මන්දිරා බේඩි (උපත 1972 අප්‍රේල් 15)[1] යනු ඉන්දියානු නිළියක, මෝස්තර නිර්මාණ ශිල්පිනියක,[3] නිරූපිකාවක සහ රූපවාහිනී නිවේදිකාවකි. ඇය ජනාදරයට පාත්‍ර වූයේ ඉන්දියාවේ ජාතික නාළිකාව වූ දූර්දර්ශන් වෙතින් විකාශය කළ ඉන්දියානු රූපවාහිනියේ ප්‍රථම දිනපතා සෝප් ඔපෙරාව වූ ශාන්ති නම් 1994 රූපවාහිනී කතාමාලාවේ ශාන්තිගේ චරිතය නිරූපණයෙනි.

මන්දිරා බේඩි
උපත15 අප්‍රේල් 1972 (1972-04-15) (වයස 52)[1]
රැකියාවනිළියක, නිවෙදිකාවක, මෝස්තර නිර්මාණ ශිල්පිනියක
කලත්‍රයා(යන්)රාජ් කෞශාල් (වි. 1999)
දරුවන්වීර් කෞශාල්

අනතුරුව ඇය ඕරත් (ඩීඩී සහ සෝනි නාළිකා), දුෂ්මන් (ඩීඩී) සහ ක්‍යුන්කි සාස් භි කභි බාහු ති (ස්ටාර් ප්ලස්) වැනි රූපවාහිනී කතාමාලාවල රංගනයෙන් දායක වූවා ය. එපමණක් නොව ඇය 2003 හා 2007 වර්ෂවල ICC ක්‍රිකට් ලෝක කුසලාන සහ 2004 හා 2006 වර්ෂවල ශූරයින්ගේ කුසලාන තරගාවලිවල ද නිවේදන කටයුතු සිදුකොට ඇත. එසේම ඇය සෝනි මැක්ස් වෙනුවෙන් ඉන්ඩියන් ප්‍රීමියර් ලීග් 2වන වාරයේ ද නිවේදන කටයුතු සිදුකළා ය. බ්‍රිටිෂ් නෙට්වර්ක් – ITV වෙනුවෙන් ඇය IPL 3වන වරාය ආවරණය කලා ය. ඇය මෝස්තර නිර්මාණ වෘත්තියට ප්‍රවිෂ්ඨ වූයේ 2014 ලක්මේ විලාසිතා සතියේ දී ඇගේ සාරි එකතුවත් සමගයි.[4]

PETA සංවිධානය වෙනුවෙන් බේඩි කෘත්‍රිම ලෙදර් භාවිතය ප්‍රවර්ධනය කරන්නී ය.[5] 2013 ඔක්තෝබර් 26 දින, බේඩි ඇගේ සාරි වෙළඳසැල විවෘත කළා ය.[6]

පෞද්ගලික දිවිය සංස්කරණය

 
මන්දිරා බේඩි සිය සැමියා වන රාජ් කෞශාල් සමග

1999 පෙබරවාරි 14 දින බේඩි රාජ් කෞශාල් හා විවාහ වූවා ය. 2011 ජනවාරි 27 දින නිවේදනය කෙරුණේ මෙම යුවළ ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂාවෙන් සිටින බවයි. 2011 ජූනි 19 දින මුම්බායිහි ලීලාවතී රෝහලේ දී බේඩි, වීර් නම් පුත්‍රයකු බිහිකළා ය. 2013 වන විට, බේඩි සහ ඇගේ සැමියා සිය පවුල සම්පූර්ණ කරගැනීම පිණිස දැරියක හදා වඩා ගැනීමට අයදුම් කොට තිබිණි.[7][8]

චිත්‍රපට නාමාවලිය සංස්කරණය

වර්ෂය චිත්‍රපටය චරිතය භාෂාව සටහන්
1995 දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ ප්‍රීති සිං හින්දි
2000 බාදල් හින්දි සඳහන් නොකළ චරිතය
2004 මන්මදන් වෛද්‍යවරිය (මනෝ චිකිත්සක) දෙමළ ආරාධිත නිරූපණය
2004 ෂාදි කා ලඩ්ඩූ තාරා හින්දි
2005 නාම් ගුම් ජායේගා නාලිනී හින්දි
2005 බලි අංචල් හින්දි රූපවාහිනී චිත්‍රපටය
2005 Divorce රේණුකා ජෝෂි හින්දි
2007 Matrimony පූජා හින්දි කාව්‍යමය චිත්‍රපටය දුස් කහානියාන්
2008 මීරාබායි නොට් අවුට් මීරා ඒ. අක්‍රේකර් හින්දි
2009 42kms සංජානා හින්දි
2014 ඕ තේරි හින්දි
2017 අඩංගතේයි දෙමළ රූගත කෙරෙමින් පවතියි.
2017 වොඩ්කා ඩයරීස් ශික්ෂා ඩික්සිත් හින්දි රූගත කෙරෙමින් පවතියි.
TBA ඒළාම් මුද්‍රා මලයාලම් 2007දී නිවේදනය කෙරිණි.
2018 සාහෝ නිවේදනය කිරීමට නියමිත තෙලිඟු/ දෙමළ/ හින්දි රූගත කෙරෙමින් පවතියි.

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය තේමාව චරිත/ දායකත්වය නාළිකාව
1994 ශාන්ති ශාන්ති ඩීඩී නැෂනල්/ ස්ටාර් ප්ලස්
2001- ඕරත් ප්‍රගති ඩීඩී නැෂනල්/ සෝනි
2001 දුෂ්මන් ඩීඩී මෙට්‍රෝ
2001 CID රේෂ්මා සෝනි ටීවී
2001–2003 ක්‍යුන්කි සාස් භි කභි බාහු ති ආචාර්ය මන්දිරා කපාඩියා ස්ටාර් ප්ලස්
2005 ෆේම් ගුරුකුල් නිවේදිකාවක සෝනි ටීවී
2005 CID: ස්පෙෂල් බියුරෝ සාගරිකා සෝනි ටීවී
2005–2006 ඩීල් යා නෝ ඩීල් නිවේදිකාවක සෝනි ටීවී
2006 Fear Factor India තරගකාරිණියක සෝනි ටීවී
2007–2008 ෆන්ජාබ්බි චක් දේ නිවේදිකාවක ස්ටාර් වන්
2008 ජෝ ජීතා වෝහි සුපර් ස්ටාර් නිවේදිකාවක ස්ටාර් ප්ලස්
2008 ඒක් සේ බධ්කාර් ඒක් – ජල්වේ සිතාරොන් කේ නිවේදිකාවක සී ටීවී
2013 Indian Idol Junior නිවේදිකාවක සෝනි ටීවී
2013 24 නිකීතා රායි කලර්ස්
2014 ගැන්ග්ස් ඔෆ් හසීපූර් විනිසුරු සී ටීවී
2015 අයි කැන් ඩූ දැට් කීර්තිමත් තරගකාරිණිය සී ටීවී
2016 India's Deadliest Roads ඇය ලෙසම හිස්ට්‍රි ටීවී

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 "Birthday Special: Taking fashion lessons from Mandira Bedi". Rediff. 15 April 2014. සම්ප්‍රවේශය 12 June 2016.
  2. Dasgupta, Sumit (20 March 2003). "Born in Calcutta, reborn in the Cup". The Telegraph (Calcutta). 21 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 April 2016.
  3. "LFW 2014: Neha Dhupia stuns on the ramp, Mandira Bedi makes her ramp debut as designer". The Indian Express. සම්ප්‍රවේශය 20 March 2014.
  4. "Mandira Bedi to debut as a Designer at Lakme Fashion Week 2014". IANS. news.biharprabha.com. සම්ප්‍රවේශය 18 February 2014.
  5. "Mandira Bedi to promote faux leather for Peta". Timesofindia.indiatimes.com. 25 July 2012. 2013-01-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  6. "Mandira Bedi's sari store open for public now". DNA India. 27 October 2013. සම්ප්‍රවේශය 4 November 2013.
  7. "Mandira Bedi, husband Raj Kaushal will soon adopt a girl child". [[Mid Day|]].
  8. "Mandira Bedi and husband Raj Kaushal will soon adopt girl child". Canindia News (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්).

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මන්දිරා_බේඩි&oldid=592802" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි