කළුතර

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ නගරයකි
(මහා ජල්ලික වෙතින් යළි-යොමු කරන ලදි)

කළුතර යනු ශ්‍රී ලංකාවේ අගනගරය වන කොළඹට කි‍‍.මී 45 ක් පමණ දකුණින් පිහිටා ඇති නගරයකි. මෙන්ම එය අර්ධ නාගරික,මධ්‍යම සාක්ෂරතාවයකින් යුතු නගරයකි. මෙය එක් වැදගත් කුළුබඩු ‍‍වෙළඳ මධ්‍යස්ථානයක් වන අතර එහි නම සෑදී ඇත්තේ කළු ගඟ යන වචනය ආශ්‍ර‍‍යෙනි. එකො‍‍‍ළොස්වන ශත වර්ෂයේදී දකුණු භාරතීය චෝල පරාක්‍රම පාණ්ඩ්‍ය පෙරුමාල් කුමරාගේ අණ පරිදි ‍මෙම නගරය තාවකාලිකව අගනගරය බවට පත්විය. මෙම කලාපය ‍‍ ‍පොල් සහ පොල් කොහු කර්මාන්තය ත් පොල් රා කර්මාන්තයත් සඳහා පසිඳුය. සඳහා පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් අතීතයේ බලකොටු සෑදීම නිසාද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්වී ඇත. ජනගහනයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් පෙරේරා ප්‍රනාන්දු හෝ ද සිල්වා ආදී යටත් විජිත වාසගම් භාවිතය මෙම කලාපයේ සුලභ දසුනකි.

කළුතර
Kalutara
களுத்துறை
City
කළුතර is located in ශ්‍රී ලංකාව
කළුතර
කළුතර
ඛණ්ඩාංක: 6°35′13″N 79°57′37″E / 6.58694°N 79.96028°E / 6.58694; 79.96028ඛණ්ඩාංක: 6°35′13″N 79°57′37″E / 6.58694°N 79.96028°E / 6.58694; 79.96028
පළාතබස්නාහිර පළාත
ProvinceWestern Province
DistrictKalutara District
Divisional SecretariatKalutara Division
ආණ්ඩුව / පරිපාලනය
 • අධිකරණ වර්ගයKalutara Urban Council
 • ChairmanM. Ameer Nazeer
ජනගහණය(2012)
 • නාගරික37,081 (Urban Council Area)
 • පුරවර159,697 (Kalutara Division Area)
වේලා කලාපSri Lanka Standard Time (UTC+5:30)

මීටර 38 ක් දිග කළුතර පාලම කළුගං මෝය අසළ පිහිටා ඇති අතර එය ර‍ටේ බස්නාහිර පළාත හා දකුණු සීමා යා කරන ප්‍රධානතම සම්බන්ධතාවය වේ. එසේම මෙය ශ්‍රී ලංකාවේ පළමු ‍කොන්ක්‍රීට් පාලමද වෙයි.

ඉතිහාසය

සංස්කරණය

කළුතර ශිෂ්ඨාචාරය බිහිවීම

කළුතර යන නාමය කළුතොට යන නාමයෙන් බිඳී පැමිණි නාමයකි.කළුගංතොට නාමය කළුතොට වී පසුව කළුතර වී තිබේ. ඉතිහාසයේ කළුතර පිළිබඳව සඳහන්වන මුල්ම එක් අවස්ථාවක් වන්නේ චෝල කුමරෙකු වූ පරාක්‍රම පාණ්ඩ්‍ය පෙරුමාල් කුමරු තම අගනුවර බවට කළුතර පත් කරගත් නිසාවෙනි.(කාලතිත්ථ).අනෙක් අවස්ථාව කළුතර ත් බෙන්තරත් අතර යොදුන්පහේ ගම හෙවත් පස්‍යොදුනේ ගම මහා පැරකුම්බා රජතුමා විසින් වගා කළ අවස්ථාවේදීය. රජරට රාජධානි නිරිත දිගට විතැන්වීම ඇරඹුන දඹදෙණි යුගයේදී දෙවනි පැරකුම්බා රජු බෙන්තොට ගලපාත විහාරය වැඳීමට පැමිණි ගමන තුල යළි කළුතර පිළිබඳ සඳහන් වේ.ගම්පහ යුගයේදී යාපනේ දෙමළ රාජ්‍යයේ ආර්‍ය චක්‍රවර්ථී රජුන් පානදුරේ පසුකරමින් කළුතර දක්වා මුහුදු බඩ ජනතාව පෙළමින් බදුගත් බව සඳහන් වේ.(රාජාවලිය).ගම්පල සහ කෝට්ටේ යුගවලදී රචිත සංදේශ කාව්‍යවල කළුතර සහ එහි පිහිටි විහාරය(ගඟතිලක විහාරය-කළුතර බෝධිය)පිලිබඳ අනර්ඝ විවරණ සඳහන් වේ.මෙම සෑම සංදේශ කාව්‍යය කම කළුතර පිහිටා ඇති ස්ථානය නිවැරදිව පොතුපිටිය සහ කලමුල්ල ගම් වලට මැදිව පිහිටි බව සඳහන් වේ.



කළුතර පිළිබඳ කෝට්ටේ යුගයේදී බොහෝ තොරතුරු අසන්නට ලැබේ. හයවෙනි පැරකුම්බා රජුගේන් පසු රජකමට සොලී රටින් තින්තාඩු මුඩිත්ත පෙරුමාල් තෙන්නකෝන් කුමරු ගෙන්වූ බව සඳහන්වේ.(රාජාවලිය)එම කුමරුට ලංකා රාජ්‍ය හිමි නොවුණ නිසා ජීවත් වන කලක් ඔහුට භුක්ති විදීමට ත් ඉර  හඳ පවතින තාක් ඔහුගේ පරපුර ට භුක්ති විදීමට කෝට්ටේ චිත්‍රකූඨ මළුවේදී තුඩුගල විසිදාගම ඇතුළු රයිගම් කෝරලයේ සහ පස්දුන් කෝරලයේ ගම් සියයක් නින්දගම් කරවා දුන්නේය.කළුතර ද ඒ අතරින් එක් ග්‍රාමයකි. තුඩුගල තෙන්නකෝන් රජපවුල එදා සිට අද දක්වා කළුතර ප්‍රාදේශීය රාජ්‍යයේ නාමමාත්‍රික රජුන් ලෙස වෙසෙයි(තුඩුගල බණ්ඩාරවලිය -ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා ගේ මවගේ පාර්ශවය ).කෝට්ටේ යුගයේ අවසාන සමයේ කළුතර පෘතුගීසි බලය ශක්තිමත් වූ අතර කළුතර වාඩිලාගෙන සිටි ප්‍රතිගාලුන් ට පහරදුන් කුමරෙකු පිළිබඳ ජනප්‍රවාදයේ සඳහන් වේ.ඔහු සීතාවක ධර්මසූරිය බණ්ඩාර කුමරුගේ පුතු ධර්මසේන කුමරු යි.(කතෝලික නාමයක් පැවතුන බවට මතයක් ද වේ.) යකුන්දූවේ මාළිගයේ සිට තම්මිට බණ්ඩාර කුමරියගේ(ධර්මසේන කුමරුගේ මව) ඇවටිලි කිරීම නිසාවෙන් කතෝලික දහම වැළඳගෙන පෘතුගීසි වෙත පක්ශව ක්‍රියා කළත් පසුව පෘතුගීසි විරෝධී පිළිවෙතක් ගෙන ගියේය.(රිසිමන් අමරසිංහ ) ධර්මසේන කුමරු ට සහය පතා මාදම්පේ සිට සලාගම කුලයේ නැව් හතක සේනාව පැමිණි බවත් ඔවුන් වස්කඩුව ප්‍රදේශයේ පැළපදියම් වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.(වර්ශකණ්ඩරාෂ්ට්‍ර).සලාගම සේනාව කලුතර ප්‍රතිගාල් වාඩියට පහරදී ප්‍රතිගාලුන් දින දෙකක් එළවා දැමූ අතර පසුව පානදුරේ තොටුමුණ තුල බලය තහවුරු කරගන තිබේ.(මහදම්පා ටිප්පණිය)

වීදියේ බණ්ඩාර කුමරු කළුතර සැඟව සිටිමින් කතෝලික විරෝධී පිළිවෙතක් ගෙන ගියේය .වීදියේ බණ්ඩාර කුමරුගේ සහයක හල්ස්ෆ්ඩෝරප් කන්දේ (වුල්ෆන්ඩාල් කන්දේ)දොන් සුසෙව් විසින් කලමුල්ලේ කතෝලික දේවස්ථානය විනාශ කළ පසු ප්‍රතිගාල් සේනා පැමිණීම වලකණුවස් කටුපඳුරු දමා කලමුල්ලේ උතුරු පිවිසුම අවහිර කළ අතර වත්මන් කටුකුරුන්ද යනු එම භූමියයි(සුසෙව්හේවගේ පරපුරේ පරම්පරා තෝම්බුව-බුවර් 1956).

ඉතිහාසය තුල කළුතර පුරවර අනුස්මරණය වූ දරුණු කුල සංග්‍රාම ඇරඹෙන ළද්දේ පෘතුගීසි යුගයෙන් පසුවයි.පෘතුගීසි සමයේ මාදම්පේ සිට විශාල සලාගම පිරිසක් ගොඩබැස වස්කඩුව දේශාස්ත්‍ර සහ කලමුල්ලේ පදිංචි වූ නිසාවෙන් පැවති කරාව කුල ආධිපත්‍යය දෙදරා ගියේය.කරාව කුලයේ ගම් සලාගම කරනය වූවේය. මෙනිසාම කරාව සලාගම ගැටුම් කළුතර පුරවර ආශ්‍රිතව නිරන්තරයෙන් ඇතිවිය. කළුතර ට උතුරු දෙසින් වස්කඩුව සලාගම බලවත් භූමියක් වූ අතර කළුතර සලාගම පිරිස් වෙත පහරදීමෙන් පසුව කරාව පිරිස් වෙතට පිටවීමේ දොරටු කලමුල්ලේ න් සහ වස්කඩුවෙන් අවහිර වන බව දුටු කරාව කුලයේ පිරිස් නිහඬ සීතල යුද්ධයක් ආරම්භ කළේය. ප්‍රතිගාලුන් ක්‍රි.ව.1621දී කළුතර ගඟතිලක වෙහෙර බිඳදමා කළුතර බලකොටුව ඉදිකිරීම ඇරඹුවේය. ජේසු බිළිඳු දෙව්මැදුර ,වවස්කඩුවේ දුමින්ගූ දෙව්මැදුර ඉදිවීමෙන් පසු කළුතර ප්‍රදේශයම කතෝලිකයන් වූවේය. බෞතීස්ම නිසාවෙන් කතෝලික වාසගම් භාවිතය ජනප්‍රිය විය.(දොන් බස්තියන් ද සිල්වා).කළුතර නගරයේ සිට දකුණු දෙසින් පිහිටි වැල්ලේග්‍රාමයක් වූ මොල්ලිගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වූ සුසෙව්හේවගේ සලාගම කුලයේ පිරිස් කළුතර ලංදේසි සමයේ බලවතුන් ලෙසින් නැගී ආවේය.මොල්ලිගොඩ වලව්ව වේ සුසුසෙව්හේවාගේ ප්‍රැන්සිස්කු ප්‍රනාන්දු විසින් ලංදේසින්ට බදු ගෙවා කළුතර වරාය බඳුගෙන කරවූ බව සඳහන් වේ(සුසෙව්හේවගේ පරම්පරා තෝම්බුව-බුවර් 1956) මෙකළ කළුතර වරාය කුරුඳු වෙළදාමේ මූලස්ථානයක් ලෙසින් නැගී ආ අතර සුසෙව්හේවගේ පරපුරු සහ ද සේරම්(සරම් මුදලි)පරපුරු කළුතර සමාජයේ සියළු කටයුතු වලදී මූලිකත්වය ගත් පතාක යෝධයන් සේ සිටියේය.(වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්)කතෝලික සහ රෙපරමාදු ක්‍රිස්තියානි ගැටුම් ලංදේසි සමයේ කළුතර ආශ්‍රිත සුලභ දසුනක් වූ අතර එය එකම කුලයේ උප කුල ගැටීමක් දක්වා වර්ධනය විය.(සලාගම කුලයේ ඉහල උප වර්ග සහ හින්නාවන් අතර ගැටුම්-වස්කඩුව පොතුපිටිය ගැටුම්,කලමුල්ල ඈතගම ගැටුම්).මෙම ගැටුම් වල ආරම්භය සෑම විටකම කළුතර ට දකුණින් පිහිටි හින්න කුලයේ මුදුන් මල්කඩ බඳු පොතුපිටියේ ඇරඹී අවසන් වන්නේ කළුතර රපෝර්තු කාර්‍යාලයේදීය.

ලංදේසි කොටුව 1797 වසරේදී ඉංග්‍රීසි විසින් අත්පත් කරගත් අතරම එහි කච්චේරිය පිහිටුවා තිබුණි.එතැන් පටන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන කාර්‍යාලය ලෙස කළුතර පත් විය

පසිඳු මුල් බැසගත් කුල භේදය

සංස්කරණය

මෙම කුල ගැටුම් බොහෝ විට සලාගම කරාව සහ සලාගම කුලයේ උපසමාජ ගැටුම් වේ(හින්න හාලි ගැටුම්).පෘතුගීසි ලංදේසි සහ ඉංග්‍රීසි යුග වල දී කළ ගණනය කිරීමකට අනුව කුල ගැටුම් මගින් 1449ක් ජීවිත විනාශ වී පැවති බව සඳහන් වේ(කච්චේරි වාර්ථා කිරීම කළුතර සහ පානදුරේ තොටුමුණ -බුවර්)

ප්‍රාදේශීය දේවවන්දනාව

සංස්කරණය

විශ්ණු දෙවි යැදීම

සුදර්ශන දෙවි යැදීම

දෙවොල් දෙවි යැදීම.

ළමා බණ්ඩාර යැදීම

පත්තිනි දේවිය යැදීම

ප්‍රකට චරිත

සංස්කරණය

පරාක්‍රම පාණ්ඩ්‍ය පෙරුමාල් රජතුමා

වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි

පොතුපිටියේ ගිරිගෝරිස් රාළහාමි

ආතර් ද සිල්වා පඬිකාර මුදලියර්

= නගරය හා සම්බන්ධ ආශ්‍රිත ප්‍රධාන ගම් සහ ඒවායේ ඉතිහාසය

සංස්කරණය

සංචාරක ආකර්ෂණ

සංස්කරණය
 
කළුතර බලකොටුව රූපයක් (1799), James Welsh.
  • කළුතර බෝධිය - වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි මෙම බෝධීන් වහන්සේ ලෝකයේ පැරණිතම ලේඛනගත වෘක්‍ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් වේ. බෝධි වංශය සඳහන් කරන පරිදි කළුතර බෝධි පරිශ්‍රයේ උඩ මළුවේ වැඩ සිටින්නේ එම දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේයි.
  • කළුතර විහාරය - කළුතර පාල‍මේ දකුණු අන්තයේ මහල් 3 ක් උස ‍බෞද්ධ පන්සලක් වන කළුතර විහාරය පිහිටා තිබෙන අතර, 1960 දී සාදන ලද එය ලෝකයේ ඇතුළත කුහරයක් සහිත එකම විහාරය වේ.
  • කළුතර බලකොටුව - කළුතර පිහිටි බලකොටුව 1622 වර්ෂයේදී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද්දකි. වර්ථමානයේ මෙම බලකොටුව දැකගත නොහැකි වේ.
  • කැළිඩෝ වෙරළ - දේශීය හා විදේශීය සංචාරකයින් අතර සුප්‍රසිද්ධ වෙරළ තීරයකි.
  • රිච්මන්ඩ් කාසල් - 1896 වර්ෂයේ ඉදිකරන ලද මහල් දෙකකින් යුතු මැදුරකි.


"https://si.wikipedia.org/w/index.php?title=කළුතර&oldid=696331" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි