මෙරිටාටන් ටැෂෙරිට්

it
n
ra
N36
t
B1t&A S
r
t
A17
මෙරිටාටන් ටැෂෙරිට්
රූපාක්ෂර වලින්

මෙරිටාටන් ටැෂෙරිට් හෙවත් ලාබාල මෙරිටාටන් යනු 18වන රාජවංශයට අයත් පුරාතව ඊජිප්තු කුමරියකි. ඇය බොහෝදුරට අක්නාටන් පාරාවෝවරයාගේ වැඩිමහල් දියණිය වන මෙරිටාටන්ගේ දියණියක විය හැකි බැව් පෙනේ.‍

මෙම දරුවාගේ පියා සම්බන්ධයෙන් මතභේද රැසක් පවතියි. බොහෝදෙනකු යෝජනා කරන්නේ ඔහු මෙරිටාටන්ගේ පියා වූ අක්නාටන් හෝ ඇගේ සැමියා වූ ස්මෙන්ඛ්කරේ විය හැකි බවයි. මෙරිටාටන් ටැෂෙරිට් සහ තවත් කුමරියක වූ අන්ඛෙසෙන්පාටන් ටැෂෙරිට් යන දෙදෙනාගේ නාමය සඳහන් වන්නේ අක්නාටන්ගේ දෙවන බිසව වූ කියා පිළිබඳ වූ පාඨයක් මත හෙයින්, ඔවුන් දෙදෙනා අක්නාටන් සහ කියාගේ දරුවන් වන්නට පුළුවන. නැතහොත් එය ප්‍රබන්ධයක් වන්නට ද හැක. එතැන ඇතුළත්ව තිබූ කියාගේ දියණිය විය හැකි බෙකෙටාටන්ගේ නාමය ඉවත්කොට වෙනත් නාමයක් යොදන්නට ඇත. නමුත් බොහෝදෙනකු විශ්වාස කරන්නේ බෙකෙටාටන් යනු ටියේගේ දියණිය බවයි.[1][2]

මෙම දරුවාට අත්වූ ඉරණම නොදනී. ඇගේ නමෙහි ආටන් දෙවියන්ගේ නම ඇතුළත්ව තිබීම හේතුවෙන් ඇය අක්නාටන්ගේ දියණියක විය හැකි බැව් පෙනේ. අක්නාටන්ගේ අනුප්‍රාප්තිකයන් විසින් ඔහුගේ ආගමික ප්‍රතිසංස්කරණ අහෝසි කොට ඊජිප්තුවේ සම්ප්‍රදායික දේව වන්දනාව යළි ස්ථාපිත කළේ ය. මේ අතර මෙතල ආටන් යන නාමය ජනප්‍රිය භාවිතයෙන් අභාවයට ගියේ ය.

ආශ්‍රේයයන් සංස්කරණය

  • Eyma, Aayko ed., A Delta-Man in Yebu: Occasional Volume of the Egyptologists' Electronic Forum No. 1, Universal-Publishers.com 2003, p. 54

සැකිල්ල:AncientEgypt-bio-stub

"https://si.wikipedia.org/w/index.php?title=මෙරිටාටන්_ටැෂෙරිට්&oldid=400988" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි