ තපස ගැන කියවේ.
"https://si.wikipedia.org/wiki/පාර්වතී_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි