හතරවන බුවනෙකබාහු රජ

කලින් උප නගරයක් ව පැවතුනු නිසාත්, කඳු කිහිපයකින් වට වූ තැනිතලා බිමක පිහිටි නිසාත්, ශ්‍රී පාද මාර්ගයේ සන්ධිස්ථානයක පිහිටි නිසාත්, මහවැලි ගඟ ගලා බසින නිම් තෙරෙහි පිහිටි නිසාත්, ක්‍රිස්තු වර්ෂ 1341 දී රජ වූ හතරවන බුවනෙකබාහු කුමරු තම අග නගරය වශයෙන් ගම්පොළ තෝරා ගත්තේය.

ඒ කාලයේම ඔහුගේ සහෝදර පස්වන පරාක්‍රමබාහු කෑගලු දිස්ත්‍රික්කයේ දැදිගම පාලනය කළේය. මේ යුගයේම අලකේශ්වර නම් වූ ප්‍රභූ පරම්පරාවක් කළුතර දිස්ත්‍රික්කයේ රයිගම බලවත් වී සිටි අතර, ගම්පොළ රජ පවුල හා සම්බන්ධතා පැවැත්වූ තවත් ප්‍රධාන පවුලක් වශයෙන් සේනාධිලංකාර සෙනෙවිරත් පවුල හැඳින්විය හැකිය.

ඉතිහාසය නැවත නැවත සිදු වීම නිසා දෝ නිරිතදිග රාජධානිවල මුල්ම රාජධානි මාරුව, එනම් අගනුවර දඹදෙනිය නගරයෙන් යාපහුව ට ගෙන ගියේ පළමු බුවනෙකබාහු රජතුමා ය. යාපහුව බලකොටුවෙන් කුරුණෑගල ට ගෙන ගියේ දෙවන බුවනෙකබාහු රජතුමා ය. කුරුණෑගලින් ගම්පොළට ගෙන ගියේ සතරවන බුවනෙකබහු රජතුමා ය.

ක්‍රිස්තු වර්ෂ 1351 දක්වා මෙතුමා රජ කළ අතර ඉන් පසු රාජ්‍යත්වයට පත් වූයේ පස්වන පරාක්‍රමබාහු රජතුමා ය.


සබැඳි පිටු

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=හතරවන_බුවනෙකබාහු_රජ&oldid=430264" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි