මූසිකයා
කාලීන ව්‍යාප්තිය: අපර මයෝසීන–වර්තමානය
ගෙවල මූසිකයා, මුස් මුස්කුලුස්
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: කෝඩාටා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: රොඩෙන්ටියා
උපරිකුලය: මියුරොයිඩියා
කුලය: මියුරිඩි
උපකුලය: මියුරිනී
ගණය: ''මුස්''
Linnaeus, 1758
Species

30 known species


මූසිකයෙක් යනු කෘන්තක ගෝත්‍රයට අයත්, උල්වූ හොම්බක්, කුඩා රවුම් කන්, සහ නිරුවත් හෙවත් මුළුමනින්ම පාහේ ලොම් විරහිත දිගු වලගයක් සහිත කුඩා ක්ෂීරපායියෙකි. බෙහෙවින් ප්‍රචලිත මූසික විශේෂය වන්නේ සාමාන්‍ය ගෙවල මූසිකයා (මුස් මුස්කුලුස්) වෙයි. ඌ ජනප්‍රිය සුරතල් සතෙකුද වෙයි. සමහරක් ස්ථානවල, කිසියම් වර්ගවල වෙල් මූසිකයෝද බහුල ලෙසින් වසති. උකුස්සන් සහ රාජාලියන් වැනි විශාල පක්ෂීන් විසින් මෙම කෘන්තකයා ආහාරයට ගැනෙයි. මොවුන් විසින් ආහාර සොයමින් සහ සමහරවිට වාසස්ථාන පතා නිවෙස් ආක්‍රමණය කරති.

ඇමරිකානු සුදු-පයැති මූසිකයා (පරෝමිස්කෙස් ලූකෝපස්) සහ මුව මූසිකයා (පරෝමිස්කෙස් මැනික්‍යුලේටස්) මෙන්ම, ලොව පුරා අනෙකුත් මූසිකයන්-වැනි කෘන්තකයන්ගේ සාකල්‍ය විශේෂයන්ට අයත් වූවන්ද සමහරවිටෙක නිවෙස්වල වෙසෙති. මොවුන් කෙසේවෙතත්, අනෙකුත් ගෝත්‍රයන්ට අයත් වෙති.

බළලුන්, කැලෑ බල්ලන්, හිවලුන්, සතුන් ගොදුරු කර ගන්නා පක්ෂීන්, සර්පයන් සහ සමහර වර්ගයන්හී සන්ධිපාදකයින් පවා මුසිකයන් ගොදුරු කරගැනුම මත දැඩි ලෙසින් යැපෙන බව දන්නා කරුණකි. කෙසේවෙතත්, ඕනෑම පරිසරයකට පාහේ විශිෂ්ට ලෙසින් අනුවර්ත්‍යතාවක් දැක්වීමට උගේ ඇති සුවිශේෂ හැකියාව නිසා වර්තමානයේ පෘථිවිය මත දිවිගෙවන අතිශයින් සාර්ථක ක්ෂීරපායි ගෝත්‍රිකයා බවට මූසිකයා පත්ව ඇත.

ඵලදාවන් විනාශකොට ඒවා කා දමන පලිබෝධකයන්, [1]ව්‍යුහාත්මක හානි සිදුකරන සහ ඔවුන්ගේ පරපෝෂිතයන් සහ අසූචි මගින් රෝග පතුරුවන්නන් බවට සමහර විටෙක මූසිකයන් පත් විය හැක.[2] උතුරු ඇමරිකාවේ, මූසික අසූචි හා ගැටුනු ධූලි ආශ්වාස කීරීම, හැන්ටාවයිරස පුප්ඵුසීය සංධාවය (HPS) බෝ කල හැකි, හැන්ටාවයිරස් හා සම්බන්ධ බව සොයා ගෙන ඇත.

ප්‍රාථමික ලෙසින් නිශාචර[3][4] සතුන් වන මූසිකයෝ, ඔවුන්ගේ දුර්වල ඇස් පෙනීමේ නොහැකියාව මග හරවා ගන්නේ ඔවුන්ගේ තියුණු ශ්‍රවන හැකියාව ඔස්සේ වන අතර, ආහාර ඇති තැන් සොයා ගැනුමට හා විලෝපියන් මග හැරීමට විශේෂයෙන් ආඝ්‍රාණ ශක්තිය මත යැපෙති. [5]

මූසිකයෝ සහ මීයෝ ඉතාමත් බහුල ලෙසින් විද්‍යාගාර පරික්ෂා සඳහා භාවිතා වන සතුන් වෙති. [6]


ප්‍රජනනය සංස්කරණය

 
දිනක් වයසැති පැටවුන්

ගැහැණු හා පිරිමි සතුන් දෙවගයටම පොදු ලෙසින් අභිජනන අවතීර්ණය සිදුවන්නේ වයස දින 50 පමණ වන විට වුවත් වයස දින 25–40 වන විට ගැහුණු සතුන්ගේ පළමු ඔසප් වීම සිදු විය හැක. . මූසිකයෝ බහුමද සත්ත්වයන් වන අතර වසර පුරාවටම අභිජනනයේ යෙදෙති; ඩිම්බ මෝචනය ස්වයංසිද්ධව සිදුවෙයි. ඔසප් චක්‍රයෙහි කාලසීමාව දින 4–5 වන අතර ඔසප්වීම පැය 12 පමණ කාලයක් තුල පවතින අතර, සවස් වරුවෙහිදී සිදුවෙයි. ඔසප් චක්‍රය කුමන අවස්ථාවක පවතියිද යන්න විමසා කාලික සංවාසය ඇති කර ලීම සඳහා යෝනි මාර්ගීය අඳුන් ප්‍රයෝජනවත් වෙයි. සංවාසය සාමාන්‍ය වශයෙන් නිශාගත වන අතර පැය 24 ක් වන තෙක් අපර-සංසර්ග කාලසීමාවක සංසර්ග ඇබය පැවතීමෙන් සංවාසය පැවති බව සහතික කල හැක. යෝනි මාර්ගීය අඳුනක ශුක්‍රාණු තිබීමද සංවාසය පිළිබඳ විශ්වාසදායි දර්ශකයක් වෙයි.[7]

පිරිමි සතුන්ගෙන් වෙන්ව සිටීමට සැලැස්වූ ගැහැණු මූසිකයෝ නිර්මදය වෙත පත් වීමට හා චක්‍රය සිදු නොවීමට ප්‍රවණතාවයක් දක්වති. පිරිමි මූසිකයෙක් හෝ පිරිමි මූසිකයෙකුගේ ෆෙරමෝන වෙත නිරාවරණය වූ විට, බොහෝ ගැහැණු සතුන් හට පැය 72 ක් ඇතුලත ඔසප් වීම හෙවත් මදය ඇරඹෙයි. ස්ත්‍රී මද චක්‍රෙයහි මෙම සමකාලීකරණය හැඳින්වෙන්නේ විට්න් ආචරණය ලෙසිනි. මෑතකදී අභිජනනය කෙරුණු මූසිකයෙකු වෙත නාඳුනන පිරිමි මූසිකයෙකුගේ ෆෙරමෝන නිරාවරණය කල විට අධිරෝපණය වැලැකීම සිදු විය හැකි අතර (හෝ ව්‍යාජ ගර්භණිභාවය ) මෙම ආචරණය හැඳින්වෙන්නේ බෲස් ආචරණය ලෙසිනි.[7]

මධ්‍යයන ගැබ් කාලය දින 20 කි. ප්‍රසූතිය සිදුවී පැය 14–24 කදී, සරු පශ්චාත්ප්‍රසව ඔසප්වීමක් සිදුවන අතර එකවර සිදුවන ක්ෂීරණය සහ ගැබ් දැරීම නිසා ගැබ් දැරීම දින 3–10 කින් දිගු කරනුයේ පමා වී සිදුවන අධිරෝපණය නිසාවෙනි. ප්‍රශස්ත නිෂ්පාදන අවධියෙහිදී සාමාන්‍යය පැටවුන් සංඛ්‍යාව 10–12 වන මුත්, එම සංඛ්‍යාව මූසික වර්ගය මත අතිශයින් යැපෙයි. සාමාන්‍ය රීතියක් වශයෙන්, සහාභිජාත මූසිකයෝ, බහිරාභිජාත සහ දෙමුහුම් මූසිකයන්ට වඩා දිගු ගැබ් කාලයක් දැරීමටද කුඩා පැටවුන් සංඛ්‍යාවක් වැදීමටද ප්‍රවණතාවයක් දක්වති. කුඩාවුන් හැඳින්වෙන්නේ කුක්කන් ලෙසින් වන අතර, උපතේදී 0.5–1.5 g (0.018–0.053 oz) බරක් සහිත, ලොම් විරහිත, සහ වැසුනු ඇසිපිය සහ කන් සහිත වෙති. ස්වජාතිභක්ෂණය දුර්ලභ වන මුත්, ප්‍රසූතිය තුලදී සහ අඩු වශයෙන් පශ්චාත්ප්‍රසව දින දෙකක කාලයක් ගැහැණු සතුන්ට බාධා ඇති නොකල යුතුයි. වයස සති තුනක් වන විට කුක්කන් කිරි වැරෙයි; කිරි වැරෙන විට බර 10–12 g (0.35–0.42 oz) වෙයි. පශ්චාත්ප්‍රසව ඔසප්වීම භාවිතා නොකලේ නම්, කිරි වැරීමෙන්-පසු 2–5 දින ගණනක් තුලදී ගැහැණු සතුන්ඔසප් චක්‍රය අරඹති.[7]

අළුත උපන් පිරිමි මූසිකයෝ සඑ අළුත උපන් ගැහැණු මූසිකයෝ වෙන් කර හඳුනාගන්නේ, පිරිමි සතුන්ගේ විශාල ගුදලිංගේන්ද්‍ර දුර සහ විශාල ප්‍රජනන පිටිකාව සටහන් කර ගැනීමෙනි. මෙම පිරික්සුම හොඳින්ම කල හැකි වන්නේ එකම රංචුවේ පැටවුන්ගේ වලගය ඔසවා අධෝභග සංසන්දනය කිරීමෙනි.[7]

සටහන් සංස්කරණය

  1. මියර්බර්ග් බීජී, සින්ග්ල්ටන් ජීආර්, ලියර්ස් එච් (2009). "ද ඉයර් ඔෆ් ද රැට් එන්ඩ්ස්: ටයිම් ටු ෆයිට් හන්ගර්!". Pest Manag Sci. 65 (4): 351–2. doi:10.1002/ps.1718. PMID 19206089.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  2. මියර්බර්ග් බීජී, සින්ග්ල්ටන් ජීආර්, කිජ්ල්ස්ට්‍රා ඒA (2009). "රොඩන්ට්-බෝන් ඩිසීසස් ඇන්ඩ් දෙයා රිස්ක්ස් ෆෝ පබ්ලික් හෙල්ත්". Crit Rev Microbiol. 35 (3): 221–70. doi:10.1080/10408410902989837. PMID 19548807.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  3. බෙහිනි - එක්ස්ප්ලොරේෂන්ස් ඔෆ් ඩියර් -මවුස්
  4. ද ෆීල්ඪ් මවුස්
  5. ද හියුමන් සොසයිටි ඔෆ් ද යුනයිටඩ් ස්ටේට්ස්, http://www.hsus.org/animals_in_research/species_used_in_research/mouse.html, ප්‍රතිෂ්ඨාපනය 2012-12-06 
  6. ක්නුඩ්සන්, මේරි (1981-05-14). "හොප්කින්ස් කලිඩමයිඩ් රිසර්ච් රිසල්ට්ස් ඉන් නිවු ඩ්‍රග් ටෙස්ට්". http://pqasb.pqarchiver.com/baltsun/access/1845956812.html?FMT=ABS&FMTS=ABS:AI&type=historic&date=May+14%2C+1981&author=&pub=The+Sun+%281837-1985%29&desc=Hopkins+thalidomide+research+results+in+new+drug+test&pqatl=google. 
  7. 7.0 7.1 7.2 7.3 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; lvma නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=මූසිකයා&oldid=607280" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි