වික්‍රමශිලා
ඉන්දියාවේ පුරාතන විශ්වවිද්‍යාලය
වික්‍රමශිලා (දේවනාගරී: विक्रमशिला, IAST: Vikramaśilā) යනුවෙන් හැඳින්වෙන්නේ පාල අධිරාජ්‍ය සමයේ දී නාලන්දාව සේම ඉන්දියාවේ වැදගත් අධ්‍යාපනික කේන්ද්‍රයක් ලෙස පැවති ස්ථානයකි. මෙය පිහිටා ඇත්තේ වර්තමාන බිහාරයේ භගල්පූර් දිස්ත්‍රික්කයේ අන්තිචක් ගම්මානයේ ය.
පිහිටීම | බිහාර්, ඉන්දියාව |
---|---|
ඛණ්ඩාංක | 25°19′29″N 87°17′05″E / 25.32472°N 87.28472°Eඛණ්ඩාංක: 25°19′29″N 87°17′05″E / 25.32472°N 87.28472°E |
මාදිලිය | අධ්‍යාපනික කේන්ද්‍රය |
ඉතිහාසය | |
ස්ථාපිත දිනය | ක්‍රි.ව. 8වන–9වන සියවස |
අත්හළ දිනය | ක්‍රි.ව. 13වන සියවස |
සිදුවීම් | 1193 අවට මුහම්මද් බින් බඛ්තියාර් ඛල්ජි විසින් විනාශ කිරීම |
වික්‍රමශිලාව ස්ථාපනය කරන ලද්දේ පාල අධිරාජ ධර්මපාල (ක්‍රි.ව 783 සිට 820 දක්වා) විසින් නාලන්දාවේ අධ්‍යාපනයේ ප්‍රමිතිය දුර්වල වීමට ප්‍රතිචාරයක් වශයෙනි. අතිශ නම් වූ ප්‍රකට පණ්ඩිත භික්ෂුව මෙහි විහාරාරාමාධිපති වශයෙන් කටයුතු කොට තිබේ. 1193 අවට කාලයේ මුසල්මාන ආක්‍රමණිකයකු වූ මුහම්මද් බින් බඛ්තියාර් ඛල්ජිගේ සේනා විසින් මෙය විනාශ කරන ලදී.[1]
මේවාත් බලන්න
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- ^ Alexis Sanderson (2009). "The Śaiva Age: The Rise and Dominance of Śaivism during the Early Medieval Period". In Einoo, Shingo (ed.). Genesis and Development of Tantrism. Tokyo: Institute of Oriental Culture, University of Tokyo. p. 89.
බාහිර සබැඳි
සංස්කරණයවික්රමශිලා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Archaeological Survey of India page for Vikramashila
- විකිචාරිකා තුළ Bhagalpur සංචාරක මාර්ගෝපදේශනය
සැකිල්ල:Bhagalpur Division topics [[Category:බුද්ධාගමේ ඉතිහාසය]