"පුරාවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
8 පේළිය:
මේ සඳහා පුරාවිද්‍යාඥයින් තොරතුරු එක්රැස්කරගන්නා ක්‍රම කීපයකි. පුරාවිද්‍යාත්මක කැණීම්, වර්ගීකරණයන්, විශ්ලේෂණය කිරීම් හා සංරක්ෂණය කිරීම් ඒ අතරින් සමහරක් වේ. පොදුවේ මෙම විෂය මානව විද්‍යාව, ඉතිහාසය, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව වැනි විෂයන් ගණනාවක සංකලනයක් ලෙස ගෙනහැර දැක්විය හැක.
 
 
==පුරාවිද්‍යා න්‍යායන්==
 
සත්‍ය වශයෙන්ම පුරාවිද්‍යාව හා බැඳුණු එක් න්‍යායක් ඇතැයි පැවසීම සාවද්‍ය එමෙන්ම ඒ හා බැඳුනු නිර්වචනයන්ද ඇතැම්විට නොයෙකුත් වාද විවාදයන්ට තුඩු දී ඇත.
 
1920 දී පමණ පුරාවිද්‍යාව මුල්වරට හඳුන්වනු ලැබූයේ එය සංස්කෘතිය හා ඉතිහාසය සම්බන්ධ විෂයක් ලෙසටය. මුල් වරට පුරාවිද්‍යාත්මක පර්යේෂණ ඇරඹුනේ ඇමරිකාවේ නිරිතදිග හා වයඹදිග වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශවලය. මෙහිදී ර්‍ණෘසරුජඑ ්‍යසිඑදරසජ්ක Aචචරද්ජය” යන ක්‍රමය අනුගමනය කෙරුනු අතර ඒ සඳහා පුරාණ ඓතිහාසික වාර්තා මහත් රුකුලක් විය. එම වාර්තා පුස්තකාල වලින් සපයාගත හැකිවිණි.
 
1960 දී ඇමෙරිකානු පුරාවිද්‍යාඥයන් වූ ලූවිස් බින්ෆෝර්ඩ් හා කේන්ට් ෆ්ලැනරි එවකට පැවති පුරාවිද්‍යා ශිල්පීය ක්‍රම වලට අභියෝග කර නව ක්‍රමවේදයක් හඳුන්වා දුන්හ. එය වනාහි ගොඩනගාගත් කල්පිත මත සිදුකරන විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේදයකි.
 
1980 දී බි්‍රතාන්‍යය පුරාවිද්‍යාඥයන් වන මයිකල් ෆැන්ක්ස්, ක්‍රිස්ටෝපර් ටිලී, ඩැනියල් මිලර් හා ඉයන් හොඩර් විසින් මෙම ක්‍රමය අපක්ෂපාතී ක්‍රමයක් නොවන බව පෙන්වා දෙන ලදි. කෙසේ වෙතත් ඔවුන් විසින් පෙන්වා දෙන නව ක්‍රමයක් පෙර භාවිතා වූ කල්පිතමය ක්‍රමයක් තවමත් වෙන් වෙන් වශයෙන් නොවූවත් පර්යේෂණ සඳහා භාවිතා වේ. වර්තමානයේ පුරාවිද්‍යාඥයන් සිය පර්යේෂණ සඳහා ඩාවින්වාදය, ෙසෙලවාදය වැනි විද්‍යාත්මක සංකල්ප භාවිතා කර ගැනීමට පෙළඹී ඇත.
 
== පුරා විද්‍යාවේ ඉතිහාසය ==
"https://si.wikipedia.org/wiki/පුරාවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි