"විකිපීඩියා සාකච්ඡාව:පංචස්තම්භ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
33 පේළිය:
:::නමුත් මා ඉහත සඳහන් කළේ තරමක් වෙනත් අවස්ථාවක්. මේ වර්ග දෙකේ වචන ඈඳා නව පද, යෙදුම් හා සිරස්තල යෙදීමේ දී දැනට භාවිත වන සම්මතයක් ගැනයි ඒ. මෙය සම්මතයක් වන්නේ සම්භාව්‍ය සාහිත්‍යයේත්, අද භාවිත වන බොහෝ වියරණ පොත්වලත්, අධ්‍යාපන පද්ධතිය තුළත් මෙය ඉගැන්වෙන බැවින්. මේ බලන්න - එක් පැත්තකින් පංච + ස්තම්භ. අනිත් අතින් පංච + කුළුණු. "පංච" හා "ස්තම්භ" දෙක ම සංස්කෘතයෙන් ආ පද. පංච යන්න ස්තම්භ සමග යා කිරීම සම්ප්‍රදායට එකඟ වුණත් එය කුළුණු යන්න සමග ඈඳීම සම්ප්‍රදායට එකඟ නැහැ. කුළුණු සමග යොදන්න ගැළපෙන්නේ පහ/පස් වැනි නොමුසු වදනක්. කුළුණු පහ, පස් කුළුණු වගේ යොදන්න පුළුවන්. තුන් ඈඳුතු නවකතා කියලා අපි ව්‍යවහාර කරනවා. නවකතා ත්‍රිකය කියලත් මේකට ම කියනවා. ත්‍රිඈඳුතු කියා ව්‍යවහාර කරන්නේ නැහැ. පස් කම් සැප(අමිශ්‍ර) කියනවා. පංච කාම සම්පත්තිය (සංස්කෘත) කියනවා. "පස් කාම සැප" හෝ "පංච කම් සම්පත්තිය" කියලා හැදුවොත් අන්න අර සම්ප්‍රදාය හා ප්‍රමිතිය තමයි උල්ලංඝනය වෙන්නේ. මේ ගැන තව එක නිදසුනක් දෙන්නම්. මව් බස – මාතෘ භාෂාව. මව් බිම – මාතෘ භූමිය මේ පද බලන්න. ඒවාත් සැකසී තිබෙන්නේ අර ප්‍රමිතියට අනුව යි. මාතෘ බස කියලත් මාතෘ බිම කියලත් අපි කියන්නෙ නැහැ. කියන්න බැරිකමක් නැති වුණත් ඒවා ඒ තරම් ම ශුද්ධ නැහැ. ඒ භාෂා ප්‍රයෝග නිවැරදි නැහැ. ඇත්ත. අපට රැඩිකල් ආකාරයෙන් සම්ප්‍රදාය කඩන්න හැකි අවස්ථා තියෙනවා. කලා නිර්මාණ, කවි ආදිය ලියද්දී. ඒත් විකිපීඩියාවේ දී අපි දැනට ප්‍රධාන ධාරාව තුළ ලේඛනය හා සංස්කරණය සම්බන්ධයෙන් තහවුරු වී පිළිගෙන තියෙන ක්‍රමවේද ඒ තරම් කඩන්න බිඳින්න යන එක උචිත නැහැ. පොතකට, ලිපියකට නමක් යොදද්දී මේ කාරණය ගැන සැලකිල්ල දක්වන්න අවශ්‍ය බව පාසැලේ සිංහල පාඩම්වල දී පවා අදත් උගන්වනවා. මේක වැදගත් කාරණාවත් නිසා අවශ්‍ය ඕනෑ ම ස්ථානයක සාකච්ඡාවට ගැනීම වරදක් නැහැ. මේ ගැටලු අවශ්‍ය අවස්ථාවල විමසිය හැකි ප්‍රමාණවත් පතපොත සිංහලෙන් පළ ව තිබෙනවා. පිළිතුර නම් හිතුවාට වඩා දිග වුණා. ඒත් වැදගත් පලදායක දෙබසක් නිසා කොට නොකර පළ කරන්නම්. ස්තුතියි. --[[පරිශීලක:Anandawardhana|Anandawardhana]] 11:56, 1 ජූලි 2010 (යූටීසී)
::::තව සුළු එකතු කිරීමක්. මේ සියල්ල සලකා බලමින් විකියේ මාතෘකා නමැති ප්‍රශ්නයට ආ විට "මව් බස" යන්නත් "මාතෘ භාෂාව" යන්නත් එක සේ පිළිගත හැකි යි. ඒත් "මාතෘ බස" යන්න ඒ විදිහට පිළිගන්න බෑ. "පස් කම් සැප" හා "පංච කාම සම්පත්ති" යන දෙක ම උචිත යි. දෙක ම හරි. "පස් කාම සැප" හා "පංච කම් සම්පත්ති" අනුචිතයි. නිවැරදි යෙදුම් දෙකක් පවතින මෙවැනි අවස්ථාවක අදාළ යෙදුම් දෙකෙන් එකක් අනිකට redirect කිරීම විකියේ සම්ප්‍රදාය බව යි මෙය කියවන විට මට වැටහුණේ http://en.wikipedia.org/wiki/Redirects_on_wikipedia . අදාළ නම් දෙක ම x හෙවත් y ආකාරයෙන් යෙදීම ගැන නම් බොහෝ දෙනාගේ අදහස් විමසන්න අවශ්‍ය කාරණයක් වගෙයි. මොකද මුද්‍රිත විශ්ව කෝෂයක වුණත් මාතෘකාවක් ඒ ආකාරයෙන් යොදන්නේ නැහැ නේ. අනිත් අතට මාතෘකාව බෙහෙවින් දිග අවස්ථාවක එයින් අනවශ්‍ය ගැටලුවක් හටගන්නත් පුළුවන් නේද? --[[පරිශීලක:Anandawardhana|Anandawardhana]] 12:20, 1 ජූලි 2010 (යූටීසී)
 
::::: I've sent this link to my friends. They are very good in Sinhala. I hope they will help us. Sorry, I dont have Sinhala input at this time. --[[පරිශීලක:Asiri wiki|asiri]] 23:42, 1 ජූලි 2010 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා_සාකච්ඡාව:පංචස්තම්භ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to the project page "පංචස්තම්භ".