මෝහිත් රයිනා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්දියානු රූපවාහිනියේ සහ බොලිවුඩයෙහි රංගනයෙහි නියුතු නළුවෙකි.[1][2]

මෝහිත් රයිනා
රයිනා 2013 දේවොන් කේ දේව් — මහාදේව්හි DVD නිකුතුවේ දී
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිරූපණ ශිල්පියකු, නළුවකු
සක්‍රීය වසර2004 – වර්තමානය

රූපවාහිනී සෝප් ඔපෙරාවල රංගනයෙහි නිරත වීමට ප්‍රථම රයිනා දේවොන් කේ දේව් - මහාදේව් සහ 2013 කතාමාලාවක් වූ මහාභාරත් යන කතාමාලාවල හින්දු දෙවියකු වන ශිවගේ චරිතය නිරූපණය කොට ඇත. ඔහු චේහ්රා (2009) සහ ගංගා කී ධීජ් (2010) යන සෝප් ඔපෙරා සඳහා රංගනයෙන් දායක විය. රයිනා සිය රංගන වෘත්තිය ආරම්භ කළේ විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී වැඩසටහනක් වූ අන්තරීක්ෂ් (2006) තුළ චරිත නිරූපණය කරමිනි. පසුව ඔහු මිතුන් චක්‍රබෝර්ති විසින් ප්‍රධාන චරිත නිරූපණය සිදු කළ දොන් මුතු ස්වාමි (2008) චිතපටයට ද සිය රංගන දායකත්වය සැපයී ය. මෑතක දී ඔහු විසින් කලර්ස් ටීවී නාළිකාවේ ඓතිහාසික මාලා නාට්‍යයක් වන "චක්‍රවර්තින් අශෝක සම්රත්" කතාමාලාවේ අශෝක අධිරාජයාගේ චරිතය නිරූපණය කරන ලද.

මුල්කාලීන දිවිය සහ පසුබිම සංස්කරණය

රයිනා හැදී වැඩුණේ ජම්මුහි වන අතර, එහි දී ඔහු වාණිජ්‍යය පිළිබඳ උපාධියක් හදාරා ඇත. ඔහු මුම්බායි වෙත සංක්‍රමණය වූයේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයෙන් සිය වෘත්තිය ආරම්භ කිරීම පිණිසයි.[3][4] ඔහු විශ්වාස කළේ නිරූපණ ක්ෂේත්‍රය තුළින් රංගන වෘත්තියට පිවිසීමට ඔහුට අවස්ථාවක් ලැබෙනු ඇතැයි කියා ය. ඔහු සිය යොවුන් වියේ ස්කන්ධය වූ 107 kg (රාත්තල් 236) ස්කන්ධයෙන් 29 kg (රාත්තල් 64) ප්‍රමාණයක් අඩු කරගැනීමට සමත් විය. මෙලෙසින් ඔහුට 2005 ග්‍රාසිම් මිස්ටර් ඉන්ඩියා නිරූපණ තරගාවලියට මහභාගී විය හැකි විය. එම තරගාවලියේ අවසන් තරගකරුවන් පස් දෙනා අතරට පැමිණීමට ඔහුට හැකි විය.[5][6]

වෘත්තිය සංස්කරණය

ඔහු සිය රංගන වෘත්තිය ආරම්භ කළේ 2006 වර්ෂයේ විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වූ අන්තරීක්ෂ්හි චරිත නිරූපණය කරමිනි. 2008 වර්ෂයේ දී, ඔහු ප්‍රහසන චිත්‍රපටයක් වූ දොන් මුතු ස්වාමි තුළ ජායි කිෂාන්ගේ චරිතය නිරූපණය කළේ ය. මෙය බොක්ස් ඔෆීස් අතින් සාර්ථකත්වයක් හිමි කර නොගත් හෙයින්, යළි රූපවාහිනී ක්ෂේත්‍රයට පිවිසීමට ඔහුට සිදු විය.[3][7] 2009දී ඔහු චේහ්රා රූපවාහිනී කතාමාලාවට රංගනයෙන් දායක විය. මෙම කතාමාලාව ආබාධිත යුවතියක වටා ගෙතුණු අවිනිශ්චිත කතාමාලාවකි. මෙහි දී රයිනා විසින් නිරූපණය කළේ ඇගේ සැමියා වූ ගාරව් නැමැති තරුණ ව්‍යාපාරිකයාගේ චරිතයයි.[4] මීට අමතරව ඔහු බන්දිනී කතාමාලාව සමග ද සම්බන්ධ විය. 2010 දෙසැම්බර් මස රයිනා විසින් ගංගා කී ධීජ් කතාමාලාවේ ප්‍රධාන පිරිමි චරිතය නිරූපණය කරන ලදී.

2011දී, ඔහු නිඛිල් සිංහාගේ දේවොන් කේ දේව් - මහාදේව් රූපවාහිනී කතාමාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ය.[8] මෙම කතාමාලාව ප්‍රධාන ව‍ශයෙන්ම ගෙතී ඇත්තේ ශිව දෙවියන් වටා වන අතර, එමගින් සති සමග සහ පසුව පාර්වතී දේවිය සමග විවාහයෙන් තපසකුගේ සිට ගෘහමූලිකයකු ලෙස ඔහු ලද අත්දැකීම් නිරූපණය කෙරේ. මෙම චරිතය නිරූපණයට සිය දේහ ස්වභාවය වැඩි දියුණු කරගැනීම පිණිස රයිනා කටයුතු කළ අතර,[8] ඉන්දියානු සම්භාව්‍ය නර්තන ශෛලියක් වූ කථක් ද ඉගෙනීමට සිදු විය. මෙය ශිව ලෙස ඔහු නිරූපණය කළ චරිතය සමග බැඳී ඇති අංගයකි.[9] ද ටයිම්ස් ඔ‍ෆ් ඉන්ඩියා පැවසූයේ මෙම චරිතය රසිකයින් අතර ජන්‍රපියත්වයට පත්වූයේ ඔහුගේ "අලංකාර, චිත්තාකර්ෂණීය සිනහව සහ රංගන ප්‍රතිභාව" හේතුවෙන් බවයි.[10] වසර තුනක් පුරා විකාශය වූ මෙම කතමාලාව 2014 දෙසැම්බර් මස අවසන් වූ අතර, ඔහු මෙහි දී වෙනස් චරිත 30කට අධික සංඛ්‍යාවක් නිරූපණය කළේ ය.[11][12]

2016 මැයි 2 දින සිට කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වූ ඓතිහාසික මාලා නාට්‍යයක් වූ චක්‍රවර්තින් අශෝක සම්රත් තුළ රයිනා විසින් වැඩිහිටි අශෝක අධිරාජයාගේ චරිතය නිරූපණය කරන ලදී.[13]

නිර්මාණ දායකත්වය සංස්කරණය

සිනමාව සංස්කරණය

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය වැඩසටහන චරිතය සටහන් ආශ්‍රේ.
2006-2007 අන්තරීක්ෂ් - ඒක් අමර් කථා වෛක්‍රාන්ත් රංගනයට පිවිසීම
2005 භාභි ශුභම්
2009 චේහ්රා ගාරව් ධන්වත් රායි
2010 බන්දිනි රිෂාභ් හිතෙන් මහීවංශි
2011 ගංගා කී ධීජ් ආගන්තුක්
2011-2014 දේවොන් කේ දේව් – මහාදේව් ශිව මිත්‍යාමය වැඩසටහන [14]
2013-2014 මහාභාරත් ශිව මිත්‍යාමය වැඩසටහන [15]
2016 චක්‍රවර්තින් අශෝක සම්රත් අශෝක ඓතිහාසික වැඩසටහන [16]

සම්මාන සංස්කරණය

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය නිර්දේශිත කෘතිය ප්‍රතිඵලය
2013 ඉන්දියානු ටෙල්ලි සම්මාන ප්‍රධාන චරිතයක හොඳම නළුවා දේවොන් කේ දේව් - මහාදේව් දිනාගති[17]
2015 ස්ටාර් ගිල්ඩ් සම්මාන ප්‍රධාන චරිතයක හොඳම නළුවා දේවොන් කේ දේව් - මහාදේව් දිනාගති[18]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Mohit Raina confirmed as grown-up Ashoka; Ankit Arora also finalized".
  2. "Mohit Raina to play grown-up Ashoka in Chakravartin Ashoka Samrat".
  3. 3.0 3.1 "Mohit Raina: No difference between big and small screen". indya.com. March 2009. 2009-03-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  4. 4.0 4.1 "Love to play a super hero on television: Mohit Raina". The Times of India. 8 February 2012. 2013-04-21 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-15.
  5. "Small screen Lord Shiva was a 107-kg teen". The Times Of India. 5 June 2013. සම්ප්‍රවේශය 12 June 2013.
  6. "'Mahadev' Mohit Raina". Hindustan Times. 28 March 2013. 3 June 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 June 2013.
  7. "Movie of the week : Don Muthuswami". The Tribune. 23 May 2008.
  8. 8.0 8.1 "Mohit Raina's big break". The Times of India. 29 December 2011. 2013-12-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-15.
  9. "Mohit Raina to learn Kathak for serial". The Times of India. 24 February 2012. 2013-12-27 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-15.
  10. "Mythologicals slug it out with soaps on prime time band". The Times of India. 5 June 2013. සම්ප්‍රවේශය 12 June 2013.
  11. "Devon Ke Dev Mahadev: the battle between evil and good". Hindustan Times. 3 June 2013. 10 June 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 June 2013.
  12. "Double roles make a comeback on TV". The Times of India. 20 May 2013. 14 June 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 June 2013.
  13. "After Mahadev, Mohit Raina Will Now Play Chakravartin Samrat Ashoka On Indian Television!". indiatimes.com. සම්ප්‍රවේශය 2016-03-09.
  14. "Mohit Raina aka'Mahadev' in a double role again". Daily News and Analysis. සම්ප්‍රවේශය 3 Aug 2014. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  15. "Mohit Raina aka'Mahadev' in a double role again". Daily News and Analysis. සම්ප්‍රවේශය 3 Aug 2014. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  16. "Confirmed: Mohit Raina to play grown-up Ashoka in 'Chakravartin Ashoka Samrat'". International Business Times. සම්ප්‍රවේශය 7 Mar 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  17. "12th Indian Telly Awards". Indiantelevision.com. 24 May 2013. සම්ප්‍රවේශය 12 June 2013.
  18. "Star Guild Awards 2015".

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මෝහිත්_රයිනා&oldid=593032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි