රුසියාවේ නව වසර
රුසියාවේ නව වසර (රුසියානු බසින්: Новый год в России ~ //"නෝවී ගෝත් ව් රසී"// ) යනු සෑම වසරක මැ දෙසැම්බර 31 හා ජනවාරි 1 අතර වන රැයේ සමරනු ලබන රුසියානු දින දසුන් නිවාඩු දිනවලින් එකෙකි.
ඉතිහස
සංස්කරණයරුසියාවේ නව වසර සැමැරීම පිළිබැඳි තොරතුරු 15 වන සියවස අවසන සිටැ දැකිය හැකි - මොසකවීතෆ් පැරීසියානු සදකොසුවෙහි (දා ස වෙනි සියවස) නව වසර නිවාඩුව සඳහා වන රුසියානු නම සඳහනි : "වසරේ පළමු දිනය". සෑම වසරක් මැ ජූලියන් දින දසුනට අනුවැ මාරතු 1 වැනි දා ඇරැඹී පෙබරවාරි 28 වැනි දා හෝ අදිවසරවල දී පෙබරවාරි 29 වැනි දා හෝ අවසන් වියැ.
වසර 1492 සිටැ (කොන්ස්තන්තිනෝපල් යුගයට අනුවැ), රුසියාවේ සෑම නව වසරක් මැ ජූලියන් දින දසුනට අනුවැ සැප්තැම්බර 1 වන දින ඇරැඹිණ. රුසියාවේ පළමු වැනි පීත්රා නොහොත් මහා පීත්රා අදිරජ යටතේ, 1700 වසරේ සිට එ මැ ජූලියන් දින දසුනට අනුවැ වසරක් පාසා ජනවාරි 1 වන දින නව වසර සැමැරීමට පටන් ගැනිණ.
1700 ට පෙර නව වසර සැමැරීම
සංස්කරණයක්රෙම්ලිනයේ නව වසර සැමැරීමේ දී, "නව ගිම්හානයක ඇරැඹුම", "ගිම්හානය සඳහා" හෝ "දිගුකාලීන සෞඛ්‍යයේ ක්‍රියාව" යන උත්සව පැවැත්විණ. නූතන සටහන් අනුවැ පෙරවරු 9 ට පමණ උත්සවය ඇරැඹිණ.
මහා පීත්රා අදිරජ සිදු කළ වෙනස
සංස්කරණය1700 සිට, මහා පීත්රා අදිරජ අණින්, රුසියාවේ නව වසර අනෙකුදු යුරෝපා රටැ රටැ මෙන් ජනවාරි 1 වන දින සැමැරීමට පටන් ගත් නමුදු එය පැරැණි ජූලියන් දින දසුනට අනුවැ විය.
කෙසේ නමුදු, 1700 වන විට, බොහෝ යුරෝපා රටවල් ග්‍රෙගෝරියානු දින දසුනට මාරු වී තිබූ බැවින් රුසියාව යුරෝපා රටවලට වඩා දින 10 කට පසුව 1700 වසර ඇරැඹුම සමරනු ලැබී යැ. එය 1701-1800 ඇරැඹුම - දින 11කට පසුව, 1801-1900 - දින 12කට හා 1901-1918 - දින13කට පසුව ඈ ලෙස වියැ. 1918 පෙබරවාරි 1 (14) වන දින සෝවියට් රුසියාවට ග්‍රෙගෝරියානු දින දසුන හඳුන්වා දුන් අතර 1919 උදාව සැමැරීම නව ආරකින් සිදු විය.
නව ආර
සංස්කරණය1918 දී බොල්ෂෙවික්වරුන්ගේ අණින් නව ආරකට සංක්‍රමණය වීමත් සමඟ යුරෝපය හා සමපාත වූ පළමු නව වසර 1919 දී වියැ. මීට අමතර වැ, ජනවාරි 14 වන දිනට වැටුණු පැරැණි නව වසර ලෙස හැඳින්වුණු නව වසර ද මතු විය.