රණවන පුරාණ විහාරය ශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව ප්‍රදේශයේ පිහිටා ඇති පුරාණ බෞද්ධ විහාරයක් සේ සැළකේ. එය මහනුවර-කොළඹ මාර්ගයේ පිළිමතලාව නානුඔය පාලම අසල සිට ඇතුල් දෙසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ උසම සක්මන් බුද්ධ ප්‍රථිමාව මෙම විහාරස්ථානයේදී දැකගත හැකිවේ.

ඉතිහාසය සංස්කරණය

රණවන විහාරයේ ඉතිහාසය ගම්පොල යුගයේ සිව්වන බුවනෙකබාහු රජ සමය දක්වා දිවයන බැව් විශ්වාස කෙරේ. 1982 වර්ෂයේ විහාරයේ දාගැබෙහි සිදුකරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු වලදී ලෝහමය කරඩුවක් සොයා ගෙන තිබේ.[1]

මූලාශ්‍ර සංස්කරණය

  1. "හිස්ට්‍රි ඔෆ් ද ටෙම්පල්". රණවන පුරාණ විහාර නිල වෙබ් අඩවිය. සම්ප්‍රවේශය 10 ජූලි 2016.
"https://si.wikipedia.org/w/index.php?title=රණවන_පුරාණ_විහාරය&oldid=367314" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි