මාජරී බෝල්ටන් (උපත: 1924 වසරේ මැයි 7වන දින​) ඉංග්රිසි සහ එස්පෙරාන්තො යන භාෂා ද්වයෙන්[1] ලේඛණකරණයේ යෙදෙන ඉංග්රිසි ජාතික ගත්කතුවරියකි. තියුණු ලෙසෙ හැඟීම් ජනනය කරන​, මානව හිතවාදී දෘෂ්ටියකින් හෙබි පරිණත ලේඛිකාවක් ලෙස ඇය ප්‍රකට වන්නී ය​. කාව්‍ය නිර්මාණ​, නාට්‍ය නිර්මාණ​, කෙටිකතා, කතන්දර සහ රචනා යන අංශයන් ගෙන් ඇය නිර්මාණකරණයේ යෙදෙන්නී ය​. එමෙන් ම ඇය පරිවර්තිකාවකි. 1949 වසරේ දී ඇය එස්පෙරාන්තො උගත්තා ය​[1]. 1967 වසරේ එස්පෙරාන්තො ඇකඩමියේ සාමාජිකාවක් වශයෙන් තේරී පත් වූවා ය​[2]. අන්තර්ජාතික එස්පෙරාන්තො සංගමයේ ගරු සාමාජිකත්වය ඇයට හිමි ය​. කාත්-අමිකාරෝ (සුරතල් බළලුන් ඇති කරන එස්පෙරාන්තො භාෂකයන් ගේ සංගමයකි)[3] සහ ODES (Oxford and District Esperanto Society - බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆෝර්ඩ් හි ප්‍රාදේශීය එස්පෙරාන්තො සමාජය​)[4] හි සභාපතිවරිය වශයෙන් කටයුතු කරයි. 1998 දී එස්පෙරාන්තො සංස්කෘතික සම්මානයක් වන ෆේම් සම්මානයෙන් (Esperanto-Kulturpreis der Stadt Aalen und der Fame-Stiftung für internationale Verständigung) පුදනු ලැබිණි.

 මාජරි බෝල්ටන් - 1999 දී ගත් ඡායාරූපයක්
මාජරි බෝල්ටන් - 1999 දී

නිර්මාණාවලිය​ සංස්කරණය

 
ප්‍රකට එස්පෙරාන්තො සාහිත්‍යධරයෙක් වන යූලියො බගී ගැන, බෝල්ටන් රචනා කළ කෘතිය - පොඒතො ෆයීරකෝරා
  • කොන්ත්‍රාල්තෙ Kontralte ( කාව්‍ය නිර්මාණ, 1955)
  • ක්වාර්පියේදා කමරාදො Kvarpieda kamarado (පූස් පැටවෙක් ගැන දින පොතක්, 1956)
  • ත්සෙන්ත් ජෝයිකාන්තොයි Cent ĝojkantoj ( කාව්‍ය නිර්මාණ, 1957, නැවත මුද්‍රණය​: 1977)
  • Eroj kaj aliaj poemoj (1959)
  • Virino ĉe la landlimo (කෙටි නාට්‍ය​, 1959)
  • Zamenhof, aŭtoro de Esperanto (චරිතාපදාන​, 1962, දෙවන සංස්කරණය​ 1989)
  • Dek du piedetoj (හාස්‍යෝත්පාදක කෙටිකතා, 1964)
  • Okuloj (කෙටිකතා, 1967)
  • Nia sango (වේදිකා නාට්‍ය​, 1970)
  • Ni aktoras (ප්‍රහසන ත්‍රිත්වයක්, 1971)
  • Rimleteroj සංරක්ෂණය කළ පිටපත 2003-01-25 at the Wayback Machine (විලියම් ආල්ඩ් සමඟ කළ ලියුම් ගණුදෙණු, 1976)
  • Poeto fajrakora: la verkaro de Julio Baghy (1983)
  • Faktoj kaj fantazioj (1984, දෙවන සංස්කරණය​ 1993)
  • Ne nur leteroj de plum-amikoj (el Retarkivo 2007): Esperanta literaturo – fenomeno unika (රචනා, 1984)
  • Du el ( පෞල් තු(අර්)සන් (Poul Thorsen) සමඟ​, 1985)

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 Marjorie Boulton: a brief biography, http://www.geocities.com/Athens/Styx/4423/boulbio2.htm, ප්‍රතිෂ්ඨාපනය 2009-10-25 
  2. සාමාජිකයෝ සහ ලියුම් ගණුදෙණුකරුවෝ, http://www.akademio-de-esperanto.org/faktoj/membraro.html, ප්‍රතිෂ්ඨාපනය 2015-10-29 
  3. [1] මාජරි බෝල්ටන් කාත්-අමිකාරො හමුවේ දී​ 80වැනි අන්තර්ජාතික එස්පෙරාන්තො කොංග්‍රසය
  4. Oxford and District Esperanto Society, http://geocities.com/oxfordesperanto/, ප්‍රතිෂ්ඨාපනය 2016-07-27 

බාහිර වෙබ් අඩවි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මාජරි_බෝල්ටන්&oldid=592881" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි