කුරුප්පු කරුණාරත්න

කුරුප්පු ආරච්චිගේ කරුණාරත්න (කේ. ඒ. කරුණාරත්න; 1960 අප්‍රියෙල් 29– 2008 අප්‍රියෙල් 6) ශ්‍රී ලංකාවේ හිටපු දිගු-දුර ධාවන ශූරයෙකි

1990 සිංගප්පූරුවේ පැවති සිංගප්පෝර් මැරතන් (Singapore Marathon) තරඟය, 2:21:10 ක ධාවන කාලයකින් නිම කරමින් එම වසරේ ජයග්‍රහණය ලබා ගැනීමට ඔහුට හැකිවිය. 1992 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සහ 1993 ලෝක මළල ක්‍රීඩා ශූරතාව උළෙලේ, ශ්‍රී ලංකා නියෝජනය වූවේද කරුණාරත්නයි.

2008 අප්‍රියෙල් 6 වන දින, වැලිවේරියේ අවුරුදු උත්සවයක මැරතන් තරඟ ආරම්භය සනිටුහන් කල අවස්ථාවේ පුපුරා ගිය මරාගෙන මැරෙන එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්විය.[1] ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයෝ 14 දෙනෙකුට සිය ජීවිත අහිමි වූ අතර, තවත් 90 කට වැඩි පිරිසකට තුවාල සිදුවිය. මිය ගිය අය අතර ශ්‍රී ලංකාවේ ජාතික මළල ක්‍රීඩා පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස්, දේශපාලඥ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, සහ හමුදා නිලදාරී කර්නල් උදයධීර යන අය වූහ.[2][3]

සමත්කම් සංස්කරණය

  • මැරතන් තරඟ විස්තර පිළිබඳව
වර්ෂය තරඟය තැන ස්ථානය තරඟ නිමි කාලය
  ශ්‍රී ලංකා නියෝජනය
1992 ඔලිම්පික් ක්‍රීඩා බාර්සිලෝනා, ස්පාඤ්ඤය 71 2:32:26
1993 ලෝක මළල ක්‍රීඩා ශූරතාවලිය Stuttgart, ජර්මනිය 40 2:34:47

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "බ්ලාස්ට් කිල්ස් ශ්‍රී ලංකන් මිනිස්ටර්". BBC News. 6 අප්‍රියෙල් 2008. සම්ප්‍රවේශය 2008-04-10.
  2. "IAAF කන්ඩෙම්න්ස් බෝම්බිං ඔෆ් මැරතන් ඉන් ශ්‍රී ලංකා". IAAF.org. 6 April 2008. සම්ප්‍රවේශය 2008-04-06.
  3. "ට්‍රිබියුට්ස් පේඩ් ටු කරු ඇන්ඩ් අල්විස්". BBC News. 6 April 2008.

භාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කුරුප්පු_කරුණාරත්න&oldid=291957" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි