"පරිසර විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
 
පරිසර විද්‍යාව (Ecology) යන පදය මුලින්ම හදුන්වා දී ඇත්තේ ජර්මානු ජිව විද්‍යාශයෙකු වන [[අර්නස්ථ හැකල්]] විසින් 1866 දීය. ඔහුගේ අර්ථ දැක්විමට අනුව පරිසර විද්‍යාව යනු ජීවත් සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවයේ විස්තර සහිත අධ්‍යයනයයි. නමුත් ඔහු මෙම සංකල්පය විස්තරකර නොමැත. මෙ විෂයට අදාල පලුම වැදගත් ග්‍රන්තය රචනා කර ඇත්තේ ඩෙන්මාක උද්භිත විද්‍යායෙකු වන Eugenius warming විසින් එකින පරිසරය විද්‍යාවේ නිර්මාතෘ ලෙස සලකන්නේ Waiming ය.
පාරිසරික විද්‍යාව යනු පරිසරයේ ඇති භෞතික රසායනික සහ ජීව විද්‍යාත්මක කොටස් අතර පවතින අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ‍්‍යයනය කිරීමයි.පාරිසරික විද්‍යාව,පරිසර පද්ධති පිළිබඳව සමෝධානිත,ප්‍රමණාත්මක සහ අන්තර් ක්ෂේත්‍ර අධ‍්‍යයනයට මඟපාදයි.පාරිසරික විද්‍යාඥයන් පරිසරයේ ගුණාත්මක බව පවත්වා ගැනීම මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා භෞතික හා ජලජ පරිසර වලට සිදුවන බලපෑම් පහදා දීම භෞමික සහ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා ක්‍රම සැකසීම සිදුකරයි.ඊට අමතරව සැලසුම් සකසන්නන් හට ගොඩනැගිලි, ගමනාගමනය සඳහා මාර්‍ග ඉදිකිරීම හා වැඩිදියුණු කිරීමේ කටයුතු සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම කාර්යක්ෂම ලෙස සහ ප්‍රයෝජනවත් ලෙස භූමිය බාවිතා කිරීම ආදී කටයුතු වලදී සහයවේ.පාරිසරික විද්‍යාව ක්ෂෙත්‍ර ගණනාවක් තුල පැතිරී අති නිසා පර්යේෂණ කිරීමෙදී හෝ පාරිසරික බලපෑම් ප්‍රකාශ සැකසීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත (NEPA) අනුව හෝ රාජ්‍ය නීතිය යටතේ වෘත්තීය වේදීන් කණ්ඩායම් වශයෙන් එකට එක්වී ක්‍රියා කරයි.අනෙක් වෘත්තීයවේදී සංගම් පරිසර විද්‍යාවතුල රැකියා ඉපදවීම සහ විවිධ විද්‍යාවන් අතර සංනිවේදනයට උපකාරීවේ.
 
බොහෝ පාරිසරික ගැටළු මිනිසාගේ ක්‍රියකරකම් හා සම්බන්ධවන බැවින් ආර්ථික විද්‍යාව නීතිය හා සමජ විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කිරීම නිරන්තරයෙන් පරිසර විද්‍යාවේදී යොදාගැනේ.
 
පාරිසරික විද්‍යාව දේශගුණ විපර්යාස, සංරක්ෂණය, ජෛව විව්ධත්වය, ජලයේ ගුණාත්මකබව, භූගත ජල දූෂනය, පස දූෂණය වීම , ස්වභාවික සම්පත් භාවිතා කිරීම, කසළ කළමණාකරනය, තිරසාර සංවර්ධණය, වායු දූෂණය සහ ශබ්ද දූෂණය ආදී ගැටළු ගණනවක් ආවරණය කරයි.
 
විද්‍යාව පැවතෙන කාළයේ පටන් පරිසරය පිළිබඳ අධ්‍යයනය කළද මෑත කාළයේදී පාරිසරික පද්ධති පිළිබඳ අධ්‍යයනය කිරීමේ උනන්දුව ස්වාධින,ක්‍රියාකාරී ක්ෂේත්‍රයක් ලෙස 1960 සහ 1970 දශක වල ආරම්භවී ඇත. මේ නිසා සංකීර්ණ පාරිසරික ගැටළු විශ්ලෙෂණයෙදී, විශේෂ පරිසරික කෙටුම්පත් වලදී අවශ‍යවන ස්වාධින පාරිසරික නීති සමීක්ෂණයේදී සහ පාරිසරික ගැටළු පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේදී විවිධ ක්ෂේත්‍ර වල අද්දැකීම ඇති විශාල කණ්ඩායමක අවශ්‍යතාවය ඇති වී ඇත
 
 
==වර්ගීකරණයේ සත්ත්ව විද්‍යාත්මක පද්ධති.==
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/168470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි