"ඇස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Adding category Category:ශරීර කොටස් (using HotCat)
No edit summary
1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Eye|ඉංග්‍රීසි|en}}
 
[[ගොනුව:Eye iris.jpg|thumb|[[මිනිස් ඇස]]]]
 
ආලෝකය හඳුනාගන්නා ඉන්ද්‍රිය වන්නේ ඇසයි. නොයෙකුත් වර්ගයන්හි ආලෝක සංවේදී ඉන්ද්‍රියන් විවිධ සත්ත්ව කොට්ඨාශයන්හි දක්නට ඇත. ඒ අතරින් සරලතම ඇස් තම වටපිටාවෙහි ආලෝකය හා අඳුරවෙන්කර හදුන්වාගන්නවා හැර වෙනත් කාරියක් කිරීමට අපොහොසත් වේ. මෙමගින් දිවා රාත්‍රී දෙකෙහි වෙනස හඳුනාගැනීමක් සිදුකරන අතර මෙය සත්‍ය වශයෙන්ම පෙනීමක් ලෙස සැළකිය නොහැක. වඩාත් සංකීර්ණ ඇස්වලට වර්ණ සහ හැඩතල හදුනාගත හැක. එවැනි ඇතැම් ඇස්වලට වර්ණ සහ මිනිස් ඇසක මෙන් දෘෂ්ටි පරාසය විශාල වශයෙන් අතිපිහිට වීමෙන් වඩාත් හොදින් වස්තුවක ගැඹුර පිළිබඳව සංජානයක් ලබාදේ. (දෛනික දෘෂ්ටිකත්වය) අනෙකුත් සංකීර්ණ ඇස් ඇති හාවුන්, කටුස්සන් වැනි සතුන්ගේ මෙම අතිපිහිත වීම වලක්වා ගනුවස් ඇස් එකිනෙකට දුරින් පිහිටා ඇත.
7 පේළිය:
[[ගොනුව:Dragonfly_eye_3811.jpg‎|thumb|කූරාගේ සංකීර්ණ ඇසක් ]]
 
[[මිනිස් ඇසටඇස]]ට කළු ඉගිරියාවෙන් ආලෝකය ඇතුළුවන අතර එය අක්ෂි කාචය මගින් නාභිගත කරනුයේ දෘෂ්ඨිවිතානය මතටයි. ආලෝක සංවේදි යෂ්ඨි සෛල (ආලෝක දීප්තිය හදුනා ගැනීම) සහ කේතු සෛල (වර්‍ණයන් හදුනාගැනීම.) ආලෝකය කෙරෙහි ප්‍රතිචාර දක්වයි. ඒවා එකිනෙක හා අනොන්‍යව ක්‍රියාත්මක වීමෙන් ආලෝකයේ දීප්තිය, වර්ණයන් හා වස්තූන්හි හැඩයන් පිළිබඳව පණිවිඩ මොළය වෙතට සන්නිවේදනය කරයි.
 
ජීවීන් අතර මුල්ම ප්‍රාථමික ඇස් පරිනාමනය වුයේ මීට වසර මිලියන 540 කට ප්‍රථමවේ. සියළුම ජීවින්ට පාහේ ඇස් පිහිටා ඇත. බහුතරයක් පෘෂ්ඨවංශිකයන්ගේ හා සමහර මොලස්කාවන්ගේ ඇස් ක්‍රියාකරනුයේ ඇස් තුලට ආලෝකය ඇතුලු වී එය ඇසෙහි පිටුපස කොටසෙහි ඇති දෘෂ්ටි විතානය නම්වු ආලෝකයට සංවේදී කොටසෙහි ඇති දෘෂ්ටිවිතානයෙහි වු කේතු සෛල (වර්ණයන් සඳහා සංවේදී) සහ යෂ්ටි සෛල (අඩු ආලෝකයන් සදහා සංවේදී) ආලෝකය හදුනාගෙන ඒවා ස්නායු සංඥාවන් බවට පත්කිරීමෙනි. ඒවා ඉන්පසුව දෘෂ්ටික ස්නායුව හරහා මොළය වෙතට සම්ප්‍රේෂණයනය වේ. එවන් ඇස් දළ වශයෙන් ගොලාකාර වු අම්ල රසය නම් වූ පාරදෘෂ්‍ය ජෙලිවැනි ද්‍රව්‍යයකින් පිරුනු ආලෝකය නාභි ගත කරන කාචයකින් සහ බොහෝ අවස්ථාවලදී තාරා මණ්ඩලයකින් යුක්ත වේ. තාරා මණ්ඩලය වටා ඇති ඉහිලි වන හා සංකෝචනය වන පේෂින් ඇස තුලට ඇතුළු වන ආලෝකයන්හි ප්‍රමාණය පාලනය කරමින් සෑහෙන තරමට ආලෝකය ඇති අවස්ථාවන්හිදී ඇසට ඇතිවන අපහසුතාවයන් මගහරවා ගනී.
"https://si.wikipedia.org/wiki/ඇස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි