මදනේස්වර් ශිව දේවාලය
ඉන්දියාවේ භුබනේස්වර්හි දේවාලය
මදනේස්වර ශිව දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.ව. 12වන සියවසට අයත් ශිව දෙවියන් උදෙසා කැපකළ හින්දු දේවාලයකි. සාන්තරාපූර්හි ගැරේජ් චෞක් සිට සිසුපාල්ගාර් තෙක් දිවෙන මහාවීර් වීදියේ වම් පස මෙම දේවාලය දැකගත හැකි ය. දේවාලයේ වන්දනාවට ලක්වන ප්‍රධාන දේව පිළිමය වන්නේ වෘත්තාකාර යෝනිපීඨයක් (පාදමක්) මත පිහිටි ශිව ලිංගයකි. විනාශ වී ඇති මෙම පූජාස්ථානයෙහි අද වන විට දක්නට ඇත්තේ ප්‍රභාග කොටස පමණකි.
මදනේස්වර ශිව දේවාලය | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | භුබනේස්වර් |
භූගෝලීය ඛණ්ඩාංක | 20°14′7″N 85°50′54″E / 20.23528°N 85.84833°Eඛණ්ඩාංක: 20°14′7″N 85°50′54″E / 20.23528°N 85.84833°E |
අනුබැඳියාව | හින්දු ආගම |
දේවතාවා | ශිව |
ජනපදය | ඔරිස්සා |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | කාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය) |
සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.ව. 12වන සියවස |
ගෘහනිර්මාණය සහ ව්‍යූහය
සංස්කරණයමෙම දේවාලය උතුරු, බටහිර සහ නැගෙනහිර යන තුන් පැතිවලින් නිවාස ගොඩනැගිලි ආදියෙන් වට වී ඇත. මෙහි දකුණු පස පෙදෙස මාර්ගයෙන් සීමා වී ඇත. නැගෙනහිරට මුහුණලා පිහිටි මෙම දේවාලයෙහි චතුරස්‍රාකාර ගර්භ ගෘහයක් ඇත. දීර්ඝ කාලයක සිට මෙහි උපරි ව්‍යූහය ඇද වැටී ඇති අතර, ප්‍රතිසංස්කරණය කරන ලද ප්‍රභාගය සමග ඛුර, කුම්භ, පට, කණි සහ බසන්ත යන බොරදම් පහ පමණක් වර්තමානයේ දක්නට ඇත.
මේවාත් බලන්න
සංස්කරණයආශ්රේයයන්
සංස්කරණය- Lesser Known Monuments of Bhubaneswar by Dr. Sadasiba Pradhan (ISBN 81-7375-164-1)