යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණය, 2016 හී පසුවිපාක

යුරෝපියානු සංගමය වෙතින් ඉවත් වීම වෙනුවෙන්, බහුතරයක් ඡන්දය ප්‍රකාශ කළ හා 2016 ජූනි 23 දින පැවැත්වුනු යුරෝපියානු සංගමයෙහි සාමාජිකත්වය පිළිබඳ එක්සත් රාජධානිය තුල ජනමත විචාරණයෙහි පසුවිපාක ලෙසින් එක්සත් රාජධානිය විසින් දේශපාලනමය සහ ආර්ථිකමය හිරිහැර අත්විඳි අතර, යුරෝපියානු සංගමයෙහි අනෙකුත් ප්‍රදේශ සහ පුළුල් වශයෙන් මුළු ලෝකය පුරා එහි බලපෑම දැනුණි. ජනම. විචාරණයෙහිදී සංගමය තුල රැඳී සිටිය යුතුය යන ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රියා කළ අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්, 2016 ජූනි 24 දිනදී ඔහුගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළ අතර, නායකත්ව වෙනසක් සඳහා උත්සන්න වෙමින් පැවතිණු පීඩනයක් අබියස සිටි විපක්ෂ නායක ජෙරමි කෝර්බින් විශ්වාස භංග යෝජනාවකදී පරාජයට පත් විය. තමන්ගේ දේශපාලන ඉලක්ක සපුරාගෙන ඇති බවට ප්‍රකාශ කරමින්, යුරෝපියානු සංගමයෙන් ඉවත් විය යුතු බවට යන්නට පක්ෂපාතිවූ යූකේඅයිපී පක්ෂයෙහි නායක නයිජල් ෆරාජ් විසින්ද ජූලි 4 දිනදී ප්‍රකාශ කලේ තමන් ඉල්ලා අස්වන බවයි.

බ්‍රිතාන්‍යය ඉවත් වීම සඳහා වන කාල පරිමාණය පිළිබඳව සැලකිය යුතු දේශපාලනමය විසම්මුති පවතින අතර, එය විසින් ප්‍රමන්ත්‍රණය කෙරෙනුයේ කවර කොන්දේසිද (ගමනය පිළිබඳ නිදහස අවසන් කෙරුමට යුරෝපියානු ආර්ථීක ප්‍රදේශ තනි වෙළෙඳපොල වෙත ප්‍රවේශය පරිත්‍යාග කල යුතු බවද වැනි),[1] සහ ( යුරෝපියානු සංගමයෙන් ඉවත්වීම පාලනය කරන්නාවූ) ලිස්බන් සම්මුතියෙහි 50 වන කොන්දේසිය ක්‍රියාරම්භ කල යුතුද, එය ක්‍රියාරම්භ කල හැක්කේ කවුරුන් විසින්ද සහ, එය කිසිදා හෝ ක්‍රියාරම්භ කරයිද යන කාරණා මෙයට අයත් වෙති. ඉවත්වීම තහවුරු කිරීමට පෙර මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවට, කොන්සර්වේටිව් ජේකබ් රීස්-මොග් සහ ලිබරල් ඩිමොක්‍රැට් නික් ක්ලේග් ඇතුළු සමහරක් දේශපාලනඥයින් විසින්,[2] අදහස් ඉදිරිපත් කර ඇත.

ජනමත විමසුමෙහි ඡන්දය ප්‍රකාශ කර තුබූ ආකාරයෙහි විවිධ භාවයක් පැවතිණි: මහ ලන්ඩනය සහ අනෙකුත් බොහෝ නගර, ස්කොට්ලන්තය, ජිබ්‍රොල්ටාව සහ, උතුරු අයර්ලන්තය යන්නන් යුරෝපියානු සංගමය සමග රැඳී සිටීමට ඡන්දය භාවිතා කළහ; එංගලන්තයෙහි සහ වේල්සයෙහි ඉතිරිය සහ ප්‍රධාන වශයෙන් උතුරු අයර්ලන්තයෙහි යූනියන්වාදී කොටස් පෙන්නුම් කලේ බහුතරයක් ජනතාව ඉවත් වීමට ඡන්දය භාවිතා කල බවකි. [3] සමහරක් ජාතිකවාදීන් අතර උද්වේගයන් ජනිත කිරීමට මෙය ඉවහල් විය: කිසියම් ඉවත්වීමේ නීති සම්පාදනයන්ට එරෙහිව නිෂේධ බලය භාවිතා කරන බවට ස්කොට්ලන්තයේ ප්‍රථම අමාත්‍යවර නිකොල ස්ටර්ජන් තර්ජනය කර සිටිමින්, ස්කොට්ලන්ත නිදහස පිළිබඳ දෙවන ජනමත විචාරණයක් සඳහා සැලසුම් කිරීම අරඹන ලද අතර, උතුරු අයර්ලන්තයෙහි නියෝජ්‍ය ප්‍රථම අමාත්‍යවර ෂින් ෆයින්හී මාටින් මක්ගිනිස් විසින් එක්සත් අයර්ලන්තයක් සඳහා ජනමත විචාරණයක් ඉල්ලා සිටියේය. ජිබ්‍රෝල්ටාවේ සහ ලන්ඩනයෙහි තත්ත්වයද පිළිබඳ ප්‍රශ්න මතු විය.

  1. හැරී කොක්බර්න් (28 ජූනි 2016). "යූකේ සින්ගල් මාර්කට් ඇක්සස් ‘නොට් අ රියලිස්ටික් ඔප්ෂන්’ විත්අවුට් ඇක්සෙප්ටිං ඊයූ රූල්ස්, ජර්මනි වෝන්ස්". දි ඉන්ඩිපෙන්ඩන්ට්. http://www.independent.co.uk/news/uk/politics/brexit-angela-merkel-uk-single-market-eu-rules-freedom-movement-a7107281.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 ජූලි 2016. 
  2. නික් ක්ලේග් (3 ජූලි 2016). "බ්‍රිටන් මස්ට් හෑව් අ ජෙනරල් ඉලෙක්ෂන් බිෆෝ ඇක්ටිවේටිං ආටිකල් 50". දි ඔබ්සර්වර්. https://www.theguardian.com/commentisfree/2016/jul/03/britain-general-election-before-article-50. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 ජූලි 2016. 
  3. "ද බ්‍රෙක්සිට් වෝට් රිවල්ස් අ කන්ට්‍රි ස්ප්ලිට් ඩවුන් ද මිඩ්ල්", දි ඉකනමිස්ට්, 24 ජූනි 2016, සම්ප්‍රවේශය 4 ජූලි 2016