මනම්පිටිය පාලම යනු ශ්‍රී ලංකාවේ දෙවැනි දිගම පාලම වන අතර එය මීටර 302ක් දිගු වේ. පාලම් ද්විත්වයකින් දැකගත හැකි මෙහි, පැරණි යකඩ පාලම දුම්රිය මග සඳහාත්, අළුත් පාලම මහා මාර්ගය සඳහාත් යොදා ගෙන තිබේ. 2009 වසරේ කින්නියා පාලම විවෘත කරන තාක් මෙරට දිගම පාලම මෙය විය. පාලම A11 හබරණ-තිරිකොන්ඩියාඩිමඩු මාර්ගයේ, උතුරුමැද හා නැගෙනහිර පළාත් යා කරමින් මහවැලි ගඟ හරහා නිර්මිතය.[1]

මනම්පිටිය පාලම
මනම්පිටිය පැරණි පාලම
ඛණ්ඩාංක7°54′47″N 81°05′21″E / 7.913089°N 81.08929°E / 7.913089; 81.08929
OS grid reference[1]
මං තීරු ගණනමං තීරු 3 (2 - මහා මාර්ගය හා අනෙක දුම්රිය මාර්ගය)
Crossesමහවැලි ගඟ
ස්ථානයමනම්පිටිය, පොළොන්නරුව දිස්ත්‍රික්කය
නිල නාමයශ්‍රී ලංකා-ජපන් සාම මිත්‍රත්ව පාලම
Characteristics
සැලසුමකුරුපා පාලම
සම්පූර්ණ දිගමීටර 302
පළලමීටර 10.4
History
විවෘත කලේ1922 (පැරණි පාලම)
25 ඔක්තෝම්බර් 2007 (නව පාලම)
Location
Map

පැරණි පාලම සංස්කරණය

පැරණි යකඩ පාලම 1922 වසරේදී ඉදිකොට තිබේ.[2] එය මීටර 291 ක් දිගු වන අතර පළල මීටර 5 ක් පමණ වේ.[3]

නව පාලම සංස්කරණය

මනම්පිටිය වන පාලම ජපාන රජයේ සහය සහිතව 2007 වසරේදී සාදා නිම කරන ලදී.එය ශ්‍රී ලංකා-ජපන් සාම මිත්‍රත්ව පාලම ලෙස නම් කර තිබේ.[4]

ඉදි කොට නිමකරන ලද පාලම 2007 ඔක්තෝම්බර් 25 වන දිනදී එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදී. වත්මන් ශ්‍රී ලංකා රුපියල් 50 මුදල් නෝට්ටුවෙහි මනම්පිටිය පාලම මුද්‍රණය කොට තිබේ.[5]

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. "නිව් බ්‍රිජ් ගේට් වේ ටු පීස්". මිනිස්ට්‍රි ඔෆ් ඩිෆෙන්ස්. 2007. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2011.
  2. "ජැපෑන් ප්‍රොවයිඩ් Rs 990m ෆෝර් මනම්පිටිය බ්‍රිජ්". Daily News. 2005. සම්ප්‍රවේශය 18 August 2011.
  3. "පීස් බ්‍රිජ් ඕවර් මහවැලි විත් ජැප්‍රනීස් ෆන්ඩ්". සන්ඩේ ඔබ්සවර්. 2005. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2011.
  4. "ලංකා'ස් ලෝන්ගස්ට් බ්‍රිජ් ටු ඕපන් තර්ස්ඩේ". ඩේලි නිව්ස්. 2007. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2011.
  5. "2010 - ශ්‍රී ලංකා - 50 රුපී නෝට් ඩිවලොප්මන්ට්, ප්‍රොස්පෙරිටි ඇන්ඩ් ශ්‍රී ලංකා ඩාන්සර්ස්". ලක්දිව. 2010. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2011.
"https://si.wikipedia.org/w/index.php?title=මනම්පිටිය_පාලම&oldid=339497" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි