"පොදු නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
9 පේළිය:
පොදු නීතියේදී භාවිතා කළ මෙම තර්කනය ධර්මාධර්ම විචාරය නොඑසේනම් සිද්ධිය මත පදනම්වූ තර්කනය ලෙසින් හැඳින්වේ. තෝරත ලෙස හඳුන්වනු ලැබූ වරදකාරී කිර්ජරයාවන්ට (නොසැලකිල්ල සහ වුවමනාවෙන්ම සිදුකළ කිරේ දයාවන් යන දෙකටම) වන්දි ලබාදීම, ගිවිසුම් පිලිගන්නා හා නියාමනය කරන ආකෘතියක් ලෙස නීතිය ගොඩනැංවීම ආදී සිවිල් නඩු කටයුතු සඳහා පොදු නීතිය අදාල කරනු ලැබිණ. පොදු නීති කරය් මයේ අධිකරණයන් තුල අනුගමනය කරනු ලැබූ කාර්ය පටිපාටියවූයේ පොදු නීතිය විසින්ම වර්ධනය කරන ලද කරයේ මයක් වූ චෝදනාත්මක කරයු මයයි.
 
==පොදු නීති පද්ධතිය==
එංගලන්තය සහ වේල්සය, උතුරු අයර්ලන්තය, අයර්ලන්තය, එක්සත් ජනපදයේ පෙඩරල් නීතිය සහ ප‍්‍රාන්ත නීති (ලූයිස්යානා හැර) , කැනඩාවේ පෙඩරල් නීතිය සහ පළාත් නීති (ක්විබෙක් සිවිල් නීතිය හැර), ඕස්ටේ‍්‍රලියාව (පෙඩරල් හා ප‍්‍රාන්ත) , නවසීලන්තය, දකුණු අපි‍්‍රකාව, ඉන්දියාව, මැලේසියාව, බෲනායි, පාකිස්ථානය, සිංගප්පූරුව, හොංකොං සහ බොහොමයක් ඉංගී‍්‍රසි කථාකරන සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් (මෝල්ටාව සහ ස්කොට්ලන්තය හැර) යන සියල්ලේ නීතියේ පදනම වන්නේ පොදු නීතියයි. මහා බි‍්‍රතාන්‍යය හෝ එංගලන්තය විසින් කිසියම් කාළයක් සිය ආධිපත්‍යයට නතුකොටගෙන සිටි සෑම රටකම පාහේ පොදු නීතිය කි‍්‍රයාත්මක වන නමුත් ඉංගී‍්‍රසීන්ට පෙර වෙනත් ජාතීන් විසින් යටත්කොටගෙන සිටි ක්විබෙක් (තරමක් දුරට ප‍්‍රංශ නීතිය අනුගමනය කරයි) , දකුණු අපි‍්‍රකාව සහ ශී‍්‍ර ලංකාව (රෝම ලන්දේසි නීතිය භාවිතා කරයි) වැනි රටවල් කිහිපයක් පමණක් මෙයින් වෙනස් වෙයි. මෙයට හේතුව එම රටවල ඊට පෙර සිවිල් නීති පද්ධතියක් කි‍්‍රයාත්මකවීම ආරම්භවී තිබීමය.
 
පෘථිගීසි සිවිල් නීති සංග‍්‍රහය අනුගමනය කරන ගෝවේ හැරුනුවිට ඉන්දියාවේ පොදු නීතිය ඉංගී‍්‍රසි නීතියේ සහ දේශීය හින්දු නීතියේ සංකලනයකි. නිකරගුවාවේ නීති පද්ධතිය 1600 සිට 1905 දක්වා රටේ නැගෙනහිර අර්ධය පාලනය කළ ඉංගී‍්‍රසීන්ගේ බලපෑම නිසාවෙන් ඉංගී‍්‍රසි පොදු නීතියේද, 1909 සිට 1933 දක්වා වන ඇමරිකානු මැදිහත්වීම්ද, සාමෝසා (1933-1979) පාලන කාළය තුල වූ ඇමරිකානු මැදිහත්වීම්ද, වර්තමාන ඇමරිකානු සංස්කෘතිය සහ ආයතනයන්හි බලපෑමද හේතුකොටගෙන මේ සියල්ලෙන් ආභාෂය ලබා ඇත .
 
පොදු නීති ක‍්‍රමයට පවත්නා ප‍්‍රධාන විකල්පය වන්නේ සිවිල් නීති ක‍්‍රමයයි. යුරෝපා මහාද්වීපයේ සහ සෙසු ලෝකයේ වැඩි ප‍්‍රමාණයක භාවිතා වන්නේ එයයි. පැරණි සෝවියට් දේශයට අයත්ව තිබූ රටවල් සහ එහි බලපෑමට ලක්වූ රටවල් සමාජවාදී නීති පද්ධතියක් අනුගමනය කරන ලදී (ඒවායින් සමහරක් සිවිල් නීති පද්ධතියක් භාවිතා කරයි උදා. ලිතුවේනියාව).
 
සිවිල් නීතිය සහ පොදු නීතිය අතර විභේදනය බොඳවෙමින් පවතී. සිවිල් නීති රටවල නඩු තීන්දු කෙරෙහි අවධානය වැඩිවීම මෙන්ම පොදු නීති රටවල ව්‍යවස්ථාපිත ප‍්‍රතපාදනයන් වෙත වැඩි අවධානයක් යොමුවීමද මෙයට හේතුව වෙයි. උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේ අපරාධ නීතිය සහ වානිජ නීතිය සංගෘහිත කරනු ලැබ ඇත.
 
පොදු නීතිය සහ සිවිල් නීති ක‍්‍රමය මිශ‍්‍ර‍්‍රිත නීති ක‍්‍රමයක් ඊශ‍්‍රායලයේ පවතී. එරට නීතිය සංගෘහිත කිරීමේ කි‍්‍රයාවලිය ඇරඹී ඇති අතර රහි මූලික මූලධර්මයන් ඇමරිකානු හා ඉංගී‍්‍රසි නීතීන්ගේ ආභාෂය ලබා ඇත.
 
එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පොදු නීතිය පදනම් වූ නීති ක‍්‍රමයක් පවතී. නමුත් සිවිල් නීති අධිකරණ ක‍්‍රමයේදී මෙන් නීතිය සංගෘහිත කරනු ලැබ ඇත. මෙසේ වීමට හේතුවී ඇතිතේ 19 වන සියවසේදී ඊට පෙර පැවැති ස්පාඥ්ඥ සිවිල් නීතිය පදනම් කරගත් ක‍්‍රමය සංගෘහිත කරනු ලැබිමයි. කැලිෆෝනියාව මෙන්ම එක්සත් ජනපදයේ බටහිරට වන්නට පිහිටි බොහොමයක් ප‍්‍රාන්තයන් සිවිල් නීතියේ අංගයක් වන සමූහ දේපල සංකල්පය ආදේශ කෙටගෙන ඇත.
 
ඕලන්ද යටත්විජිත යුගයේ සිටම සිවිල් නීති ඉතිහාසයකට උරුමකම් කියන නිව්යෝර්ක් ප‍්‍රාන්තය 19 වන සියවසේදී සිය නීතීන් සංගෘහිත කිරීම ආරම්භ කරන ලදී. ඕලන්ද ජාතිකයන් විසින් පිහිටවනු ලැබූ නව නෙදර්ලන්ත ජනපදයේ නීතියද ඕලන්ද නීතිය විය. ඉංගී‍්‍රසීන් මෙම ජනපදයන් යටත් කොටගත් පසු ඔවුහු එවකට එම ජනපදයන්හි පැවැති සිවිල් නීතිය ඒ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක කිරීමට අවසර දෙනු ලැබිණ. කෙසේවෙතත් ඕලන්ද සංක‍්‍රමණික පදිංචිකරුවෝ ඉංගී‍්‍රසීන්ට විරුද්ධව කැරලි ගසා එම ප‍්‍රදේශයේ බලය යළි අත්පත් තරගන්නා ලදී. කෙසේ වෙතත් අවසානයේදී ඉංගී‍්‍රසීහු නැවත සිය බලය තහවුරු කරගත් අතර අනතුරුව සියලූම යටත් ප‍්‍රාන්තයන්හි ඉංගී‍්‍රසි පොදු නීතිය කි‍්‍රයාවේ යොදවනු ලැබිණි. එනමුත් රෝම ලන්දේසි නිතියේ බලපෑම මෙම ප‍්‍රාන්තයන්හි 19 වන සියවසේ අග භාගය දක්වාම දැකගත හැකිවිය.
 
==පොදු නීති කෘති==
"https://si.wikipedia.org/wiki/පොදු_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි