මැඩ්ලින් ඕල්බ්‍රයිට්

මැඩ්ලින් කොර්බෙලොවා ඕල්බ්‍රයිට් (උපත මැයි 15, 1937) යනු, එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් පදවියට පත්වූ පළමු කාන්තාව වූවාය. 1996 දෙසැම්බර් 5 දිනදී, එ.ජ. ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් නම්කරන ලද ඇයගේ පත්වීම, ඡන්ද 99–0 ක් ලැබ, එ.ජ. සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් ඒකමතිකව තහවුරු කරන ලදි. ඇය දිවුරුම් දුන්නේ 1997 ජනවාරි 23 වන දිනදීය. ‍ ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ විදේශ සේවය පිළිබඳ වල්ෂ් ශාස්ත්‍රාලයෙහි ජාත්‍යන්තර සබඳතා මහාචාර්යවරියක වශයෙන් ඕල්බ්‍රයිට් වර්තමානයේදී සේවය කරන්නීය . කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් PhD උපාධියක් සහ විවිධ ගෞරව උපාධි ඇය හිමි කර සිටින්නීය. 2012 මැයි මාසයේදී, එජ ජනාධිපති බැරැක් ඔබාමා විසින්, නිදහස පිළිබඳ ජනාධිපති පදක්කම ඇය වෙත පිරිනමන ලදි.[2] විදේශ සම්බන්ධතා මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂිකාවක ලෙසින්ද ලේකම් ඕල්බ්‍රයිට් සේවය කරන්නීය.[3]

මැඩ්ලින් ඕල්බ්‍රයිට්
එක්සත් ජනපදයේ 64වන රාජ්‍ය ලේකම්
In office
ජනවාරි 23, 1997 – ජනවාරි 20, 2001
ජනාධිපතිවරයාබිල් ක්ලින්ටන්
පූර්වප්‍රාප්තිකයාවොරන් ක්‍රිස්ටෝෆර්
අනුප්‍රාප්තිකයාකොලින් පවල්
එක්සත් ජාතීන් වෙත 20වන එක්සත් ජනපද තානාපති
In office
ජනවාරි 27, 1993 – ජනවාරි 21, 1997
ජනාධිපතිවරයාබිල් ක්ලින්ටන්
පූර්වප්‍රාප්තිකයාඑඩ්වඩ් පර්කින්ස්
අනුප්‍රාප්තිකයාබිල් රිචර්ඩ්සන්
Personal details
උපත
මරී යන කොරබේල්වා

මැයි 15, 1937 (1937-05-15) (වයස 87)
ප්‍රාග්, චෙකොස්ලොවේකියාව
(දැන් චෙක් ජනරජය)
දේශපාලන පක්ෂයඩිමොක්‍රටික්
කලත්‍රයාජෝසප් ඕල්බ්‍රයිට් (1959–1982)
ළමයිඈන්
ඇලිස්
කැටී
Alma materවෙල්ස්ලි විද්‍යාලය
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය
කොලොම්බියා විශ්වවිද්‍යාලය
අත්සන

ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු, සහ චෙක් යන භාෂාවන් චතුර ලෙසින් හැසිරවීමට ඕල්බ්‍රයිට් සතුව හැකියාවන් ඇති අතර; පෝලන්ත සහ සර්බෝ-ක්‍රොයේෂියන් යන භාෂාවන්ද කතා කිරීමට හා කියවීමට ඇයට හැකියාවන් ඇත.[4]


ආශ්‍රිත

සංස්කරණය

අධෝසටහන්

සංස්කරණය
  1. ^ ඕල්බ්‍රයිඩ් ඇතිදැඩි වූයේ කතෝලිකයෙකු වශයෙන් වන අතර කැමැත්ත පරිදී එපිස්කෝපල් සභාවක් හා අනුබද්ධිතව ඇත.[1] එහෙත්, ජුදා තරාතිරම අරභයා, ආගම් හැරවීම හෝ අනුබද්ධයෙන් බැහැර යෑම නොසලකන සාම්ප්‍රදායික ජුදා ආගම විසින් , ඕල්බ්‍රයිට් ජුදා ආගමිකයෙකු ලෙසින් සලකන්නේ, ඇයගේ මව ජුදා ආගමිකයෙකුව සිටි බව පදනම් කර ගෙනය .[2] (බලන්න ජුදා ආගම#යම් පුද්ගලයෙකු ජුදා ආගමිකයෙක් කරනුයේ කුමක්ද?)
  2. ^ කෝහන්, ටොම් (මැයි 29, 2012). "ඕල්බ්‍රයිට්, ඩිලන් එමන් රෙසපියන්ට්ස් ඔෆ් ප්‍රසිඩන්ෂල් මෙඩල් ඔෆ් ෆ්‍රීඩම්". සීඑන්එන්. http://articles.cnn.com/2012-05-29/us/us_medal-of-freedom_1_presidential-medal-highest-civilian-honor-president-barack-obama. 
  3. ^ "බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් – කවුන්සිල් ඔන් ෆොරින් රිලේෂන්ස්". Cfr.org. 2006-05-14. 2010-11-03 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2009-06-01.
  4. ^ බ්‍රෝකර්ස්, එමා (2003-10-30). "ඉන්ටර්විව්: මැඩ්ලින් ඕල්බ්‍රයිට්". ද ගාර්ඩියන් (ලන්ඩනය). http://www.guardian.co.uk/world/2003/oct/30/usa.emmabrockes. 
"https://si.wikipedia.org/w/index.php?title=මැඩ්ලින්_ඕල්බ්‍රයිට්&oldid=722787" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි