ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය

ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය දවසේ කවර වෙලාවක වුවද මොනරුන් විශාල ගනනක් නැරඹිය හැකි කතරගමට ආසන්නව පිහිටි වන පෙතක් ලෙස හඳුන්වාදිය හැක. ලුනුගම්වෙහෙර ජලාශයේ ජල පෝශක ප්‍රදේශය වන ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය බටහිරින් උඩවලව ජාතික වනෝද්‍යානයටත් නැගෙනහිරින් රුහුනු ජාතික වනෝද්‍යානයටත් අතර අන්තර් කලාපයේ පිහිටා තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුනුගම්වෙහෙර ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයටත් මොණරාගල දිස්ත්‍රික්කයේ තනමල්විල, වැල්ලවාය, කතරගම, බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලටත් මායිම්ව හෙක්ටයාර් 23,498 ක ප්‍රදේශයක් වසා පැතිර ඇත.

  • ගොඩබිම් ප්‍රමානය - හෙක්ටයාර 20,156 (85.78%)
  • ලුනුගම්වෙහෙර ජලාශය - හෙක්ටයාර 3,283 (13.97%)
  • කුඩා ජලාශ - හෙක්ටයාර් 59 (0.25%)
ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය
IUCN category II (national park)
Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.
පිහිටුමඌව පළාත සහ දකුණු පළාත, ශ්‍රී ලංකාව
සමීපතම නගරයහම්බන්තොට
වර්ග ප්‍රමාණය23,498.8 හෙක් (58,066.8 අක්)
සංස්ථාපනයදෙසැම්බර් 8, 1995
පාලක ස්ථිතියවනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව

මෙම ලුනුගම්වෙහෙර ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ජාතික වනෝද්‍යානයක් බවට ප්‍රකාශයට පත් කර ඇත්තේ 1995 දෙසැම්බර් 08 වනද සිටය. ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට ප්‍රධාන මාර්ග දෙකකින් ලගා විය හැක. කොළඹ සිට රත්නපුරය හරහා පැමිනෙන්නේ නම් පැල්මඩුල්ලෙන් හැරී උඩවලව තනමල්විල පසුකර කි.මී. 231 ක මග ගෙවා මෙහි ලගා විය හැකිය. කොළඹ සිට ගාළු පාර හරහා පැමිනෙන්නේ නම් හම්බන්තොට තිස්සමහාරාමය තනමල්විල හරහා කි.මී. 265 ක මග ගෙවා ලුනුගම්වෙහෙර වනෝද්‍යනයට ලගා විය හැකිය.

ජෛව විවිධත්වය අතින්ද ඉතා ඉහල මට්ටමක පවතින ලුනුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුල මත්ෂ්‍ය විශේෂ 21ක් ද උභය ජීවීන් විශේෂ 12ක් ද් ක්ෂීරපායි විශේෂ 4ක් ද සැරිසරන පක්ෂී විශේෂ 184 ක් ද වාර්තා වී තිබේ.

වනෝද්‍යනය තුල, සංස්කරණය

සාමාන්‍ය උස මුහුදු මට්ටමේ සිට මීටර් 91 උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 290 ( සිත්තරම ) සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1000 (කාලීන වර්ෂාපතනයක් හා එකාකාරී ඉහල උෂ්නත්වයක් පවතී)