ලෂ්කාර්-ඊ-ටයිබා

පකිස්තානු සටන්කාමී කණ්ඩායම

ලෂ්කාර්-ඊ-ටයිබා (උර්දු: [لشکرطیبہ] Error: {{Lang}}: unrecognized language tag: උර්දු (help) laškar-ĕ ṯayyiba; වචනාර්ථයෙන් යහපත සඳහාවූ සේනාව, පරිවර්තනය වන්නේ ධර්මිෂ්ඨයන්ගේ සේනාව, හෝ පරිශුද්ධයන්ගේ සේනාව) — ලෂ්කාර්-අයි-ටයියාබා, ලෂ්කාර්-ඊ-ටයියාබා, ලෂ්කාර්-ඊ-ටයියිබා, ලෂ්කාර්-අයි-ටයිබා, හෝ එල්ඊටී ලෙසින්ද අක්ෂර පරිවර්තනය වේ— යනු දකුණු ආසියාවේ විශාලතම හා බෙහෙවින් සක්‍රීය සටන්කාමී සංවිධාන අතුරින් එකකි. එයට මූල්‍යාධාර සපයන ලද්දේ ඇෆ්ගනිස්තානයේ, කුනාර් ප්‍රාන්තයෙහි හෆීෆ් මුහාමද් සයීඩ් සහ සාෆාර් ඉක්බාල්[2][3] විසින් වන අතර එය දැනට පාකිස්තානයේ, ලාහෝරයට කිට්ටුවෙන් පාදක වී, පාකිස්තාන-පරිපාලිත කාෂ්මීරය තුල පුහුණු කඳවුරු කිහිපයක් පවත්වා ගෙන යති.[4] ලෂ්කාර්-ඊ-ටයිබා සාමාජීකයන් ඉන්දියාවට එරෙහිව ප්‍රධාන පහරදීම් කිහිපයක් එල්ල කර ඇති අතර ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ දකුණු ආසියාවේ මුස්ලිම් රාජ්‍යයක් බිහිකිරීම සහ ඉන්දියානු පරිපාලිත කාෂ්මීරය තුල පදිංචිව සිටින මුස්ලිම් වරුන් "නිදහස් කරගැනීම" වේ‍.[3][5] පකිස්තානයට විරුද්ධව, විශේෂයෙන් කරච්චිය තුල, හිටපු ජනාධිපති පර්වෙස් මුෂාරෆ්ගේ ප්‍රතිපත්තීන්ට විරුද්ධත්වය පල කෙරුමට, පහරදීම් එල්ල කල බවට සමහරක් කැඩී ගිය ලෂ්කාර් සාමාජීකයන්ට චෝදනා එල්ල වී ඇත.[6] මෙම සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසින් ඉන්දියාව, පකිස්තානය, එක්සත් ජනපද,[7] the එක්සත් රාජධානිය,[6] යුරෝපීය සංගමය,[8] රුසියාව[9] සහ ඕස්ට්‍රේලියාව විසින් තහනම් කර ඇත.[10] එ.ජ. බුද්ධි තොරතුරු නිලධාරින් විශ්වාස කරනුයේ පකිස්තානයේ ප්‍රධාන රහස් ඔත්තු කාර්යාංශය වන, අන්තර්-සේවා රහස්ඔත්තු සංවිධානය (අයිඑස්අයි), දිගින්දිගටම එල්ඊටී වෙත බුද්ධිමය තොරතුරු සහ ආරක්ෂාව සපයන බවය.[11]

ලෂ්කාර්-ඊ-ටයිබා
ප්‍රධාන ක්‍රියාවන්1991 - මේ දක්වා
නායකයා(න්)හෆීෆ් මුහාමද් සයීඩ්
අභිප්‍රායයන්ප්‍රාන්තයෙහි ඉන්දියානු පාලනය අවසන් කිරීමෙන් අනතුරුව ජම්මු සහ කාෂ්මීරය පාකිස්තානය සමග ඒකාබද්ධ කිරීම, ගෝලීය සාර්ව-ඉස්ලාම් භාවය සඳහා දකුණු ආසියාව සූදානම් කිරීම හා හින්දු වරුන් වාර්ගික පවිත්‍රකරණයකට ලක් කිරීම [1]
සක්‍රීය භූමිප්‍රදේශය (න්)ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය [1]
මතවාදයඉස්ලාම්වාදය,
ඉස්ලාම් මූලධර්මවාදය,
සාර්ව-ඉස්ලාම් වාදය,
කාෂ්මීර නිදහස
සංගණ්‍ය ප්‍රහාරමරාගෙන මැරෙන ප්‍රහාර, මුස්ලිම්-නොවන සිවිල් වැසියන් ඝාතනය, ආරක්ෂක හමුදා වෙත ප්‍රහාර එල්ල කිරීම.[1] ජම්මු හා කාෂ්මීර ප්‍රහාරයන්; 2008 නොවැම්බර මුම්බායි ප්‍රහාර (ලෂ්කාර්-ඊ-ටයිබා සාමාජීකයන් වෙත ආරෝපණය කෙරිණි)
තත්ත්වයඑ.ජ. විසින් එ.ජ. රාජ්‍ය දෙපර්තමේන්තුවෙහි විදේශ ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවට එක් කෙරිණි. (26 දෙසැම්බර 2001); එ.රා. හි තහණම් කෙරිණි (2001); පකිස්තානයෙහි තහනම් කෙරිණි (2002); එ.ජ. විසින්, සබඳකම් පවත්වන ජමාත්-උද්-ඩාවා (ජඋඩා) පක්ෂය තහනම් කෙරිණි. (2006), මෙම ක්‍රියාව එ.ජා. විසින් අනුමත කෙරිණි (2008)

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 1.2 Encyclopedia of Terrorism, pp 212-213 , By Harvey W. Kushner, Edition: illustrated, Published by SAGE, 2003, ISBN 0761924086, 9780761924081
  2. The 15 faces of terrorRediff.com
  3. 3.0 3.1 "Who is Lashkar-e-Tayiba". Dawn. Dawn. 2008-12-03. 2017-07-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-12-03. {{cite news}}: Check date values in: |date= (help)
  4. Kurth Cronin, Audrey; Huda Aden, Adam Frost, and Benjamin Jones (2004-02-06). "Foreign Terrorist Organizations" (PDF). Congressional Research Service. Retrieved on 2009-03-04.
  5. The evolution of Islamic Terrorism by John Moore, PBS
  6. 6.0 6.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; bbcprofile නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. USA redesignates Pakistan-based terror groups The Tribune
  8. http://eur-lex.europa.eu/LexUriServ/LexUriServ.do?uri=CELEX:32003D0902:EN:HTML Council Decision of 22 December 2003
  9. Terror list out Arab Times
  10. Australian National Security, Listing of Terrorism OrganisationsAttorney-General's Department
  11. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; NYTZarrarRole නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=ලෂ්කාර්-ඊ-ටයිබා&oldid=593210" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි