"සැප්තැම්බර් 11 ප්‍රහාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය:
|perps=[[Al-Qaeda]] led by [[Osama bin Laden]]<br /><small>(see also [[Responsibility for the September 11 attacks|Responsibility]] and [[Hijackers in the September 11 attacks|Hijackers]])</small>
}}
 
{{Campaignbox al-Qaeda attacks}}
'''සැප්තැම්බර් 11''' වනදා උදෑසනම ත්‍රස්තවාදීන් 19 ලොගන් ජ්‍යාතන්තර ඩල්ස් ජ්‍යාතන්ත රසහ හෙවාර්ක් ගුවන් තොටුපලවල් වල සිට කැලිෆෝනියා වෙත ගමන් කරමින් සිටි වෙළද ගුවන් යානා හතරක් පැහැර ගන්නා ලදී. ත්‍රස්තවාදීන් ඇමරිකන් එයාර් ලයින්ස් ෆ්පයිට් 11 සහ යුනයිටඩ් එයාර්ලයින්ස් ෆ්ලයිට් 175 යන යානා දෙක උතුරැ හා දකුණු කුළු‍ණ වෙත පියාසර කරවන ලදී. තවත් ගුවන් කොල්ලකරැවන් පිරිසක් ඇමරිකන් එයාර්ලයින් ෆ්ලයිට් 77 පෙන්ටගනයත් 4වන යානාව වන යුනයිටඩ් එයාර්ලයින් ෆ්ලයිට් 93 ඇ.එ.ජ මහ මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලේ හැපීමට ප්‍රථම පෙනිසිල්වේනියා හී හැන්ක්ස්විල් හිදී අනතුරට පත් විය.
 
24 පේළිය:
20වන ශතවර්ෂයේ අග භාගය පුරා ත්‍රස්තවාදී සංවිධාන විසින් ඇ.එ.ජට සහ එහි මිත්‍ර රටවල් වලට එරෙහිව ප්‍රහාර එල්ල කරන ලදී. 1998 කෙන්යා හා ටැන්සානියා තානාපති කාර්්‍යාල වලට එල්ල වු ප්‍රහාර වලට පසුව බිල් ක්ලින්ටන් විසින් සුඩාන හා ඇෆ්ගනිස්ථාන අල්කයිඩා ඉලක්කවලට එරෙහිව බෝම්බ ප්‍රහාර එල්ල කරමින් අසීමාන්තික මෙහෙයුම ආරම්භ කරන ලදී. මෙම ඉලක්ක අතරට සුඩානයේ 90% වන මැලේරියා මර්දන ඖෂධ නිපදවන ඖෂධ කර්මාන්ත ශාලාවක් ද විය. 2000 ඔක්තෝම්බර් වන විට 2001 සැප්තැම්බර් ප්‍රහාරයට ප්‍රතිඋත්තරයක් ලෙස ඇ.එ.ජ Cole බෝම්බ ප්‍රහාර දියත් කරන ලදී. පසුව සදහන් කළ ප්‍රහාරයෙන් පසුව එක්සත් ජනපදය පුරා ¨තීරණාත්මක ප්‍රතිචාර ¨ මගින් සිවිල් වැසියන් තවදුරටත් ඝාතනය වන බවට තර්ක ඉදිරිපත් වියි. බුෂ් පරිපාලනය මගින් ඉරාක ආක්‍රමණය සාධාරණීකරණය කිරිමට ¨ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය¨ යොදා ගැනීම ප්‍රධාන වශයෙන් මතබේදයට තුඩු දුන් කාරණයකි. අල්කයිඩා හා සදාම් හුසේන් අතර සෘජු සම්බන්ධයක් තිබුනේ යැයි ඉදිරිපත් වු මත මෙම සිද්ධිය විමර්ෂණයට ලක් කරන සියළු පරික්ෂණ කන්ඩායම් බැහැර කර ඇත.
වර්ෂ 2001දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කළ 1373 යෝජනාවට අනුව සියළු රටවල් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට සහය නොදැක්වීම, මුල්‍ය ආධාර සහ රැකවරණය ලබා නොදීඹ මෙන්ම ත්‍රස්කවාදී ක්‍රියා සැළසුම් කරන කණ්ඩායම් සදහා තොරතුරැ ලබා දීම වැළැක්වීමට රටවල් කටයුතු කළ යුතු වේ. වර්ෂ 2005 දී ආරක්ෂක මණ්ඩලය විසින් 1624 යෝජනාවට අන්ව රටවල් ජ්‍යාතන්තර මානව අයිතිවාසිකම් නිතීන්ට අනුකූලව ක්‍රියා කිරිමේ අවශ්‍යතාවය සහ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරිම පෙළඹවීම යන කාරනා අන්තර්ගත වේ.කෙසේ වුවත් මෙම යෝජනා 2න්ම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම පිළිබදව අනිවාර්‍යය වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වුවද ඇ.එ.ජ. හා ඊශ්‍රාලය යන රටවල් 2 විසන්ම එම වාර්තාව ඉදිරිපත් කිරිම පැහැර හැර ඇත.
 
==දේශීය ප්‍රතිචාර==
ජනාධිපති බුෂ් කොංග්‍රස් ඒකාබද්ධ සැසියක් අමතයි. දිනය 2001 සැප්තැම්බර් මස 20.
 
2001 සැප්තැම්බර් මස 20 වැනි දින ජනාධිපති බුෂ්, ජාතිය සහ එක්සත් ජනපද කොංග්‍රසයේ ඒකාබද්ධ සැසිය අමතා එදින සිදු වූ දේවල්ද, ගලවා ගැනීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු කෙරුනු දින 9 ක කාලය පිළිබඳවද, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඔහුගේ අභිලාෂයන් ගැනද කථා කළේය. ඊට අතිරේකව නිව් යෝර්ක් නගරාධිපති රූඩි ගුයිලියානිගේ අති විශිෂ්ඨ කාර්ය භාරය මුලු ජාතියේම සහ නිව් යෝර්ක් වැසියන්ගේ මහත් ප්‍රසාදයට ලක් විය. ප්‍රහාරයෙන් හානි සිදු වූ පුද්ගලයින්ට සහන සැලසීමටද, ඒ සමග ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අයට සහ ප්‍රහාරයට ගොදුරු වූ අයගේ පවුල් වලට මූල්‍ය පහසුකම් සැලසීමේ භාරදූර කාර්යය සඳහාද බොහෝ අරමුදල් සපයන සංවිධාන බිහි විය. පීඩාවට පත් වූ අයට වන්දි ගෙවීම සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීමේ අවසාන දිනය වූ 2003 සැප්තැම්බර් මස 11 වැනි දින මිය ගිය අයගේ පවුල් වලින් ලැබුනු ඉල්ලුම්පත් සංඛ්‍යාව 2833 ක් විය.
 
රජයේ තිර පැවැත්ම සඳහා හදිසි අවස්ථානුකූල සැලසුම්, නායකයින්ගේ හිඟය සම්පූර්ණ කිරීම් ආදිය ප්‍රහාරයෙන් පසු කඩිනමින් සිදු විය. රජයේ තිර පැවැත්ම යටතේ එක්සත් ජනපදය පවතින බව 2002 පෙබරවාරි දක්වා කොංග්‍රසයට දන්වනු නොලැබුනි.
 
එක්සත් ජනපදය තුල, 2002 මාතෘ භූමි ආරක්ෂක පනත කොංග්‍රසයෙන් සම්මත වූ අතර ජනාධිපති බුෂ් එයට අත්සන් කළේය. එය සමකාලීන ඉතිහාසය තුල එක්සත් ජනපදය නැවත ගොඩනැංවීමේ මහා වැඩ පිළිවෙල මූර්තිමත් කිරීමක් හා සමාන විය. කොංග්‍රසය එක්සත් ජනපද ස්වදේශාභිමානී පනත යනුවෙන්ද පනතක් සම්මත කළ අතර ත්‍රස්තවාදය හා වෙනත් අපරාධ ගැන සෙවීම හා නීතිමය කටයුතු කරගෙන යාමට එය උපකාර වන බව විස්තර විය. මහජන නියෝජිත කණඩායම් මෙම පනත විවේචනය කළහ. එයට හේතුව වූයේ ඒ මගින් රටවාසීන‍්ගේ පෞද්ගලිකත්වය හාරා අවුස්සා බැලීමට නීතිය මගින් ඉඩ ලැබෙන බවත්, නීතිය ක්‍රියාත්මක කිරිමට තිබෙන අධිකරණ බලය සහ දේශීය බුද්ධි සේවා තොරතුරු රැස් කිරීම ඉවත් වන බවත් ඔව්හු ප්‍රකාශ කිරීමයි. බලපත්‍රයක් නොමැතිව එක්සත් ජනපදය සහ පිටරට සිටින ජනතාව අතර ඊ-මේල් සම්බන්ධතා සෙවිම, සහ දුරකථන සංවාදයන්ට හොරෙන් සවන් දීමට ජාතික රහස් ආරක්ෂක නියෝජන මෙහෙයුමක් ආරම්භ කිරීමට කාරණයක් ලෙස බුෂ් පාලනය 9/11 සිද්ධිය උපකාර කර ගත්තේය.
 
[[als:11. September 2001]]
"https://si.wikipedia.org/wiki/සැප්තැම්බර්_11_ප්‍රහාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි