රාම් තේරී ගංගා මේලී

රාජ් කපූර්ගේ 1985 චිත්‍රපටය

රාම් තේරී ගංගා මේලී (පරිවර්. රාම්, නුඹේ ගංගා කිළිටි ය) යනුවෙන් හැඳින්වෙන්නේ රාජ් කපූර් විසින් අධ්‍යක්ෂණය කළ 1985 ඉන්දියානු හින්දි-භාෂා ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය සිදුකරන්නේ මන්දාකිනී සහ රජීව් කපූර් විසිනි. මෙම චිත්‍රපටය උදෙසා සංගීත අධ්‍යක්ෂක රවීන්ද්‍ර ජෛන් හට ෆිල්ම්ෆෙයාර් සම්මානයක් හිමි විය.

රාම් තේරී ගංගා මේලී
සිනමාහල් පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයරාජ් කපූර්
රචනය‍රාජ් කපූර්
වී. පී. සාථේ
කේ. කේ. සිං
ජ්‍යෝති ස්වරූප්
නිශ්පාදනයරන්ධීර් කපූර්
රංගන ශිල්පීන්මන්දාකිනී
රජීව් කපූර්
සිනෙමාරූපණය‍රාදූ කාර්
සංස්කරණයරාජ් කපූර්
සංගීතයරවීන්ද්‍ර ජෛන්
බෙදාහැරීමආර්. කේ. ෆිල්ම්ස්
නිකුත්වූ දිනය
  • 16 අගෝස්තු 1985 (1985-08-16)
තිර කාලය
178 මිනිත්තු
රටඉන්දියාව
භාෂාවහින්දී
ආදායම₹19 කෝටි (2016 දී කෝටි ₹326 සමාන වේ (US$46 මිලියන))

මෙම චිත්‍රපටය අතිශයින්ම ආන්දෝලනාත්මක නිර්මාණයක් වූයේ එහි මන්දාකිනී මව්කිරි ලබාදෙන සහ දුහුල් සාරියකින් සැරසී ස්නානය කරන දර්ශන අන්තර්ගත වීම නිසායි. එය එකල ඉන්දියානු චිත්‍රපට වාරණ මණ්ඩලය හට එතරම් හුරුපුරුදු දසුනක් නොවී ය. එහෙත් මුලින් එයට U (සර්වත්‍ර) වයස් සීමාව ලබාදුන් අතර, පසුව එය U/A ලෙස වෙනස් කෙරිණ. මෙය රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටය ද වේ.

රාම් තේරී ගංගා මේලී චිත්‍රපටය ඉන්දියානු සිනමාවේ ඉහළම ආදායම් වාර්තා ඉපැයූ බ්ලොක්බස්ටර අතුරින් එකකි. එසේම මෙය එම වර්ෂයේ වැඩිම ආදායමක් ලද චිත්‍රපටය ද වේ. ක්‍රාන්ති (1981) සහ මේනේ ප්‍යාර් කියා (1989) යන චිත්‍රපට සේම මෙම චිත්‍රපටය ද 1980 දශකයේ ඉහළම ආදායමක් ඉපැයූ චිත්‍රපට අතුරින් එකකි.[1]

චරිත නිරූපණය සංස්කරණය

සම්මාන සංස්කරණය

මෙම චිත්‍රපටය ෆිල්ම්ෆෙයාර් සම්මාන පහක් හිමිකරගත්තේ ය.

ගීත සංස්කරණය

මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ රවීන්ද්‍ර ජෛන් විසිනි. ඒ සඳහා ඔහුට හොඳම සංගීත අධ්‍යක්ෂණයට වූ ෆිල්ම්ෆෙයාර් සම්මානය හිමි විය.

  1. "ඒක් දුඛියාරී කහේ" – ලතා මංගේෂ්කර්
  2. "ඒක් රාධා ඒක් මීරා" – ලතා මංගේෂ්කර්
  3. "හුස්න් පහාදෝන් කා" – ලතා මංගේෂ්කර්, සුරේශ් වාද්කර්
  4. "රාම් තේරී ගංගා මේලී හෝ ගයී" – 1 කොටස – සුරේශ් වාද්කර්
  5. "සුන් සහීබා සුන් ප්‍යාර් කී ධුන් මේනේ තුජේ චුන් ලියා" – ලතා මංගේෂ්කර්; පද – හස්රත් ජයිපූරි
  6. "තුජේ බුලායේන් යේ මේරී බහේන්" – ලතා මංගේෂ්කර්
  7. "යාරා ඕ යාරා" – ලතා මංගේෂ්කර්, සුරේශ් වාද්කර්
  8. "රාම් තේරී ගංගා මේලී හෝ ගයී" – 2 කොටස – සුරේශ් වාද්කර්
  9. "මේන් හී මේන් හූන්" -සුරේශ් වාද්කර්; පද – ආමීර් කසල්බාෂ්

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Boxofficeindia.com". 2013-10-14. 2013-10-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2020-08-07.
  2. "Best Editor Award". Official Listings, Indiatimes. සම්ප්‍රවේශය 29 April 2014.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රාම්_තේරී_ගංගා_මේලී&oldid=479814" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි