මාර්කෝ පෝලෝ (ක්‍රීඩාව)

මාර්කෝ පෝලෝ ( / ˈmɑːrkoʊ _ ˈpoʊloʊ / ⓘ</link> ) යනු පිහිනුම් තටාකයක සෙල්ලම් කරන ටැග් ආකාරයේ ලුහුඹැඳ අල්ලාගැනීමේ ක්‍රීඩාවකි. [1]

මාර්කෝ පෝලෝ ක්‍රීඩාව
ක්‍රීඩකයන් 2ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක්
සැකසුම් කාලය තත්පර 30 යි
සෙල්ලම් කරන කාලය සීමාවක් නැත
නිපුණතා පිහිනීම, ශබ්දයෙන් ස්ථානයන් හඳුනාගැනෙඑම

නීති සංස්කරණය

ප්‍රථමයෙන්ම එක් ක්‍රීඩකයෙක් අල්ලන්නා ලෙස තෝරා ගැනේ. එම ක්‍රීඩකයා, ඇස්වැස්මකින් දෑස් බැඳගෙන හෝ ඇස්පිය වසාගෙන හෝ වෙනත් ඕනෑම ක්‍රීඩකයෙකු සොයා අල්ලාගැනීමට උත්සාහ කරයි. අල්ලන්නා "මාකෝ" ලෙස කෑගැසූ විට, අනෙක් ක්‍රීඩකයන් සියල්ලෝම "පෝලෝ" ලෙස කෑගැසීමෙන් ප්‍රතිචාර දැක්විය යුතුය. එවිට අල්ලන්නා ශ්‍රවනය ආධාරයෙන් ඔවුන් සොයා ගැනීමට උත්සාහ කරයි. යම් ක්‍රීඩකයෙකු අල්ලන්නාට අසුවුවහොත්, එම ක්‍රීඩකයා නව අල්ලන්නා බවට පත්වේ. [2] යම් ක්‍රීඩකයෙකු තටාකයෙන් පිටව ගොස් ඇති බවට අල්ලන්නා සැක කරන්නේ නම්, "මාළු ගොඩ ඇවිත්!" ලෙස කෑගැසිය හැක. එවිට තටාකයෙන් පිටත පැමිණි ක්‍රීඩකයා නව අල්ලන්නා බවට පත් වේ. [3]

මෙම ක්‍රීඩාව ගොඩබිමෙහි ද කළ හැකිය. එය Blind Man's Buff ක්‍රීඩාවට සමාන වේ. එහිදී එක් පුද්ගලයෙකුගේ දෑස් බැඳ ඇති අතර අනෙක් අය කාමරය වටා සැඟවී සිටීමට ස්ථාන තෝරා ගනිති. ක්‍රීඩා කරන අතරතුර, කෙනෙකුට තමන් හසුවීමට යන විට වෙනත් ක්‍රීඩකයෙකු ඊට පාවාදිය නොහැක. එසේ වුවහොත් පාවාදුන් පුද්ගලයා අල්ලන්නා බවට පත්වේ.

ඉතිහාසය සංස්කරණය

13 වැනි සියවසේ විසූ ඉතාලි ජාතික වෙළෙඳෙකු සහ දේශගවේෂකයෙකු වූ මාර්කෝ පෝලෝ නමින් මෙම ක්‍රීඩාව නම් කර ඇත. [4]

නමුත් මෙම ක්‍රීඩාව සහ එම ගවේෂකයා අතර සැබෑ සම්බන්ධයක් ඇති බවක් නොපෙනේ, [5] නමුත්, එම ප්‍රසිද්ධ ගවේෂකවරයාට ඔහු සිටියේ කොහේද යන්න පිළිබඳව හෝඩුවාවක් නොතිබූ බව ජනප්‍රවාදයේ පවතින බවත්, මෙම ක්‍රීඩාවේ දෑස් බැඳි අල්ලන්නාගේ හැසිරීමෙන් එය පිළිබිඹු වෙන බවත්, එක් විසිළුකාකරී පැහැදිලි කිරීමකට අනුව පැවසේ. [6] වෝටර් පෝලෝ යනු තවත් ජනප්‍රිය තටාක ක්‍රීඩාවක් වුවද, "මාකෝ පෝලෝ" යන නමට පෙනෙන පරිදි එහි සම්බන්ධයක් නැත. [7]

මෙම ක්‍රීඩාව, අවම වශයෙන් 16 වන සියවස සිට පැවත එන ගොඩබිම කරන ක්‍රීඩාවක් වූ Blind Man's Buff ක්‍රීඩාවට සමඟ සමාන ගති ලක්ෂණ පෙන්නුම් කරයි. [5] මාර්කෝ පෝලෝ ක්‍රීඩාව 1960 ගණන් වන විට ඇමරිකාවේ ජල ක්‍රීඩාවක් ලෙස පැවති බව හැඳින්වේ. 1965 සහ 1970 අතර, ඇමරිකානු ප්‍රාදේශීය ඉංග්‍රීසි ශබ්දකෝෂයක සමීක්ෂණයකට ප්‍රතිචාර දැක්වූවන්, ජලයේ ක්‍රීඩා කරන ක්‍රීඩාවක් නම් කරන ලෙස ඇසූ විට, ප්‍රතිචාර දක්වා ඇත්තේ "මාකෝ පෝලෝ" ලෙසයි. [8] 1970 ගණන්වල මැද භාගය වන විට, හොංකොං හි වෙසෙන විදේශිකයන් නිතර ගැවසෙන පිහිනුම් තටාකවල මෙම ක්‍රීඩාව ව්‍යාප්ත වී ඉතා ජනප්‍රිය විය. පසුව එය එක්සත් රාජධානියේ පිහිනුම් තටාක වෙත ළඟා වූ අතර, බොහෝ දුරට සිය අධ්‍යයන කටයුතු සඳහා හොංකොං සිට ආපසු පැමිණෙන බ්‍රිතාන්‍ය දරුවන්ගෙන් එය ව්‍යාපවූවා විය හැකිය.[තහවුරු කර නොමැත]</link>[ උපුටා ගැනීමක් අවශ්‍යයි ]

නූතන කාලයේ මාර්කෝ පෝලෝ ලොව පුරා ක්‍රීඩා කරයි. ඒවාට Mermaid on the Rocks සහ Alligator යනාදී නම් වලින් විවිධ කලාපවලට ඔවුන්ගේම අනුවර්තන ඇත. [5][1] "මාකෝ පෝලෝ ක්‍රීඩාව" යන යෙදුම සමහර විට මෙහි යෙදෙන සන්නිවේදන ක්‍රමවේදයට සමාන වූ ඇමතුම් සහ ප්‍රතිචාර ක්‍රීඩා ක්‍රමයක් අනුගමනය කරන, මාර්ගගත ක්‍රීඩාවක් විස්තර කිරීමට ද භාවිතා කරයි. [1]

විශ්ලේෂණය සංස්කරණය

මාර්කෝ පෝලෝ යනු පහසුවෙන් අනුවර්තනය කරගත හැකි ක්‍රීඩාවක් වන අතර, එය ඇමතුම් සහ ප්‍රතිචාරය යන සංකල්පය මත පදනම් වේ. [1] ක්‍රීඩකයින් නියමිත ඉඩකට සීමා වී ඇති නිසා සහ ක්‍රීඩකයින් ශ්‍රව්‍ය ඉඟි භාවිතයෙන් එකිනෙකා සොයා ගත යුතු නිසාත්, මාර්කෝ පෝලෝ යනු ස්ථාන පදනම් කරගත් ක්‍රීඩාවක් ලෙස සැලකිය හැක. [1] Encyclopedia of Play in Today's Society ගෙනහැර දක්වන කරුණු වලට අනුව, මීට සහභාගි වෙන්න්නගේ භූමිකාවන් ප්‍රතිවර්තනය කිරීමේදී ද්විධ්‍රැවීයතාවක් ඇත. එනම් ඔවුන් නැවත නැවත කරන ක්‍රියාකාරකම්, පුනරාවර්තනය කළ යුතු පුරුද්දක්, නිරීක්ෂණය කළ යුතු නීති සහ වාචික සංඥා භාවිතා වෙන්ස් ලෙස යුතුය. [1] මෙම ක්‍රීඩාව ක්‍රීඩා කිරීමෙන් දරුවන්ට විවිධ සමාජ භූමිකාවන් සමඟ අත්හදා බැලීමට ඉඩ ලබා දෙයි. උදාහරණයක් ලෙස අල්ලන්නා හුදකලා වූ, අවකාශයකට සීමා වූ සහ අන්‍යයන් දැකීමට නොහැකි වීමෙන්, සමාජීය්ව හුදකලා වීමෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ඉගෙන ගැනීම සිදුවේ. [1] නෙවාඩා ප්‍රාදේශීය වෛද්‍ය මධ්‍යස්ථානයට අනුව, මාර්කෝ පෝලෝ විනෝදය ගෙන දෙන ක්‍රීඩාවක් පමණක් නොව, හොඳ ව්‍යායාමයක් ද විය හැකිය. ක්‍රීඩා කරන අවස්ථාවේදී ජලය මත ශරීරය පාවෙන නිසා අස්ථි සහ සන්ධිවලට ඇති වෙහෙසත් අවම වේ. [9]

ජනප්රිය සංස්කෘතිය තුළ සංස්කරණය

Modern Family ටෙලිකථා මාලාවේ 6 වැනි සමයේ 4 වැනි කථාංගය Marco Polo (Modern Family) ලෙස නම් කර ඇත. එහි මෙම ක්‍රීඩාව විවිධ අවථාවලදී සඳහන් කර ඇත, නමුත් කිසි විටෙකත් එය පැහැදිලි කර නොතිබූ අතර සම්පූර්ණයෙන් ක්‍රීඩා කිරීම පෙන්වා නැත.

යොමු කිරීම් සංස්කරණය

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 Bittarello, Maria Beatrice (2009). "Marco Polo". in Carlisle, Rodney P.. Encyclopedia of Play in Today's Society. 1. Los Angeles: SAGE. p. 376. . https://books.google.com/books?id=eL91AwAAQBAJ&pg=PA376. ප්‍රතිෂ්ඨාපනය 28 June 2020.  උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "play" defined multiple times with different content
  2. Jeffrey, Phillip; Mike Blackstock; Matthias Finke; Anthony Tang; Rodger Lea; Meghan Deutscher; Kento Miyaoku. "Chasing the Fugitive on Campus: Designing a Location-based Game for Collaborative Play". Proceedings of CGSA 2006 Symposium. Canadian Games Study Association.
  3. "10 Classic Swimming Pool Games". How Stuff Works. 26 July 2013. සම්ප්‍රවේශය 25 June 2019.
  4. "Marco Polo". සම්ප්‍රවේශය 10 September 2014.
  5. 5.0 5.1 5.2 "What Is the Game Marco Polo?". wiseGEEK. සම්ප්‍රවේශය 10 September 2014.
  6. "Marco Polo - Retroland". Retroland. සම්ප්‍රවේශය 10 September 2014.
  7. "Polo / Marco Polo". Word Detective. September 15, 2010. සම්ප්‍රවේශය August 30, 2016.
  8. "Games Played in the Water". Dictionary of American Regional English Survey.
  9. Nevada Regional Medical Center (26 January 2003). "It Takes One to Tango: Some Tips to Keep Fit". Sunday Nevada Herald. p. 8A. සම්ප්‍රවේශය 28 June 2020 – via Google News Archive.
"https://si.wikipedia.org/w/index.php?title=මාර්කෝ_පෝලෝ_(ක්‍රීඩාව)&oldid=624839" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි