"ඇලිස් තෲ ද ලුකිං ග්ලාස් (2016 චිත්‍රපටය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
Black people{{තොරතුරුකොටුව සලරූ
|name = ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්
|image = Alice Through the Looking Glass (2016 film) poster.png
41 පේළිය:
|gross = $ මිලියන 299.5<ref name="BOM">{{cite web|url=http://www.boxofficemojo.com/movies/?id=alice2.htm|title=Alice Through the Looking Glass (2016)|work=[[බොක්ස් ඔෆිස් මොජෝ|Box Office Mojo]]|accessdate=December 10, 2016}}</ref>
}}
'''''ඇලිස් තෲ ද ලුකිං ග්ලාස්''''' යනු 2016 ඇමරිකානු [[ෆැන්ටසි චිත්‍රපට|ෆැන්ටසි]] [[වික්‍රමාන්විත චිත්‍රපට]]යකි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ [[ජේම්ස් බොබින්]] විසින් වන අතර, රචනය සිදුකරන ලද්දේ [[ලින්ඩා වූල්වර්ටන්]] විසිනි. මෙය [[ටිම් බර්ටන්]], [[ජෝ රොත්]], [[සුසෑන් ටොඩ්]] සහ [[ජෙනිෆර් ටොඩ්]]ගේ නිෂ්පාදනයකි. මේ සඳහා පාදක වී ඇත්තේ [[ලුවිස් කැරොල්]] විසින් නිර්මාණය කළ චරිත වන අතර, මෙය 2010 ''[[ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් (2010 චිත්‍රපටය)|ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්]]'' චිත්‍රපටයේ අනුගාමී චිත්‍රපටය ද වේ. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ [[ජොනී ඩෙප්]], [[ඈන් හැතවේ]], [[මියා වසිකොව්ස්කා]], [[මැට් ලූකස් (ප්‍රහසන නළු)|මැට් ලූකස්]], [[රීස් අයිෆන්ස්]], [[හෙලේනා බොන්හැම් කාටර්]] සහ [[සචා බැරන් කොහෙන්]] විසිනි. එසේම මෙහි [[ස්ටීවන් ෆ්‍රයි]], [[මයිකල් ෂීන්]], [[ටිමති ස්පෝල්]] සහ [[ඇලන් රික්මන්]] හඬ රංගනයෙන් දායක වී ඇත.
 
මෙම චිත්‍රපටයේ, [[ඇලිස් (ඇලිස්’ස් ඇඩ්වෙන්චර්ස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්)|ඇලිස්]] මායාමය කැඩපතක් ඔස්සේ නැවත [[විශ්මලන්තය (ප්‍රබන්ධ දේශය)|විශ්මලන්තය]] වෙත පැමිණෙයි. එහි දී, [[හැටර්|මෑඩ් හැටර්]] වෙනදාට වඩා උමතු අයුරින් හැසිරෙන අතර, ඔහුට සිය පවුල පිළිබඳ සත්‍යය දැනගැනීමට අවැසි බැව් ඇලිස් වටහා ගනියි. අනතුරුව ඇලිස් කාලය හරහා ගමන් කරන ("හෝරාගෝලයක්" ආධාරයෙන්) අතර, ඔවුන්ගේ දිවියේ විවිධ අවස්ථා, මිතුරන් සහ සතුරන් පසුකර පැමිණෙයි. කාලය අවසන් වීමට ප්‍රථම හැටර් බේරාගැනීමට තරගයට අවතීර්ණ වීමට ඇයට සිදු වේ.
 
මෙම චිත්‍රපටය මංගල දර්ශනය ප්‍රදර්ශනය කෙරුණේ 2016 මැයි 10 [[ලන්ඩන්|ලන්ඩනයේ]] ය. 2016 මැයි 27 දින [[‍වෝල්ට් ඩිස්නි පික්චර්ස්]] ආයතනය විසින් එය සිනමාහල්වල බෙදාහරින ලදී. පළමු චිත්‍රපටයේ ආදායම් හා සැසඳීමේ දීමෙය බොක්ස් ඔෆීස් අතින් අපේක්ෂිත තත්ත්වය කරා ළඟා වූයේ නැත.<ref name=Loss/><ref>{{cite news|last1=Mendelson|first1=Scott|title=Box Office: Disney's 'Alice Through The Looking Glass' Bombs With $9.8M Friday|url=http://www.forbes.com/sites/scottmendelson/2016/05/28/box-office-disneys-alice-through-the-looking-glass-bombs-with-9-8m-friday/#1cc9c8223889|accessdate=November 2, 2016|work=Forbes|date=May 28, 2016}}</ref>
 
==කථා පුවත==
[[ඇලිස් (ඇලිස්’ස් ඇඩ්වෙන්චර්ස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්)|ඇලිස් කිංස්ලි]] පසුගිය වර්ෂ ත්‍රිත්වයම ගතකළේ ඇගේ පියාගේ අඩිපාරේ යමින් මුහුදුවල යාත්‍රාවෙහි නිරත වෙමිනි. [[චීනය|චීනයේ]] සිට [[ලන්ඩන්]] වෙත ඇගේ පැමිණීමෙන් පසුව, ඇලිස්ට දැනගන්නට ලැබෙන්නේ ඇය හා කලින් විවාහ ගිවිසගෙන සිටි හැමිෂ් ඇස්කොට් විසින් ඇගේ පියාගේ සමාගම අයත් කොටගෙන ඇති බවයි. එසේම ඔහු ඇගේ පවුලේ නිවස වෙනුවෙන් හුවමාරුවක් ලෙස ඇගේ පියාගේ "ද වොන්ඩර්" නෞකාව අලෙවි කිරීමට සැරසෙයි. තීරණයක් ගැනීමට නොහැකිව ඇලිස් දිව යයි. එහි දී ඇයට ඇගේ සමනල මිතුරු [[දළඹුවා (ඇලිස්’ස් ඇඩ්වෙන්චර්ස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්)|ඇබ්සෝලෙම්]] හමුවන අතර, උඩු මහළේ එක් කැඩපතක් හරහා පියඹා යන සමනලයා අතුරුදන් වේ. ඇලිස් කැඩපත තුළින් [[විශ්මලන්තය (ප්‍රබන්ධ දේශය)|විශ්මලන්තය]] වෙත යළි පැමිණෙයි.
 
එහි දී ඇලිස්ට [[සුදු රැජින (තෲ ද ලුකිං-ග්ලාස්)|සුදු රැජින මාර්මෝරියල්හි මිරානා]], [[සුදු හාවා|නිවෙන්ස් මැක්ට්විස්ප් සුදු හාවා]], [[ට්වීඩ්ල්ඩම් සහ ට්වීඩ්ල්ඩී#2010|ට්වීඩ්ල්වරු]], [[ඩෝර්මවුස්|ඩෝර්මවුද් මැලයිම්කන්]], [[මාර්ච් හාවා|තැකරි ඉයර්විකට් මාර්ච් හාවා]], [[පපී (ඇලිස්’ස් ඇඩ්වෙන්චර්ස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්)|බෙයාර්ඩ්]], සහ [[චෙෂියර් බළලා]] සුබපතති. ඔවුන් ඇයට දැනුම්දෙන්නේ [[ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් (2010 චිත්‍රපටය)|ජබර්වොකීගේ ප්‍රහාරයෙන්]] පසුව සිය පවුලේ සාමාජිකයන් අතුරුදන් වීම හේතුවෙන් [[හැටර්|ටැරන්ට් හයිටොප් උමතු හැටර්]]ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී ඇති බවයි. මෙම ප්‍රහාරය සිදුවූයේ තොප්පි වෙළෙන්දකු වූ සිය පියා වන සැනික්ට ටැරන්ට් විසින් ත්‍යාගයක් ලෙස ලබා දුන් හිස්වැසුම් නිර්මාණය ප්‍රතික්ෂේප කොට මඳ කාලයකට පසුව ය.
 
අතීතයට ගොස් උමතු හැටර්ගේ පවුල බේරා ගැනීමට කාලයාගෙන් අවසර ලබාගන්නා මෙන් සුදු රැජින ඇලිස්ගෙන් ඉල්ලා සිටියි. ඇය එසේ පවසන්නේ හැටර්ව බේරාගත හැකි එකම තැනැත්තා ඇලිස් යැයි ඇය සිතන නිසාවෙනි. කෙසේනමුත්, ඇය ඇලිස්ට කාලය පිළිබඳ අනතුරු හඟවන්නේ ඇගේ අතීතය සහ ඇගේ අනාගතය එකිනෙකා දුටුවහොත් සෑම දෙයක්ම ඉතිහාසයට එක්වන බව පවසමිනි. සිය ගමන අරඹන ඇලිස් අද්භූත පෙනුමැති මාලිගයක් තුළට පැමිණෙයි. අර්ධ-මිනිස්, අර්ධ-ඔරලෝසුවක් බඳු කාලය නම් අර්ධ-දේවතාවා වෙසෙන්නේ මෙම ස්ථානයේ ය. ඇලිස් කාලයාගෙන් උපදෙස් ඉල්ලන අතරතුර, විශ්මලන්තයේ සියලුම කාලයන් පාලනය කරන හෝරාගෝලය නම් උපකරණය ඇගේ නෙත ගැටෙයි. එමගින් ඇයට අතීතයේ ඕනෑම කාලයක් වෙත යා හැකි වනු ඇත.
 
අතීතය වෙනස් කළ නොහැකි බවට කාලය අනතුරු හැඟවුව ද, ඇලිස් එයට සවන් නොදෙයි. පිටුවහල් කළ [[රතු රැජින (තෲ ද ලුකිං-ග්ලාස්)|රතු රැජින]] හෙවත් [[රතු රැජින (තෲ ද ලුකිං-ග්ලාස්)|ක්‍රිම්ස්හි අයිරේස්බෙත්]] ද කාලය කෙරෙහි උනන්දු වන බව සොයාගන්නා ඇලිස් හෝරාගෝලය සොරකම් කරයි. අත්වැරදීමකින් ඇලිස් අයිරේස්බෙත්ගේ අභිෂේකය සිදුවූ දිනය වෙත යැවෙයි. එහි දී ලාබාල මෑඩ් හැටර් රතු රැජිනට සමච්චල් කරන්නේ ඇ‍ගේ අසාමාන්‍ය ලෙස විශාල හිසට රාජකීය කිරුළ නොගැළපුණු නිසායි. මේ හේතුවෙන් අයිරේස්බෙත් කෝපයට පත්වන අතර, රාජ්‍ය පාලනයට හැඟීම් අතින් ඇය නුසුදුසු යැයි ඇගේ පියා වටහා ගනියි. මේ හේතුවෙන් රැජින පදවිය ඇගේ නැගණිය වන සුදු රැජිනට ලබා දේ.
 
අයිරේස්බෙත් සහ මිරානා අතර ගැටීමට හේතුවූ ළමා වියේ සිදුවීමක් පිළිබඳ දැනගන්නා ඇලිස්, තවත් අතීතයට ගමන් කරන්නේ එමගින් අයිරේස්බෙත්ගේ ක්‍රියා කලාපය වෙනස් කොට හැටර් පවුල [[ජබර්වොකි]]ගෙන් බේරාගත හැකි වනු ඇතැයි සිතායි. උමතු හැටර්ගේ පියා විසින් විසිකළ හිස්වැස්ම හැටර් තැනූ එකක් නොවන බැව් ඇලිස් වටහා ගනියි. මේ අතර, රතු රැජින සහ සුදු රැජින කුඩා කල ඔවුන්ගේ මාලිගය තුළ මිරානා සිය මවගෙන් සොරකම් කරන ලද රසකැවිල්ලක් අනුභව කරයි. ඇගේ මවට මෙය හසුවූ විට මිරානා එම රසකැවිලි තම්න ආහාරයට නොගත් බවට මුසා පවසයි. මේ නිසා එම වරදට අයිරේස්බෙත් හසුවේ. අයිරේස්බෙත් මාලිගයෙන් ඉවතට දිව යයි. අයිරේස්බෙත්ගේ හිසෙහි හැඩය සහ ඇගේ ගතිගුණ වෙනස් වූයේ අසල වූ ඔරලෝසුවෙහි හැපීමෙන් යැයි ඇලිස් සිතයි. ඇලිස් එහි ගැටීමෙන් ඇයව වළකාලූවත්, අතීතය වෙනස් කිරීමට අපොහොසත් වේ. ඒ වෙනුවට අයිරේස්බෙත්‍ පය පැකිළී ඇද වැටෙන අතර, ඇගේ හිස අසල වූ ගල් බිත්තියක ගැටෙයි.
 
අනතුරුව දුර්වලභාවයට පත් කාලය ඇයට මුණගැසෙයි. කාලය ඇයට බැණවදින්නේ ඇගේ නොමනා සෙවීම් හේතුවෙන් සියලුම කාල පරිච්ඡේද අන්තරායට ලක්ව ඇති බවයි. කලබලයට පත් ඇලිස් ඇසල වූ කැඩපතක් තුළට පනියි. එහි දී ඇය සැබෑ ලෝකය වෙත පැමිණෙන අතර, මානසික රෝහලක සිටින ඇය අවදි වෙයි. ඇයට [[කාන්තා හිස්ටීරියාව]] නම් මානසික රෝගය ඇතැයි නිර්ණය කොට ඇත. මානසික වෛද්‍යවරයකු වන වෛද්‍ය ඇඩිසන් බෙනට් ඇයට වේදනානාශකයක් එන්නත් කිරීමට උත්සාහ දරන විට, සිය මෑණියන් වන හෙලන්ගේ දිරි ගැන්වීම් හමුවේ පලායන ඇලිස් කැඩපතක් තුළින් නැවත විශ්මලන්තයට පිවිසෙයි. එහි දී ඇය හයිටොප් පවුල ඝාතනයට ලක්වූ හෝරීවන්ඩෂ් දිනය වෙත ගමන් කරයි. එහි දී ඇලිස් වටහාගන්නේ උමතු හැටර්ගේ පවුල කිසිදින මරණයට පත්නොවූ බවත්, රතු රැජින විසින් ඔවුන්ව අල්ලාගත් බවත් ය. වර්තමානය වෙත යළි පැමිණෙන ඇලිස්ට දක්නට ලැබෙන්නේ උමතු හැටර් මරණාසන්නව සිටින බවයි.
 
කඳුළුවලින් බරිත නෙත්වලින් යුත් ඇලිස් තමන් ඔහුව විශ්වාස කරන බැව් පවසයි. එවිටම ටැරන්ට් නැවත යථා තත්ත්වයට පත්වේ. විශ්මලන්තවාසීහු රතු රැජිනගේ නව කාබනික පැළෑටි මාලිගය වෙත ගමන් කරති. එහි දී උමතු හැටර් කුහුඹු ගොවිපළක් තුළ සිරකොට සිටින සිය පුවලේ සාමාජිකයන් සොයා ගැනීමට සමත් වේ. කෙසේනමුත්, රතු රැජින ඔවුන්ව සිරභාරයට ගෙන ඇලිස්‍ සතු හෝරාගෝලය සොරකම් කරයි. කාලයාගේ අනතුරු හැඟනොසලකා හරින ඇය සිය සහෝදරිය ද රැගෙන, රසකැවිලි පිළිබඳ සිය සොයුරිය මුසා පැවසූ දිනය වෙත ගමන් කරයි. නමුත්, උමතු හැටර් සහ ඇලිස් එතරනට පැමිණෙන විට රතු රැජින සහ ඇගේ ළමා විය එකිනෙකා දැක තිබිණි. කාලය අවුල් ජාලාවක් බවට පත්වන අතර, විශ්මලන්තය ගල් ගැසෙන්නට පටන් ගනියි. දුබල වූ කාලය ආයාචනා කරන විට ඇලිස් සහ උමතු හැටර්, සුදු රැජින හා ගල් වූ රතු රැජින ද සමගින් වර්තමානය නැවත පනගැන්වීමට හෝරාගෝලය උපයෝගී කරගන්නට තීරණය කරයි. කාල සාගරය සහ මාලිගයම මේ වනවිට ගල් ගැසී ඇති අතර, ඇලිස් කෙසේ හෝ හෝරාගෝලය කාලයේ නිවැරදි ස්ථානයේ පිහිටුවීමට සමත් වේ.
 
හෝරාගෝලය නිසි ස්ථානයේ ස්ථාවර වීමත් සමග, ගල් වූ පුද්ගලයන් ඇතුළු විශ්මලන්තයම නැවත යථා තත්ත්වයට පත්වේ. උමතු හැටර් සිය පවුලේ සාමාජිකයන් සමග යළි එක් වෙයි. සුදු රැජින සහ රතු රැජින නැවත සමාදාන වී සිය වරද හරිගස්වා ගනිති. ඇලිස් ඇතිකළ අර්බුදය වෙනුවෙන් සමාව දෙන කාලය ඇයට නැවත පැමිණීම තහනම් කරයි. සිය මිතුරන්ට සමුදෙන ඇලිස් තවත් කැඩපතක් ඔස්සේ සැබෑ ලෝකය වෙත පැමිණෙයි. එහි දී ඇගේ මව වොන්ඩර් නෞකාව හැමිෂ්ට පැවරීමට සූදානම් වෙමින් සිටියි. (එය හුදු නෞකාවක් පමණක් බැව් පවසමින්) නමුත් හෙලන් සිය දියණියට සහාය වීමට තීරණය කරයි. ඒ අනුව හැමිෂ්හට කිංස්ලි පවුලේ නිවස හිමිවුව ද, නෞකාව හිමි නොවේ. තමන්ගේම නැව් සමාගමක් අරඹන ඇලිස් සහ ඇගේ මව ලොව පුරා යාත්‍රා කරති.
 
==චරිත නිරූපණය==
{{div col||70em}}