මහගොඩයාය සමූලඝාතනය

මහගොඩයාය සමූලඝාතනය යනු දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් 2009 වර්ෂයේදී සිදු කරන ලද තවත් එක් මනුෂ්‍ය සංහාරයකි.

මහගොඩයාය සමූලඝාතනය
Mahagodayaya massacre
ස්ථානයමහගොඩයාය, ශ්‍රී ලංකාව
දිනය2009 අප්‍රියෙල් 12 (UTC+5:30)
ප්‍රහාර මාදිලියසමූලඝාතන
මරණ9 (සිංහල පිරිමින්, කාන්තාවන් සහ දරුවන්)
අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE)

සිදුවීම සංස්කරණය

මහගොඩයාය යනු මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තලට ආසන්නව පිහිටි කුඩා ගම්මානයකි. 2009 අප්‍රියෙල් 12 වන දින, රාත්‍රී 7.30ට පමණ මෙම ගම්මානයට කඩා වැදුණු එල්ටීටීඊ ත්‍රස්ථ සාමාජිකයෝ පිරිසක්, එහි විසූ සිංහල වැසියන් 9 දෙනෙකු ඝාතනය කරන ලදී. මිය ගිය අය අතර මාස 6 ක පමණ ළදරුවෙකු සහ වයස අවුරුදු 11ක කුඩා දරුවෙකුද විය. සිංහල දෙමළ අළුත් අවුරුද්ද උදා වීමට දින දෙකකට පෙරදී මෙම ප්‍රහාරය සිදුවිය.[1][2]

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මහගොඩයාය_සමූලඝාතනය&oldid=592840" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි