බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

බස්නාහිර පළාතට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි .

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකළුතර දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)


ආශ්‍රිත සංස්කරණය


බුලත්සිංහල නම හැදුන හැටි - -වීදිය බණ්ඩාර රජු යුද්ධයෙන් පසු බැස දිවලකඩ ප්‍රදේශයට ගමන් කරන විට කුඹුරක වැඩ කරමින් සිටි යුද්ධයට සහය නොදුන් පිරිසක් අමතා බොලත් සිංහළ දැයි අසා ඇත. එය අසා සිටි පිරිස එම ප්‍රදේශයට බොලත්සිංහළ ලෙස හඳුන්වා පසු ව පහසුව සඳහා බුලත්සිංහල බවට පත් වූ බව ජන වහරේ වේ. පරදේසක්කාරයින්ට නතු නො වූ ප්‍රදේශය සිංහළය නමින් හැඳින්වුණු යුගයක කෝට්ටේ රාජධානියට බුලත් සැපයූ එතෙක් පරදේසක්කරයින්ට නතු නො වූ ප්‍රදේශයට බුලත් සැපයූ සිංහළය ලෙස ව්‍යවහාර වූ බවත්, පසු ව එය බුලත්සිංහල බවට පත් වූ බවට තවත් මතයකි.