මිතාලි රාජ්

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා

මිතාලි රාජ් යනු ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙහි නායිකාව වෙයි.[1]

මිතාලි රාජ්
මිතාලි රාජ් 2012 වසරෙහිදී පිතිකරණයෙහි යෙදෙමින්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමමිතාලි ඩොරයි රාජ්
උපත3 දෙසැම්බර් 1982 (1982-12-03) (වයස 41)
ජෝද්පූර්, රාජස්තානය, ඉන්දියාව
පිතිකරන විලාසයදකුණතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතින් පා බිඳුම් පන්දු
භූමිකාවතුන් ඉරියව්
ජාත්‍යන්තර තොරතුරු
ජාතික කණ්ඩායමඉන්දියාව කාන්තා ක්‍රිකට් කණ්ඩායම
දේශීය කණ්ඩායම් තොරතුරු
වසරකණ්ඩායම
2006–වර්තමානයදුම්රිය සේවා
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි ටෙස්ට් එදිජා වි20ජා
තරග 10 163 52
රැස් කල ලකුණු 663 5,301 1,356
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 51.00 49.54 35.68
100ඒවා/50ඒවා 1/4 5/40 0/7
වැඩිම ලකුණු 214 114* 67
යැවුනු පන්දු 72 171 6
කඩුළු 0 8
පන්දු යැවීමේ සාමාන්‍යය 11.37
ඉනිමකදී කඩුළු පහක්
තරගයකදී කඩුළු 10 ක් n/a අ/නැ
හොඳම පන්දු යැවීම 3/4
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 11/– 39/– 11/–
මූලාශ්‍රය: ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ, 2016 17 February

මුල් දිවිය සහ පසුබිම සංස්කරණය

1982 දෙසැම්බර් 3 දිනදී මිතාලි රාජ් උපන්නේ, රාජස්තානයෙහි, ජෝද්පූර්හී දෙමළ පවුලකට දාවය.[2] මිතාලිගේ මවු බස දෙමළ වන අතර, ඇයගේ පියා, ඩොරයි රාජ්, ඉන්දියානු ගුවන් හමුදාවෙහි නිලධාරියෙක් වූ අතර ඇයගේ මව නමින් ලීලා රාජ් විය. වයස අවුරුදු 10 ක් වත්ම ක්‍රීඩාවෙහි නියැලීම ඇරඹූ මිතාලි, වයස වසර 17 ක් වක්ම ඉන්දියානු කණ්ඩායමට තෝරා ගනු ලැබුවාය. ඇයගේ එදිජා මංගලාවතරණ, 1999 වසරෙහිදී මිල්ටන් කේන්ස් හිදී අයර්ලන්තයට එරෙහිව සිදු විය. ඇය ජීවත් වන්නේ හයිද්‍රබාදයෙහි, තෙලන්ගනහීය.[3] ඇයගේ පාසැල් සමයෙහිදී හයිද්‍රබාදයෙහි, ශාන්ත ජෝන්ස් පාසැලෙහි ක්‍රිකට් පුහුණුව සඳහා ඇය සහභාගි වූයේ ඇයගේ වැඩිමහළු සෙහොයුරා සමගය. මිතාලි, සිකැන්ද්‍රබාද් හී, කීස් කාන්තා උසස් පාසැලෙහි ක්‍රීඩා පුහුණුවෙහි යෙදුණු අතර, බොහෝ විට පුහුණු පරිශ්‍රයෙහි පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයින් හා තරග වැදුණි.[4][5][6] ඇය වසර අටක් පුරාවට සම්භාව්‍ය නැටුම් පුහුණු වූ අතර [7][8] ඇයගේ ක්‍රිකට් අභිවෘත්තිය නොනැවති කරගෙන යෑම සඳහා නැටුම් වෙතින් ඉවත් විය.[9]

අභිවෘත්තිය සංස්කරණය

ඉන්දියාවෙහි කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන්, ටෙස්ට් සහ එක් දින ජාත්‍යන්තර යන අංශ දෙකෙහිම රාජ් විසින් ක්‍රීඩා කර ඇත. ඇයගේ එක් දින ජාත්‍යන්තර මංගලාවතරණය 1999 වසරෙහිදී අයර්ලන්තයට එරෙහිව මිල්ටන් කේන්ස් හිදී සිදුවූ අතර එහිදී ඇය නොදැවී ලකුණු 114 ක් රැස් කළාය. 2001-02 කාල සීමාවෙහිදී ලක්නව් හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඇයගේ ටෙස්ට් මංගලාවතරණය සිදු විය. 2002 අගෝස්තු 17 දිනදී, වයස 19 වත්ම, ඇයගේ තෙවන ටෙස්ට් තරගයෙහිදී, ලෝකයෙහි ඉහළතම පුද්ගලික ටෙස්ට් ලකුණු රැස් කිරීම වූ කැරන් රෝල්ටන්ගේ ලකුණු 209* වාර්තාව ඇය විසින් බිඳ දැමුවේ නවතම ඉහළ ලකුණු සංඛ්‍යාවක් වූ ලකුණු 214[10] ටෝන්ටන්හි, කවුන්ටි ක්‍රීඩා පිටියෙහිදී එංගලන්තයට එරෙහිව පැවති දෙවන සහ අවසාන ටෙස්ට් තරගයෙහිදී රැස් කර ගනිමිනි. පකිස්තානයෙහි කිරන් බාලුක් විසින් මෙම වාර්තාව 2004 මාර්තු මාසයෙහිදී බිඳ දමන ලද්දේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 242 රැස් කර ගනිමිනි.[11]

2002 වසරෙහි ක්‍රික්ඉන්ෆෝ කාන්තා ලෝක කුසලාන තරගාවලියෙහිදී, ටයිෆොයිඩ් මාදිළියක් වැළඳීම නිසා මිතාලි රෝගී වු අතර ඉන්දියාවෙහි ප්‍රගතිය බරපතල ලෙසින් අවහිර විය. කෙසේවෙතත්, දකුණු අප්‍රිකාවෙහිදී ඔවුන්ගේ පළමු ලෝක කුසලාන අවසන් තරගය වෙතට 2005 වසරෙහිදී ඇය විසින් කණ්ඩායම මෙහෙයවූ නමුදු, ප්‍රතිමල්ලව ඕස්ට්‍රේලියාව ප්‍රබලත්වයෙන් වැඩි බව අවබෝධ විය. 2006 අගෝස්තුවෙහිදී, ඔවුන්ගේ පළමු ටෙස්ට් සහ තරගමාලා ජයග්‍රහණය වෙත එංගලන්තයෙහිදී ඇය විසින් කණ්ඩායම මෙහෙයවූ අතර වසර කෙළවරදී ආසියානු කුසලාන දිනා ගත්තේ - මාස 12 ක් ඇතුළත දෙවන වරට - එකදු තරගයක් හෝ පරාජය නොවෙමිනි.

ආශ්‍රිත සංස්කරණය

  1. "මිතාලි රාජ්". ඊඑස්පීඑන්. සම්ප්‍රවේශය 1 පෙබරවාරි 2013.
  2. සංරක්ෂිත පිටපත, http://www.in.com/mithali-raj/biography-200493.html, ප්‍රතිෂ්ඨාපනය 2016-12-04 
  3. "ඉන්ඩියන් විමෙන් විල් ප්ලේ ටෙස්ට් ක්‍රිකට් ආෆ්ටර් එයිට් ඉයර්ස්, කැප්ටන් මිතාලි රාජ් හැපී". පැට්‍රිකා ගෲප් (4 අගෝස්තු 2014). http://www.patrika.com/news/indian-women-will-play-test-cricket-after-eight-years-captain-mithali-raj-happy/1021699. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 අගෝස්තු 2014. 
  4. "5,000 රන්ස් ඇන්ඩ් කවුන්ටිං... ඉට්ස් මිතාලීස් රාජ්!".
  5. "අයිසීසී විමෙන්ස් වර්ල්ඩ් ටී20: මිතාලි රාජ් – ද බැට් වුමන් ඔෆ් ඉන්දියා".
  6. http://www.thehindu.com/todays-paper/tp-features/tp-metroplus/confident-climb/article5730352.ece
  7. https://www.youtube.com/watch?v=0yzJGoFBkMM
  8. http://www.thehindu.com/thehindu/mp/2002/06/20/stories/2002062001050400.htm
  9. http://indianexpress.com/article/sports/cricket/icc-women-world-t20-2016-indiawomes-cricket-team-mithali-raj-cricketer/?SocialMedia
  10. http://static.espncricinfo.com/db/STATS/WOMEN/WT/BATTING/WT_AVS_BAT_HIGH_INNS_SCORES.html
  11. "මෝස්ට් රන්ස් ඉන් ඇන් ඉනිංස් (ප්‍රොග්‍රෙසිව් රෙකෝඩ් හෝල්ඩර්) ඉන් විමෙන්ස් ටෙස්ට් මැචර්ස්". http://stats.espncricinfo.com/ci/content/records/284255.html. 

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මිතාලි_රාජ්&oldid=595003" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි