"සැප්තැම්බර් 11 ප්‍රහාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
2001 සැප්තැම්බර් 11වනදා උදෑසනම ත්‍රස්තවාදීන් 19 ලොගන් ජ්‍යාතන්තර ඩල්ස් ජ්‍යාතන්ත රසහ හෙවාර්ක් ගුවන් තොටුපලවල් වල සිට කැලිෆෝනියා වෙත ගමන් කරමින් සිටි වෙළද ගුවන් යානා හතරක් පැහැර ගන්නා ලදී. ත්‍රස්තවාදීන් ඇමරිකන් එයාර් ලයින්ස් ෆ්පයිට් 11 සහ යුනයිටඩ් එයාර්ලයින්ස් ෆ්ලයිට් 175 යන යානා දෙක උතුරැ හා දකුණු කුළු‍ණ වෙත පියාසර කරවන ලදී. තවත් ගුවන් කොල්ලකරැවන් පිරිසක් ඇමරිකන් එයාර්ලයින් ෆ්ලයිට් 77 පෙන්ටගනයත් 4වන යානාව වන යුනයිටඩ් එයාර්ලයින් ෆ්ලයිට් 93 ඇ.එ.ජ මහ මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලේ හැපීමට ප්‍රථම පෙනිසිල්වේනියා හී හැන්ක්ස්විල් හිදී අනතුරට පත් විය.
 
යානා පැහැර ගන්නා අතරතුර සමහර මගින් හා ගුවන් සේවකයන්ට ගුවන් දුරකතන හා පෞද්ගලික දුරකතන මගින් ඇමතුම් ලබා ගැනීමට හැකිවී ඇත. ඔවුන් පවසා ඇත්තේ ගුවන් යානය තුල ගුවන් කොල්ලකරුවන් කිහිපදෙනෙක් ඇති බවයි. ත්‍රස්තවාදින් විසින් පිහි සහ boxබොක්ස් cutter Knivyකටර් නිවී පිහි යොදාගෙන ගුවන් යානා සේවකයන් සහ අවම වශයෙන්, යානා 11 හි නියමු ජෝන් ඔගොනොවිස්කිද ඇතුළුව, එක් මගියෙක් හෝ එක් නියමුවෙක් මරා දමන්නට ඇතැයි සැළකේ. පළමු පංතියේ මැදිරියෙන් මගින් ඇත්ව තැබිම පිණිස ත්‍රස්තවාදීන් විසින් ඇමරිකන් 11 හා යුනයිටඩ් 175 යානාවන් හිදි කදුළු ගෑස් හෝ ගම්මිරිස් ඉසිනයක් යොදා ගෙන ඇතැයි හෙළිදරව් වී ඇත. 9/11 කොමිසමේ වාර්තාවට අනුව බෝම්බ ඇත්ත ඒවා නොවේ. එම 9/11 වාර්තාවට අනුව යානා පැහැරගත් අය අතරින් දෙදෙනෙකු Leathermanලේදර්මන් බහු කාර්ය අත් ආයුධය මිලදී ගෙන ඇත.
 
2001 සැප්තැම්බර් 11 වනදා ප්‍රහාරයට පිළිතුරක් වශයෙන් ඇ.එ.ජනපදය දියත් කරන ලද හමුදාමය, දේශපාලණමය සහ නිතීමය ක්‍රියාමාර්ග පොදුවේ ˝ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය˝ යනුවෙන් හැදින්වේ. ඇ.එ.ජ ජනපදයට අනුව මෙම ක්‍රියාමාර්ගයේ ප්‍රධාන අභිලාෂ වන්නේ ත්‍රස්තවාදී තර්ජන මැඩපැවැත්වීම, ත්‍රස්තවාදී ක්‍රියාවන් වැළැක්වීම සහ අල්-කයිඩා වැනි සංවිධානවල බලපෑමඅවම කිරිමයි. මෙම යුද්ධය සහ එහිදී භාවිතා වන ප්‍රතිපත්තීන් නිරන්තර විවාදයට ත්‍රඩු දෙන කාරනා බවට පත්ව ඇත. විවේචකයින් තර්ක කරන පරිදි ඒකපාර්ශවීය‍ව සතුරන් නිෂ්ක්‍රීය කරන යුද්ධයක්, මානව අයිතිවාසිකම් උල්ලංගණය සහ වෙනත් ජ්‍යාතන්තර නීති උල්ලංගණය සාධාරණීකරණය කිරිමට මෙය යොදා ගෙන ඇත.
 
බලන්න: ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ලැයිස්තුව
20වන ශතවර්ෂයේ අග භාගය පුරා ත්‍රස්තවාදී සංවිධාන විසින් ඇ.එ.ජට සහ එහි මිත්‍ර රටවල් වලට එරෙහිව ප්‍රහාර එල්ල කරන ලදී. 1998 කෙන්යා හා ටැන්සානියා තානාපති කාර්්‍යාල වලට එල්ල වු ප්‍රහාර වලට පසුව බිල් ක්ලින්ටන් විසින් සුඩාන හා ඇෆ්ගනිස්ථාන අල්කයිඩා ඉලක්කවලට එරෙහිව බෝම්බ ප්‍රහාර එල්ල කරමින් අසීමාන්තික මෙහෙයුම ආරම්භ කරන ලදී. මෙම ඉලක්ක අතරට සුඩානයේ 90% වන මැලේරියා මර්දන ඖෂධ නිපදවන ඖෂධ කර්මාන්ත ශාලාවක් ද විය. 2000 ඔක්තෝම්බර් වන විට 2001 සැප්තැම්බර් ප්‍රහාරයට ප්‍රතිඋත්තරයක් ලෙස ඇ.එ.ජ Cole බෝම්බ ප්‍රහාර දියත් කරන ලදී. පසුව සදහන් කළ ප්‍රහාරයෙන් පසුව එක්සත් ජනපදය පුරා ¨තීරණාත්මක ප්‍රතිචාර ¨ මගින් සිවිල් වැසියන් තවදුරටත් ඝාතනය වන බවට තර්ක ඉදිරිපත් වියි. බුෂ් පරිපාලනය මගින් ඉරාක ආක්‍රමණය සාධාරණීකරණය කිරිමට ¨ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය¨ යොදා ගැනීම ප්‍රධාන වශයෙන් මතබේදයට තුඩු දුන් කාරණයකි. අල්කයිඩා හා සදාම් හුසේන් අතර සෘජු සම්බන්ධයක් තිබුනේ යැයි ඉදිරිපත් වු මත මෙම සිද්ධිය විමර්ෂණයට ලක් කරන සියළු පරික්ෂණ කන්ඩායම් බැහැර කර ඇත.
වර්ෂ 2001දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කළ 1373 යෝජනාවට අනුව සියළු රටවල් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට සහය නොදැක්වීම, මුල්‍ය ආධාර සහ රැකවරණය ලබා නොදීඹ මෙන්ම ත්‍රස්කවාදී ක්‍රියා සැළසුම් කරන කණ්ඩායම් සදහා තොරතුරැ ලබා දීම වැළැක්වීමට රටවල් කටයුතු කළ යුතු වේ. වර්ෂ 2005 දී ආරක්ෂක මණ්ඩලය විසින් 1624 යෝජනාවට අන්ව රටවල් ජ්‍යාතන්තර මානව අයිතිවාසිකම් නිතීන්ට අනුකූලව ක්‍රියා කිරිමේ අවශ්‍යතාවය සහ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරිම පෙළඹවීම යන කාරනා අන්තර්ගත වේ.කෙසේ වුවත් මෙම යෝජනා 2න්ම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම පිළිබදව අනිවාර්‍යය වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වුවද ඇ.එ.ජ. හා ඊශ්‍රාලය යන රටවල් 2 විසන්ම එම වාර්තාව ඉදිරිපත් කිරිම පැහැර හැර ඇත.
"https://si.wikipedia.org/wiki/සැප්තැම්බර්_11_ප්‍රහාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි