භාජා ලෙන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ පූනේ නගරය අසල පිහිටි ක්‍රි.පූ. 2වන සියවසට අයත් ලෙන් 22කින්[2] යුත් ලෙන් සමූහයකි. මෙම ලෙන් භාජා ගම්මානයේ සිට අඩි 400ක් පමණ ඉහළින් පිහිටා ඇත.[3] මෙය අරාබි මුහුදේ සිට නැගෙනහිරට ඩෙකෑන් සානුව තෙක් විහිදුණු පුරාතන වැදගත් වෙළඳ මාර්ගයක පිහිටා ඇත.[4] මෙහි ව්‍යු අභිලේඛන සහ ලෙන් විහාර ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජාතික වැදගත්කමක් සහිත ස්මාරකයක් ලෙස සංරක්ෂණය කොට ඇත්තේ නිවේදන අංක 2407-A අනුව ය.[5][6] මෙය හීනයාන බෞද්ධ නිකායයට අයත් ය.[2] මෙම ලෙන්වල ස්තූප ගණනාවක් ඇති අතර, ඉන් වඩාත්ම ප්‍රකට චෛත්‍ය ගෘහය (ලෙන් අංක XII) මුල්කාලීන දැවමය ගෘහනිර්මාණ ශිල්පය අනුව යමින් මෙය ගොඩනැගූ ආකාරයට මනා නිදසුනකි. එහි අශ්ව ලාඩම් හැඩැති සිවිලිමක් ඇත. මෙහි වූ විහාර ලෙන (ලෙන් අංක XVIII) තුළ කුළුණු සහිත බරාඳයක් ඇති අතර, එය කැටයම්වලින් අලංකාර කොට ඇත.[7][2] මෙම කැටයම් අනුව පෙනී යන්නේ ඉන්දියානු වාදන භාණ්ඩයක් වන තබ්ලාව මින් වසර 2300කටවත් පෙර නිර්මාණය වන්නට ඇති බවයි.[8][9][10] මෙහිවූ කැටයමක තබ්ලා වයන ස්ත්‍රියක සහ නළඟනක දැක්වේ.

භාජේ ලෙන්


ලෙන් අංක 12 හි ප්‍රධාන චෛත්‍ය ගෘහය සහ ස්තූපය
Map showing the location of භාජේ ලෙන්
Map showing the location of භාජේ ලෙන්
පිහිටුමපූනේ, භාජේ,[1] මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ඛණ්ඩාංක18°43′40″N 73°28′55″E / 18.72778°N 73.48194°E / 18.72778; 73.48194ඛණ්ඩාංක: 18°43′40″N 73°28′55″E / 18.72778°N 73.48194°E / 18.72778; 73.48194
භූවිද්‍යාවබැසෝල්ට්
ඇතුළුවීම්22
දුෂ්කරතාවයපහසු
ශබ්දඋච්චාරණය[භාජා හෝ භාජේ]

මෙම ලෙන් බේඩ්සේ ලෙන්වලට 9 km පමණ බටහිරින් පිහිටියේ ය. මෙම ප්‍රදේශයේ පිහිටි වෙනත් ලෙන් වන්නේ කාර්ලා ලෙන්, පතන් බෞද්ධ ලෙන සහ නාසික් ලෙන් ය.

සටහන් සංස්කරණය

  1. Burgess, James (1880). "The caves in vicinity of Karle and the Bor Ghat". The Cave Temples of India. W.H. Allen. pp. 223–228. සම්ප්‍රවේශය 5 July 2013. bhaja .
  2. 2.0 2.1 2.2 "Ticketed Monuments - Maharashtra Bhaja Caves, Bhaja". Archaeological Survey of India, Government of India. 10 August 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 July 2013.
  3. "CHAPTER 20 PLACES OF INTEREST". Maharashtra Government - Tourism and Cultural Dept. සම්ප්‍රවේශය 6 July 2013.
  4. "Later Andhra Period India". සම්ප්‍රවේශය 2007-01-24.
  5. "List of the protected monuments of Mumbai Circle district-wise" (PDF).
  6. "Bhaja Caves Visitors' Sign". සම්ප්‍රවේශය 2012-10-08.
  7. Ahir, D. C. (2003). Buddhist sites and shrines in India: history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 191. ISBN 8170307740.
  8. Pradipkumar S. Meshram, 1981, [The tabla in the Bhaja cave sculptures: A note], Indica, Volume 18, p.57.
  9. Mark Hijleh, 2019, Towards a Global Music History: Intercultural Convergence, Fusion, and Transformation in the Human Musical Story, Routledge, NY, USA.
  10. 1999, Parsiana, volume 22, p.49.

ආශ්‍රේයයන් සංස්කරණය

  • Dehejia, V. (1997). Indian Art. Phaidon: London. ISBN 0-7148-3496-3
  • Michell, George, The Penguin Guide to the Monuments of India, Volume 1: Buddhist, Jain, Hindu, 1989, Penguin Books, ISBN 0140081445

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=භාජා_ලෙන්&oldid=472467" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි