කරච්චි ( සින්ධි: ڪراچي ), ( උර්දු: کاراچی ) පාකිස්තානයේ විශාලතම නගරය මෙන්ම සින්ද් පළාතේ අගනුවර වේ. 1958 වන තෙක් එය පාකිස්තානයේ අගනුවර ද විය. එය ආලෝකයේ නගරය යනුවෙන් ද හැඳින්වේ. එය ලෝකයේ තිබෙන විශාලතම මෙගාසිටි වලින් එකකි. [1] 2017 වන විට කරච්චියේ මිලියන 17.63 ක ජනතාවක් ජීවත් වන ලදී. [2] එය මුස්ලිම් ලෝකයේ විශාලතම නගරයයි.

ක්වායිඩ්-ඊ-අසාම් මුහම්මද් අලි ජින්නාගේ සොහොන් ගෙය
කරච්චි නගරයේ දිස්ත්‍රික් රජයේ ලාංඡන

කරච්චි නුවරට දිස්ත්‍රික්ක පහක් ඇත: දකුණ, නැගෙනහිර, බටහිර, මධ්‍යම සහ මාලිර් දිස්ත්‍රික්ක ඒවායේ නම් වේ. මේ නුවර පාකිස්තානයේ මූල්‍ය හා වාණිජ මධ්‍යස්ථානයයි.

අදාළ පිටු

සංස්කරණය

යොමු කිරීම්

සංස්කරණය
  1. ^ Barbara A. Weightman (15 June 2011), Dragons and Tigers: A Geography of South, East, and Southeast Asia, John Wiley & Sons, , https://books.google.com/books?id=qeBfed17zxEC&pg=PA187 
  2. ^ "Karachi Population 2017". World Population Review. සම්ප්‍රවේශය 13 June 2017.
"https://si.wikipedia.org/w/index.php?title=කරච්චිය&oldid=697323" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි