විකිපීඩියා:තෝරාගත් සංවත්සර/මාර්තු 2

මාර්තු 2: සිංහල භාෂා දිනය

  • 1815 – බලකාමී උඩරට රදළයන් විසින් ලංකාද්වීපය ඉංග්‍රීසීන්ට පාවාදීමට අත්සන් කළ උඩරට ගිවිසුම (සේයාරුව) පිළිබඳ කටයුතු ඇරඹේ.
  • 1815 – ඉර උදාව අනුව ගණන් සෑදෙන සිංහල වේලාව භාවිතා කිරීම අවසන් වීම.
  • 1917 - පුවටෝ රිකෝ වැසියන්ට එක්සත් ජනපද පුරවැසිභාවය හිමි වෙයි.
  • 1962 - බුරුමයේ ජෙනරල් නෙ වින් ප්‍රමුඛ යුධ හමුදාව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගනියි.
  • 1991දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීයෝ විසින් හැව්ලොක් බෝම්බ ප්‍රහාරය සිදුකරයි. එහිදී එවක ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න ජීවිතක්ෂයට පත් වෙයි.
  • 2004 - ඉරාක යුද්ධය: එරට අෂූරා ප්‍රදේශයේ සිදුවූ සමූලඝාතනයෙන් පුද්ගලයන් 170 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 500 දෙනෙකු තුවාල ලැබෙයි.

    තවත් සිදුවීම්: මාර්තු 2මාර්තු 3මාර්තු 4