යූනිකාස්ථිය
පෘෂ්ඨවංශිකයන්ගේ යූනික අස්ථිය යනු, ශ්‍රෝණියෙහි එක් එක් අර්ධය සදන්නාවූ ප්‍රධාන අස්ථීන් තුන අතුරින් උදරීය සහ පූර්ව අස්ථිය වෙයි.
ශ්‍රෝණියෙහි යූනිකය | |
---|---|
විස්තර | |
ලතින් | ඔස් පියුබිස් |
හඳුන්වන | |
ග්‍රේ ගේ | p.236 |
MeSH | A02.835.232.611.781 |
Anatomical terms of bone |
ව්‍යුහය
සංස්කරණයඑය මේද ස්ථරයකින් ආවරණය වී ඇති අතර, එය යළිත් යූනික පීඨය වෙතින් ආවරණය වී ඇත.
බඳක්, උත්තර ශාඛාවක් සහ අධර ශාඛාවක් ලෙසින් කොටස් වලට එය බෙදිය හැකිය.
ස්ත්‍රීන් තුල, යූනිකාස්ථිය පිහිටන්නේ මූත්‍රශිය ස්පන්ජියට පූර්ව ලෙසිනි.
යූනික අස්ථියෝගයෙහිදී වම් සහ දකුණු උකුල් ඇට එකිනෙක සම්බන්ධ වෙති.
යූනිය යනු උපරි යූනික පෙදෙසෙහි පහළතම සීමාව වෙයි.
කාර්යය
සංස්කරණයඑහි බාහිර පෘෂ්ඨය වෙතින්, චන්ද්‍රාංශ පෘෂ්ඨය සහ ශ්‍රෝණිකෝටරමය නිඛාතය යන දෙකම වෙත දායකත්වය සැපයීම තුලින් බඳ විසින් ශ්‍රෝණිකෝටරයෙන් පහෙන්-එක් පංගුවක් තනයි. කුඩා ශ්‍රෝණියෙහි බිත්ති සැදිල්ල වෙතට විවෘත වන එහි අභ්‍යන්තර පෘෂ්ඨය විසින්, අභ්‍යන්තර ඡාදක පේශියෙහි කොටසකට සම්භවය සපයයි.
සත්ත්වයන් තුල
සංස්කරණයඩයිනසෝරයෝ
සංස්කරණයසෝරුස්කියා සහ ඔනිතිකියා ලෙසින් ඩයිනසෝර වංශප්‍රවේණික බන්ධුතාවය බෙදා ඇත්තේ, විශේෂයෙන් යූනියට වැදගත්කමක් දෙමින් උකුලෙහි ව්‍යුහය මත පදනම් වය. [1] "අවරයූනික" ශ්‍රෝණියක් යනු, සත්ත්වයාගේ වලිගය දෙසට වන්නට යූනිකාස්ථිය පසුපසට දිගුවන්නාවූ තත්ත්වයක් වන අතර, කුරුල්ලන් අතරද මෙම ගති ලක්ෂණය පවතියි.[2] කෙසේවෙතත්, "ඉදිරියූනික" ශ්‍රෝණියකදී යූනිකාස්ථිය දිගුවන්නේ සත්ත්වයාගේ හිස දෙසට වන අතර පහත රූපයේ දැක්වෙන සෝරුස්කියානු ශ්‍රෝණි ව්‍යුහයේ එය දිස්වෙයි.
-
ඔනිතිකියානු ශ්‍රෝණි ව්‍යුහය (වම් පැත්ත)
-
සෝරුස්කියානු ශ්‍රෝණි ව්‍යුහය (වම් පැත්ත).
-
යූනිය
ආශ්‍රිත
සංස්කරණයපොදු වසමෙහි පවතින ග්‍රේගේ ව්‍යුහ විද්‍යාවෙහි (1918) 20වන සංස්කරණයෙහි පෙළ මෙම ලිපියෙහි අන්තර්ගත වෙයි