"ජාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
8 පේළිය:
සෑම ජානයකම නියාමක පෙදෙස් ඇති අතර ඊට අමතරව පැහැදිලිවම ප්‍රෝටීන හා RNA වලට ‍ෙක‍‍‍්ත සපයන පෙදෙස ඇත. සෑම ජානයකම ඇති නියාමක පෙදෙස් අනුග්‍රහක පෙදෙස් නම් වන අතර ජානයක් පිටපත් වී ප්‍රකාශ වීමට ආසන්න වූ විට පිටපත් වී ප්‍රකාශ අනුග්‍රහක පෙදෙස් වල එම ස්ථානයේ පොදු සමාන අනුපිළිවෙලක් ඇති ඒකමතික අනුපිලිවෙලවල් තිබුණද සමහර ජාන වල‍ට ශක්තිමත් අනුග්‍රහක පෙදෙස ඇති අතර (පිටපත් යන්ත්‍රය සමග හොඳින් බැදෙන), සමහර ඒවා දුර්වලව බැදෙන දුර්වල අනුග්‍රාහක කොටස් හා බැදේ. පිටපත් කරන යාන්ත්‍රණය මෙම දුර්වල අනුග්‍රාහක කොටස් සමග බැ‍ෙඳන්නේ කලාතුරකින් නිසා ශක්තිමත් අනුග්‍රහකයින්ට වඩා මෙම දුර්වල අනුග්‍රාහකයින් පිටපත් කිරීමේ යෙදෙන්නේ සුළු වශයෙනි. අනෙකුත් නියාමක පෙදෙසක් වු තහවුරු කිරීමේ පෙදෙස් මෙම දුර්වල පෙදෙස් වෙනුවට යොදා ගනී. බොහෝ නියාමක පෙදෙස් එනම් පිටපත් කිරීම පටන් ගන්නා ස්ථානයන්හි 5 කොනට කලින් හෝ ඒ දෙසට පවතී. ඉයුකාරි යෝටාවන්ගේ අනුග්‍රාහක පෙදෙස් ප්‍රෝකාරීයෝටාවන්ට වඩා සංකිර්ණ හා අඳුනාගැනීමට අපහසුයි. බොහෝ ප්‍රෝකාරියොටාවන්ට වඩා සංකිර්ණ හා අඳුනාගැනීමට අපහසුයි.
 
බොහෝ ප්‍රෝකාරියෝටා ජාන ඔප්රන්ස් වලට සංවිධානගතවී ඇත. මේවා ජාන භාණ්ඩ වන අතර ඒවායේ නිෂ්පාදන වල ක්‍රියා එකිනෙකට නෑනම් කියන අතර ඒකකයක් ලෙස පිටපත් වේ. ප්‍රතිවිරුද්ධ ලෙස ඉයුකැරියෝටා ජාන වරෙකට එක බැගින් පිටත් වේ. එනමුත් ඉන්ට්‍රෝන නම් වු දිගු DNA කොටස් අඩංගු වන අතර ඒවා පිටපත් වන නමුත් කෙසේවත් ප්‍රෝටීන බවට පරිවර්තනය නොවේ. (පරිවර්තනයට පෙර ඒවා කැපී වෙන්වේ) මෙම කුඩා කැබලි වලට කැපීම / පැලීම ප්‍රෝකැරියාටාවන්ගේ ද ඉයුකාරි යොටාවන්ට වඩා බොහෝ අඩු සම්භාවිතයකින් සිදුවේ.
 
 
==ප්‍රවේණි දේහ==
ජීවියෙක්ගේ මුළු ජාන සංඛ්‍යාව ගෙෙනා්මය ලෙස හඳුන්වන අතර ඒවා ප්‍රවේණි දේහ එකක හෝ බොහෝමයක ගබඩා වී ඇත. යම්කිසි ජානයක ප්‍රවේණි දේහයක් ස්ථානගත වී ඇති ස්ථානය පථය නම් වේ. ප්‍රවේණි දේහ තනි ඉතා දිගු DNA හෙලික්සයක් වන අතර එහි ජාන දහස් ගණන් අඩංගුය. ප්‍රෝකාරියෝටා, බැක්ටීරියා ඒකියාවන් දර්ශීය ලෙස ඔවුන්ගේ ජිනෝම තනි විහාල වලයාකාර ප්‍රවේණි දේහ තුළ තැන්පත් කරන අතර ඉතා කුඩා ජාන සංඛ්‍යාව අඩංගු වන අතර ජීවීන් අතර ලෙහෙස්ගේ මාරු කරගත හැක. උදා - ලෙස ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන ජාන බැක්ටීරියා ප්ලාස්මිඩවල අඩංගු අතර තිරස් ජාන ජාන මාරුව මඟින් වෙන වෙනත් විශේෂ හරහාත් සෛල අතර මේවා මාරු වේ. සමහර සරල ඉයුකැරියෝටාවන් ද මෙලෙස ඉතා කුඩා ජාන සංඛ්‍යාවක් සහිතව ප්ලාස්මිඩ තබා ගත්ත ද බොහෝ ඉයුකැරියෝට ජාන ගබඩා වී ඇත්තේ දිගු ප්‍රවේණි දේහ බහු සංඛ්‍යාවක් තුළ හිස්ටොන් මඟින් බැඳ තබා ගන්නා සංකීර්ණයක් ලෙසට න්‍යෂ්ටියේ තැන්පත්වය. හිස්ටෝනවල DNA ගබඩාවන ආකාරයත්, හිස්ටෝනවල ඇති රසායනික වෙනස්කම් ද ජානයක් ප්‍රකාශ වීමට DNA වල කුමන පෙදෙසක් අදාල ද යන්න පාලනය කරන නියාමක ක්‍රියාවලීන් වේ. ඉයුකැරියෝටා ප්‍රවේණි දේහවල අන්ත නැවත නැවත යෙදෙන එකම අනුපිළිවෙලවල් සහිත ටෙලොමියර් නම් වූ කොටස්වලින් ආවරණය වී ඇත. මෙම ටෙලෝමියර් ජාන සඳහා කේත නොකරන අතර DNA බෙදීමේ දී කේත පෙදෙස හා නියාමක පෙදෙස් බිදී යාම වැළකීමට යෙදේ. සෛල බෙදීම සඳහා සුදානම් වීමේ දී කෙරෙන DNA බෙදෙන සෑම වාරයක් ගණනේම මෙම ටෙලෝමියරවල දි අඩුවේ. මෙම සංසිද්ධිය සෛල මහළු වීම සඳහා පිළිතුරක් ද සපයයි. එනම් මෙය සෛල ජාන බෙදීමට ඇති හැකියාවක් කෙමෙන් අඩු වී ගොස් ජීවියාගේ වයස්ගත වීම සිදු කරයි, යන්නය.
 
ප්‍රෝකැරියෝටාවන්ගේ ප්‍රවේණි දේහ තුළ ජාන පමණක්ම අඩංගු වන අතර ඉයුකැරියෝටාවන් ගේ ජනක් හිස් DNA නම් වූ කිසිම කෘත්‍යයක් ඉටු නොකරන කොටස ද අඩංගුය. ඒක සෛලික ඉයුකැරියෝටාවන්ගේ එම DNA කොටස් කුඩා සංඛ්‍යාවක් ඇති අතර සංකීර්ණ බහු සෛලිකයන්ගේ (මානවයන් ඇතුළුව) හඳුනාගත් කෘත්‍යයක් නැති DNA වලින් බොහෝමයක් මෙසේ වේ. නමුත් දැන් පෙනෙන අයුරින් මානව ජිනෝ‍මයේ ප්‍රෝටීන කේත සඳහා ඇති ජාන 2%ක් පමණ වුව 80% පමණ වූ භෂ්ම ප්‍රකාශ වේ.
 
== Gene expression ==
"https://si.wikipedia.org/wiki/ජාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි