"අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station /ISS) යනු අභ්‍යාවකාශයෙහි ගොඩනැගෙමින් පවතින පර්යේෂණ මධ්‍යස්ථානයකි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පහත් පෘථිවි කක්ෂයේ පවතින අතර පෘථිවියේ සිට පියවි ඇසින් ‍දැකගැනීමට හැකිය. එය පෘථිවි පෘෂ්ඨයෙන් දළ වශයෙන් කිලෝමීටර් 350 ක් (හැතැප්ම 217) උසින් පවතින අතර එය පැයට කිලෝමීටර් 27,700 ක දළ වේගයකින් ගමන් කරමින් දිනකට කක්ෂ 15.77 ක් සම්පූර්ණ කරයි.
 
ISS යනු ඇමරිකා එක්සත් ජනපදයේ (NASA) රුසියාවේ (RKA), ජපානයේ (JAXA), කැනඩාවේ (CSA), සහ යුරොපියයුරෝපීය රටවල් එකොළහක (ESA) අභ්‍යාවකාශ ඒජන්සි විසින් හවුලේ කරගෙන යනු ලබන ව්‍යාපෘතියකි. බ්‍රසීලියානු අභ්‍යාවකාශ ඒජන්සිය (AEB, බ්‍රසීලය) නාසා ආයතනය සමග වෙනම ගිවිසුමක් හරහා මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වේ. එසේම ESA නැතිනම් යුරොපීයයුරෝපීය හවුලට අයත් ඉතාලිය ද විසින් ESA හි කාර්යභාරයට අයත් නොවන විවිධ ක්‍රියාකාරකම් සදහා වෙනම ගිවිසුම් ඇති කරගන තිබේ.
 
චීනය මේ සදහා තවමත් හවුල් වී නොමැති නමුත් රුසියානු ඒජන්සිය සමග එක්ව කටයුතු කිරිමට ඉඩ ලැබෙන්නේ නම් ඔවුන් ද මේ ව්‍යාපෘතියට උනන්දු වන බව වාර්තා වී ඇත.