"රක්‍ෂණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.5.2) (robot Adding: mk:Осигурување
2 පේළිය:
රක්ෂණය නිර්වචනය වන්නේ එක් පාර්ශවයක සිට තවත් පාර්ශවයකට අලාභයක අවදානම සාධාරණව සහ අපක්ෂපාතීව මාරුකිරීමයි. එය වාරිකයක් මගින් හුවමාරුවේ. රක්ෂණකරු වන්නේ රක්ෂණය අලෙවිකරන සමාගමයි. රක්ෂණ අනුපාතය යන්නේ ප‍්‍රමාණය තීරණය කරගැනීමට යොදාගන්නා සාධකයකි. එය වාරිකයක් ලෙස හඳුන්වයි. රක්ෂණ ආවරණය ලබාගැනීම යනු එක්තරා මිලකට ගෙවිය යුතු ප‍්‍රමාණය වේ. අවදානම් කළමනාකරණය යනු අවදානම ඇගයීමකට ලක්කොට පාලනය කිරීමේ පරිචියයි. එය වෙනස් අධ්‍යයන සහ පරිචි ක්ෂේත‍්‍රයක් බවට පරිණාමය වී ඇත.
 
*'''අබලතා රක්ෂණ '''
· අබලතා රක්ෂණ තුළින් ගිවිසුම්කරුවෙකු ආබාධිත තත්ත්වයට පැමිනෙන රෝගයකින් හෝ අනතුරකින් රැකියාවක් කිරීමට අපොහොසත් වන අවස්ථාවලදී මූල්‍ය සහය සපයයි. එය මාසික සහනයක් ලබාදෙන්නේ උගස් කිරීම් සහ ක්‍රෙඩිට් කාඞ්පත් හා සම්බන්ධ වගකීම් ඉටුකිරීමටය.
· පූර්ණ ස්ථිර අබලතා රක්ෂණය මගින් පුද්ගලයෙකු සදහටම ආබාධිත තත්වය පැමිණුනහොත් සහ ඔහුට ඔහුගේ වෘත්තියෙන් මින් මත්තට සේවය කිරීමට නොහැකිනම් රක්ෂණ සමාගම මගින් ප‍්‍රතිලාභ ලබාදේ. බොහෝ විට මෙය ජීවිත රක්ෂණයකට අමතරව ගන්නා රක්ෂණ ආවරණ ක‍්‍රමවේදයකි.
· අබලතාවකදී පිරිවැය රක්ෂණය හිමිකාර ව්‍යාපාරිකයන්ට ඔවුන්ට එම ව්‍යාපාරයේ යෙදිය නොහැකි අවස්ථාවකදී පිරිවැය ආවරණය වන රක්ෂණ ක‍්‍රමයකි.
 
*'''සේවක වන්දි රක්ෂණ '''
· සේවක වන්දි රක්ෂණය සේවකයෙකුගේ වේතනය හෝ වේතනයෙන් කොටසක් සහ සෞඛ්‍ය සේවා වියදම් රැකියාවට සම්බන්ධ අනතුරකදී කි‍්‍රයාත්මක වේ.
 
*'''විපත් රක්ෂණය රක්ෂණ '''
· විපත් රක්ෂණය නිශ්චිත දේපලකට අවශ්‍යවශයෙන්ම සම්බන්ධ නැති අනතුරු ආවරණය කිරීමේ රක්ෂණයකි.
 
*'''අපරාධ රක්ෂණ '''
· අපරාධ රක්ෂණය යනු ගිවිසුම්කරුවාට විපතට පත්වෙන අවස්ථාවකදී එමගින් ඇතිවන අලාභහානි ආවරණය කරගැනීමට ගන්නා රක්ෂණ වර්ගයකි. මෙම හටගැනීම් සිදුවන්නේ තුන්වන පාර්ශවීය අපරාධකාරී කි‍්‍රයාවලින්ය. උදාහරණයකට සමාගමකට සොරකම් කිරීමෙන් හෝ බලහත්කාරයෙන් ගන්නා මුදල්වලින් සිදුවන අඩුපාඩුව ආවරණය කිරීමෙට මෙම අපරාධ රක්ෂණයක් ලබාගත හැක.
 
*'''දේශපාලනම අවදානම් රක්ෂණ '''
· දේශපාලනම අවදානම රක්ෂණය වන ක‍්‍රම යනු විපතට පත්වූවන්ගේ රක්ෂණ ක‍්‍රමයේ තවත් හැඩයකි. විප්ලවයක හෝ වෙනත් අවදානම් සහගත දේශපාලන තත්වයන් නිසා වෙනින් රටකදී සිදුවිය හැකි අලාභ ආවරණය කරගැනීමට සමාගමක් විසින් ලබාගත හැකි රක්ෂණයකි.
 
*'''ජීවිත රක්ෂණ '''
· පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින්ට හෝ වෙනත් නිර්දේශිත වාසි ලබන්නෙකු වෙනුවෙන් මරණ වියදම් සහ අනෙකුත් වියදම් සම්පූර්ණ කිරීමට ලබාගන්නා ජීවිත රක්ෂණයයි. මෙම ගිවිසුම් එම හිමිකරුවාට එකවර හෝ කාලීන වශයෙන් ගෙවීම් සිදුකරයි.
·
· වාර්ෂිකව කරන ගෙවීම් සාමාන්‍යයෙන් වර්ගීකරණය කෙරෙන්නේ රක්ෂන වශයෙනි. ඊට හේතුව ඒවා නිකුත් කරන්නේ රක්ෂණ සමාගම් විසින් සහ පාලනය වන්නේ රක්ෂණයක් අනුවය. එමනිසා ඒ ආකාරයේම මූල්‍යමය සහ ආයෝජන කළමනාකරණ ව්‍යවසායක රක්ෂණය මෙන්ම මෙතැනදීද යෙදේ. වාර්ෂිකව හෝ විශ‍්‍රාම වැටුපක් හා සමානව ගෙවෙන ජීවිත රක්ෂණය විශ‍්‍රාම ලත් පුද්ගලයෙකු ඔහුගේ හෝ ඇයගේ මූල්‍ය සම්පත් අභිබවා ජීවත්වීමේ හැකියාව ආවරණය කිරීමට යොදාගැනේ. එක්තරා ආකාරයකින් ජීවිත රක්ෂණයට අමතරව තිබෙන දෙයකි. වගකීම් බාරගන්නා දර්ශනය අනුව මෙය ජීවිතාරක්ෂණයේ කැඩපත් රූපයක් වේ.
 
· සමහර ජීවිත රක්ෂණ ගිවිසුම් එකතුවන මූල්‍ය අගයන් රක්ෂණය වූ පුද්ගලයා විසින් ගිවිසුම ආපසු හැරවීමේදී හෝ ඒ වෙනුවෙන් ණය ලබාගන්නා විටදී කි‍්‍රයාත්මක කළ හැක. සමහර ගිවිසුම්වලදී මෙවැනි වාරික ගෙවීම් සහ අනුරක්ෂණ ගිවිසුම් අවශ්‍ය විටදී ලබාගන්නා එක්රැස්වුනු හෝ ද්‍රවශීල වත්කම සනාත කරන මූල්‍යමය උපකරණ වේ.
·
· එක්සත් ජනපදයේ හෝ එක්සත් රාජධානියේ සහ බොහෝ වෙනත් රටවල බදු නීතිය යටතේ මෙම මූල්‍ය අගයේ ලාභ ප‍්‍රතිශතය සමහර තත්ත්වයන් යටතේ බදුවලට ලක්නොවේ. මෙමගින් ජීවිත රක්ෂණය ඉතිරිකිරීමේ බදු කාර්යක්ෂම ක‍්‍රමවේදයක් ලෙස බහුලව භාවිතා වන අතර එය අකල්මරණයකදී සිදුවිය හැකි අලාභ මගහැරීමකි.
·
· එක්සත් ජනපදයේදී ද ජීවිත රක්ෂණ ගිවිසුම්වලින් ලැබෙන ආදායම සාමාන්‍ය වශයෙන් බදුවලින් තොරවේ. ඒ කෙසේ වෙතත් සමහර අවස්ථාවලදී මෙම බදු ගැනීමෙන් ලැබෙන ප‍්‍රතිලාභවල අගය ඉතා අඩුවිය හැක . මෙය රඳාපවතින්නේ රක්ෂණ සමාගම, ගත් රක්ෂණ වර්ගය සහ වෙනත් විචල්‍යයන් මතය (මරණ අනුපාතය, වෙළඳපලෙන් ලැබෙන ප‍්‍රතිලාභ සහ වෙනත්). තවදුරටත් ආදායම් බදු අවම කරගැනීමේ වාහන හැටියට වඩා හොඳ විකල්ප දිය හැක. අඩුවියදම් ජීවිත රක්ෂණයක් සහ ඉහළ අගයක් ලබාදෙන බදු කාර්යක්ෂම විශ‍්‍රාම යෑමේ ගිණුමක සංයෝගයක් වඩා හොඳ ආයෝජන ප‍්‍රතිලාභයක් ගෙන දිය හක.
 
[[Category:රක්ෂණය]]
"https://si.wikipedia.org/wiki/රක්‍ෂණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි