මොහොන්ජපාරෝ කරනා ලද නටබුන් (පකිස්ථානය)

සැකිල්ල:ලෝකඩ යුගය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය (ඉනිශි) වනාහී ඉන්දියානු උපමහාද්වීපයෙහි වයඹ දෙස ප්‍රදේශයෙහි ස්ථානගතව තිබූ ලෝකඩ යුග ශිෂ්ටාචාරයකි (3300–1300 ක්‍රිපූයු; පරිණත යුගය 2600–1900 ක්‍රිපූයු) [1].[2][3] ඉන්දු නදී ද්‍රෝණිය අවට ශ්‍රී විභූතියට පත් මෙම ශිෂ්ටාචාරය [n 1] ප්‍රාථමික ලෙසින් කේන්ද්‍රගත වී තිබී ඇත්තේ ඉන්දු සහ පන්ජාබ් ප්‍රදේශ ආශ්‍රයෙන් වන අතර, ගහ්ග්ගාර්-හක්රා නදී ද්‍රෝණිය හා[7] ගංගා-යමුනා දෙගංමැදිය දක්වා විහිදී ‍ෙගාස්,[8][9] වර්තමාන පාකිස්තානයෙහි බොහෝ කොටස්ද, වත්මන් ඉන්දියාවෙහි බටහිර ප්‍රාන්තයන්ද ආවරණය කරතිබුවා මෙන්ම, අග්නිදිග ඇෆ්ගනිස්තානය, බලුකිස්තානයෙහි නැගෙනහිර කොටස, සහ ඉරානය දක්වා පැතිරගොස් තිබී ඇත.

ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයෙහි පරාසය.

මෙම ශිෂ්ටාචාරයෙහි පරිණත යුගය හරප්පානු ශිෂ්ටාචාරය ලෙසින් හැඳින්වෙන්නේ, එහි නගර අතුරින් පළමුවැන්න, 1920 ගණන් වලදී, එකල බ්‍රිතාන්‍ය ඉන්දියාවෙහි (වර්තමානයෙහි පාකිස්තානය) පන්ජාබ් ප්‍රාන්තයෙහි පිහිටි හරප්පා හිදී නිරාවරණය කර ගනු ලැබූ නිසාවෙනි.[10] ඉනිශි අඩවියන්හී කැණීම් 1920 පටන් සිදුවූ අතර, වැදගත් පාරවේධනයන් 1999 තරම් මෑතදී පවා සිදු වී ඇත.[11] යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් වන මොහෙන්ජො-දාරෝ, තවද සුපතල ඉනිශි පුරාවිද්‍යාත්මක අඩවියකි.

හරප්පානු භාෂාව සෘජු ලෙසින් සාක්ෂ්‍යවත් කරගෙන නොමැති අතර හා එහි අනුබද්ධයන් පිළිබඳ අවබෝධයක් නොමැති වුවද, ප්‍රාක්-ද්‍රවිඩ, ඉලාමෝ-ද්‍රවිඩ, හෝ (පාර-) මුන්ඩා බන්ධුතාවයන් ඇති බවට ඉරවතම් මහාදේවන්, අස්කෝ පාර්පොලා, එෆ්.බී.ජේ. කුයිපර්, සහ මයිකල් විට්සෙල් වැනි ප්‍රාඥයන් විසින් ප්‍රකාශ කර ඇත.


සටහන් සහ ආශ්‍රිත සංස්කරණය

සටහන්
  1. මෙම ශිෂ්ටාචාරය සමහරවිට හැඳින්වෙන්නේ ඉන්දු ගහ්ග්ගාර්-හක්රා ශිෂ්ටාචාරය හෝ ඉන්දු-සරස්වතී ශිෂ්ටාචාරය ලෙසිනි. ඉන්දු-සරස්වතී යන පටබැඳිය පදනම්ව ඇත්තේ ගහ්ග්ගාර්-හක්රා නදිය සහ සෘග් වේදයෙහි නදීස්තූති සුක්තයෙහි එන සරස්වතී නදිය එකලෙසින් සැලකීම නිසාදෝ යැයි සිතුවද, භාෂාමය හා භූගෝලීය කරුණු පදනම් කොට ගෙන මෙම භාවිතය පිළිබඳ මතභේද පැන නැගී ඇත.[4][5][6]
ආශ්‍රිත
  1. http://www.harappa.com/har/indus-saraswati.html
  2. සංරක්ෂිත පිටපත, http://uk.encarta.msn.com/encyclopedia_761556839/indus_valley_civilization.html, ප්‍රතිෂ්ඨාපනය 2011-03-24 
  3. http://www.mohenjodaro.net/mohenjodaroessay.html
  4. චිං, ෆ්‍රැන්සිස් ඩී. කේ. (2006). අ ග්ලෝබල් හිස්ට්‍රි ඔෆ් ආකිටෙක්ච. හොබොකෙන්, එන්.ජේ.: ජේ. විලී සහ පුත්‍රයෝ. pp. 28–32. ISBN 0471268925. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  5. මැකිංටොෂ් 2001, පිටු අංකය: 24.
  6. රට්නගර්, ෂෙරීන් (2006). ‍ට්‍රේඩිං එන්කවුන්ටර්ස්: ‍ෙෆ්‍රාම් ද යුප්‍රටීස් ටු ද ඉන්දූස් ඉන් ද බ්‍රොන්ස් ඒජ්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය, ඉන්දියාව. ISBN 019568088X.
  7. පොසෙල්, ජී. එල්. (1990). "රෙවලූෂන් ඉන් දි අර්බන් රෙවලූෂන්: දි ඉමර්ජන්ස් ඔෆ් ඉන්දූස් අර්බනයිෂේෂන්". ඇනුවල් රිවීව් ඔෆ් ඇන්ත්‍රොපොලොජි. 19: 261–282. doi:10.1146/annurev.an.19.100190.001401. සම්ප්‍රවේශය 2007-05-06. {{cite journal}}: Unknown parameter |month= ignored (help) 263 පිටුවෙහි සිතියම බලන්න
  8. ඉන්ඩියන් ආකියලොජි, අ රිවිව්. 1958-1959. එක්ස්කැවේෂන්ස් ඇට් අලම්ගිරිපූර්. ඩෙල්හි: Archaeol. Surv. India, pp. 51–52.
  9. ලෙෂ්නික්, ලෝරන්ස් එස්. (1968). "ද හරප්ප්න් "පෝට්" ඇට් ලොතාල්: අනදර් විව්". ඇමරිකන් ඇන්ත්‍රපොලොජිස්ට්, නව ග්‍රන්ථමාලාව,. 70 (5): 911–922. doi:10.1525/aa.1968.70.5.02a00070. සම්ප්‍රවේශය 2007-05-06. {{cite journal}}: Unknown parameter |month= ignored (help)CS1 maint: extra punctuation (link)
  10. බෙක්, රොජර් බී. (1999). වර්ල්ඩ් හිස්ට්‍රි: පැටර්න්ස් ඔෆ් ඉන්ටරැක්ෂන්. ඉවන්සටන්, ඉලි: මැක්ඩොගල් ලිටෙල්. ISBN 0-395-87274-X. {{cite book}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)CS1 maint: extra punctuation (link)
  11. "'අර්ලියස්ට් රයිටිං' ෆවුන්ඩ්". බීබීසී නිවුස්. 1999-05-04. http://news.bbc.co.uk/1/hi/sci/tech/334517.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-01-05.