යටාල වෙහෙර හෙවත් දළදා දාගැබ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටා ඇති පුරාණ දාගැබක් වන අතර එය මහානාග යුවරජු විසින් කරවන ලද්දක් වේ. රහතන් වහන්සේලා වැඩසිටි ස්ථානයක් වු මෙය රුහුණු මාගම රාජධානිය තුල ඉදිකරන ලද ප්‍රථම චෛත්‍යය වශයෙන් සැලකෙන අතර[1] කලක් දළදාව නිදන් කර තිබී[2] ඇත.[3] ස්ථූපය හම්බන්තොට - කතරගම මාර්ගයේ දෙබරවැව හා අකුරුගොඩ ප්‍රදේශ අතර තිස්සමහාරාම දාගැබට කිලෝ මීටර 1 1/2 පමණ දුරින් පිහිටා තිබේ.

යටාල වෙහෙර
විස්තර
පිහිටුවීම
නිර්මාතෘමහානාග රජ
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

ඉතිහාසය සංස්කරණය

 
යටාල වෙහෙර වටා ඇති පුරාණ ඇත් පවුර

සිය බිසව පිරිමි දරුවෙකු බිහිකල පසුබිම මත[4], මහානාග රජු විසින් ක්‍රිස්තු පූර්ව 3වන සියවසේදී පමණ යටාල වෙහෙර ඉදිකෙරූ බව සඳහන් වේ. පැරණි ඉතිහාසමය මූලාශ්‍රයන්හී මෙම වෙහෙර, මණි චේතිය නමින් හඳුන්වා තිබේ.[5] ඉදිකොට නිමකරනු ලැබූ ස්ථූපය ත්‍රිපිටකාරිට්ඨ හිමියන්ට පූජා කළ බව ලළාට ධාතු වංශයේ සඳහන් වෙයි.

ස්ථූපය සංස්කරණය

ස්ථූපය වටා සතර දිසාවට විවර වූ වාහල්කඩ හතරක් දැකගත හැකිවන අතර එහි සිදුකල පුරාවිද්‍යා ගවේෂණ අනූව එහි ඉදිකිරීම් ප්‍රධාන යුග 3 කට අයත් බව තහවුරු කොට ගෙන තිබේ. පැරණිම කොටස කි‍්‍රස්තු පූර්ව යුගයට අයත් වන අතර, දෙවන කොටස සේ සැළකෙන තනි පේසාව කොටස ක්‍රිස්තු වර්ෂ 4වන සියවසට අයත් වේ. වර්ෂ 1884 දි කළ ඉදිකිරීම් තුන්වැනි සමයට අයත්ය.[1]

ස්ථූපය වටා ගල්කණු, ගල් පුවරු හා පැරණි ගඩොල් ආදිය විසිර පවතී. මීට අමතරව විහාරයේ නව සංඝාවාසය අසල විශාල ආසනඝර ගොඩනැගිල්ලක නටබුන් දැකගත හැකිවේ. සිදුකල පුරාවිද්‍යා කැණීම් වලදී පිහිටි පොළවට අඩි 3 ක් පමණ යටින් පැරණි ඇත් පවුරක අත්තිවාරමක්ද මතු කොට ගෙන ඇත.

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 "කුමරෙකු වෙනුවෙන් සෑදූ යටාල සෑ රදුන්..." බුදුසරණ. සම්ප්‍රවේශය 11 දෙසැම්බර් 2015.
  2. අසල ඇති සෙල්ලිපි
  3. "යටාල වෙහෙර ඇන්ඩ් මියුසියම්". tripsrilanka.info. සම්ප්‍රවේශය 11 දෙසැම්බර් 2015.
  4. "යටාල වෙහෙර". ලෝන්ලි ප්ලැනට්. සම්ප්‍රවේශය 11 දෙසැම්බර් 2015.
  5. "යටාල වෙහෙර". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 11 දෙසැම්බර් 2015.
"https://si.wikipedia.org/w/index.php?title=යටාල_වෙහෙර&oldid=399702" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි