යාගොඩ දුම්රිය ස්ථානය

යාගොඩ දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ යාගොඩ ගම තුල පිහිටි දුම්රිය ස්ථානය වේ.

යාගොඩ දුම්රිය ස්ථානය
ගොනුව:JudeY1.jpg
දුම්රියපල සංඛ්‍යාලේඛන
ලිපිනයයාගොඩ
ශ්‍රී ලංකාව
මාර්ග(ය)ප්‍රධාන දුම්රිය මාර්ගය
වේදිකා ගණන02
දුම්රිය මාර්ග02
වෙනත් තොරතුරු
විද්‍යුතනයනැත
හිමිකාරත්වයශ්‍රී ලංකා දුම්රිය සේවය

පිහිටීම සංස්කරණය

යාගොඩ ගම මධ්‍යයේ පිහිටි මෙම දුම්රිය ස්ඨානය කෘෂිකර්මාන්තය අතින් ජීවන රටාවක් ගෙවන ජනතාවක් ජිවත්වන ප්‍රෙද්ශයක් වුවද නගරයේ රැකියාවන් සදහා පිටත්වන්නාවු අයවළුන්ගේ මෙන්ම පාසැල් සදහා ගමන් ගන්නාවු පාසැල් දරැවන්ගේ පහසුව සදහා මහත්වු කාරය භාරයක් ඉටුකරණ දුම්රිය ස්ථානයක් වශයෙන් හැදින් විය හැක. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 13 ක් පමණ දුරකින් පිහිටි යාගොඩ දුම්රිය ස්ථානය, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ 14 වැනියාට හමුවන දුම්රිය ස්ථානය වන අතර එය මුහුදු මට්ටමේ සිට මීටර් 10.45 ක උන්නතාංශයකින් යුතුව පිහිටා තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් යාගොඩ දුම්රිය ස්ථානය පහල දුම්රිය මාර්ගයේ කොළඹ පැත්තට ගණේමුල්ල දුම්රිය ස්ථානයටත් ඉහල දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල පැත්තට ගම්පහ දුම්රිය ස්ථානයටත් අතර මැද පිහිටා ඇති ප්‍රධාන දුම්රිය ස්ථානයකි. මීටර් 800 ක් වැනි ආසන්න දුරකින් යාගොඩ පුරාණ සුගතානන්දාරාම රජ මහා විහාරය පිහිටා තිබේ.

ඉතිහාසය සංස්කරණය

බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රීක්කයට අයත් වන යාගොඩ දුම්රිය ස්ථානය පිහිටා ඇති යාගොඩ ගම් ප්‍රෙද්ශය නගරය ඉතිහාසය අතින් මෙන්ම භුගෝලිය සාධකයන් අතින්ද ඉතාමත් වැදගත් ස්ථානයක පිහිටා ඇත.යාගොඩ සුගතානන්දාරාම රජ මහා විහාරය මෙම දුම්රිය ස්ඨානයට මීටර් 900 ක් වැනි ආසන්න දුරකින් පිහිටා ඇති අතර දුම්රිය ස්ථානය පිහිටා ඇති ස්ථානය අවට මනස්කාන්ත වෙල් යායකින් වට වී ඇති බැවින් දුම්රිය ස්ථානයේ මනහර බව මනාවට කියාපාන්නාවු සාධකයකි්‍. තවද දිනපතා රාජකාරින් සදහා කෙළඔට සාමාන්‍ය වශයෙක් ජනතාවක් දිනපතා මෙම දුම්රිය ස්ථානයෙන් ගමන් ගන්නා බැව් දුම්රියේ ගමන් කරන්නාවු අයෙකුට දැකගත හැකි කරැණක් වනු නොඅනුමානය.

ජීවත් වන ජනතාව සංස්කරණය

බොදු ජනතාවක් දිවි ගෙවන පරිසරයක් වශයෙන් සදහන් කළ හැකි වුවද සාමාන්‍ය වශයෙන් රෝමානු කතෝලික අයවලුන්ද දිවි ගෙවීම් කළද වෙනත් කිසිදු ජාතියකට අයත් අයවලුන් නොමැති ගැමි පරිසරයෙන් හෙබි ගම්මානයක් වශයෙන් සදහන් ලඛ හැක.

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=යාගොඩ_දුම්රිය_ස්ථානය&oldid=351286" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි