බ්‍යාමෝකේස්වර දේවාලය

භුබනේස්වර්හි හින්දු ශිව දේවාලය

සුරේස්වර මහාදේව දේවාලය හෙවත් බ්‍යමෝකේස්වර දේවාලය පිහිටා ඇත්තේ ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ අගනුවර වන භුබනේස්වර් පැරණි නගරයේ තාලා බසාර් වෙළඳ සංකීර්ණයේ ය.[1][2] මෙම දේවාලය පිහිටියේ ලිංගරාජ් දේවාලය ඉදිරිපිට මාර්ගයේ සිට නැගෙනහිර පිවිසුම් දොරටුව තෙක් 10.00 m දුරිනි. මෙම දේවාලය බටහිරට මුහුණලා පිහිටා ඇත. ජීවමාන දේවාලයක් වන මෙහි වන්දනයට ලක්වන ප්‍රධාන දේව ප්‍රතිමාව වන්නේ ගර්භගෘහයේ මධ්‍යයේ වෘත්තාකාර යෝනිපීඨයක් මත පිහිටි ශිව ලිංගයයි. වර්තමානයේ මෙහි ගර්භගෘහය පිහිටියේ මාර්ගයේ මට්ටමින් 1.50 m පහළිනි. පොළවේ වැළලී තිබූ මෙම දේවාලය අනාවරණය කරගත්තේ මෑතකදී ය. මෙය ඉදිවූයේ ක්‍රි.ව. 10වන සියවසේ ය. ප්‍රද්ශයේ වෙළඳසැල් හිමිකරුවන් විසින් මෙය පවත්වාගෙන යනු ලබයි.

බ්‍යාමෝකේස්වර දේවාලය
බ්‍යාමෝකේස්වර දේවාලය is located in ඔඩිස්සා
බ්‍යාමෝකේස්වර දේවාලය
ඔරිස්සා තුළ පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමභුබනේස්වර්
භූගෝලීය ඛණ්ඩාංක20°14′17.19″N 85°50′4.94″E / 20.2381083°N 85.8347056°E / 20.2381083; 85.8347056ඛණ්ඩාංක: 20°14′17.19″N 85°50′4.94″E / 20.2381083°N 85.8347056°E / 20.2381083; 85.8347056
අනුබැඳියාවහින්දු ආගම
දේවතාවාශිව
ජනපදයඔරිස්සා
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයකාලිංග ශෛලිය (කාලිංග ගෘහනිර්මාණ ශිල්පය)
සම්පූර්ණ කෙරුණේක්‍රි.ව. 10වන සියවස
සම්පූර්ණ විස්තර
උන්නතාංශය27 m (89 ft)

වැදගත්කම සංස්කරණය

ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නේ මෙම දේවාලය කේශරීවරුන් (සෝමවංශීන්) විසින් ඉදිකළ බවයි. මහා ශිවරාත්‍රී හෙවත් ශිවරාත්‍රී, සංක්‍රාන්ති, ජලාභිෂේක වැනි උත්සව මෙහි සමරනු ලබයි.

දේවාලය සංස්කරණය

මෙම දේවාලය වටා උතුරු සහ දකුණු දෙසින් වෙළඳසැල් පිහිටි අතර, නැගෙනහිරින් නිවාස ගොඩනැගිලි ද බටහිරින් මාර්ගයත් පිහිටයි. බටහිරින් පිහිටි ප්‍රවේශ ද්වාරය හැරුණු විට බරන්ද කොටසේ සිට බාදා කොටස තෙක් මුළු දේවාලයම වැළලී ගොස් ඇත. එම නිසා දේවාලයේ බිම් සැලැස්ම නිශ්චිතව නිර්ණය කළ නොහැකි ය. කෙසේනමුත්, එය පංචරථ සැලැස්මෙන් යුත් අතර, මධ්‍ය රාහයක් සහ රාහයේ දෙපස පිහිටි අනුරථ සහ කණිකා පාග යුගළ බැගින් දක්නට ලැබේ. වර්තමාන මාර්ගයේ මට්ටමෙන් 1.50 m පහළින් පිහිටි ගර්භගෘහය වෙත දිවෙන පියගැට පහක් දක්නට ඇත. රේඛා දියුල් ශෛලියෙන් යුත් විමානය උච්චත්වය අතින් බරන්දයේ සිට මස්තකයේ සිට 7.00 m උසින් යුක්ත ය. ගන්දි නම් කොටස 5.00 m උසැති අතර, මස්තකයේ උස 2.00 m කි.

මෙහි ගන්දි ප්‍රතිමා සැරසිලිවලින් තොර ය. අලුත්වැඩියා කටයුතුවල දී දේවාලයට රතු පැහැ සේදුමක් ලබා දී ඇත. උළුවහු කණු සිරස් තීරු තුනකින් අලංකාර කොට ඇති අතර, දොර රාමුවේ ඉහළ කොටසේ නවග්‍රහ පනේලය දෙපස ගංගා දේවතාවියන්ගේ රූ දැකගත හැක. උළුවහු කණු උස 1.72 m x පළල 1.30 m යන මිනුම්වලින් යුක්ත වේ. දොර රාමුවේ දකුණු පස ගංගා දේවතාවියගේත්, වම්පස යමුනා දේවතාවියගේත් රුව දැකගත හැක. ඔවුන් සිය වාහනය මත නැගී සිටින අතර පිටත අත ඉණෙහි තබා ගනිමින් ඔසවාගත් ඇතුළත අතින් කෙණ්ඩියක් දරා සිටින්නේ මුක්තේස්වර අංගණයේ වූ කැටයම් සිහිපත් කරමිනි. ඔවුන්ගේ කේශ කලාපය ශෛලිගත ක්‍රමයෙන් නිරූපණය කොට ඇති අතර, මුහුණ මෘදු සහ උණුසුම් සිනහවකින් යුක්ත ය. මේ දෙදෙනාම වාමන සහායකයන් පිරිවරා සිටියි. උළුවහු කණුවේ පාදමේ දෙපස ශෛවීය ද්වාරපාල රූ දැකගත හැක. මෙම ද්වාරපාල රූ වල ඉහළ කොටස පමණක් පෙනෙන්නට තිබේ.

ලලාටබිම්බ කොටසෙහි ගජලක්ෂ්මී රුවක් දැකගත හැක. මෙම දේවතාවිය දෑතෙන් නෙළුම් මල් දරාසිටින අතර, හස්තීන් දෙපස සිටිනු දක්නට ලැබේ. උළුවහු කණුවට ඉහළින් වු ස්තරය 1.85 m ප්‍රමාණයේන යුත් එතර එහි නවග්‍රහයන් කැටයම් කොට ඇත. තීර්ථේස්වර දේවාලයේ සේම මෙහි ද දණගසා සිටින කේතුගේ සම්පූර්ණයෙන් නිරූපණය කොට ඇත.

දේවාලය ඉදිකිරීමට භාවිතා වූ අමුද්‍රව්‍යය වන්නේ වයිරම් සහිත අළු වැලිගල් පාෂාණයයි. මෙහි ඉදිකිරීම් ක්‍රමය වියළි පෙදරේරුවම වන අතර, ශෛලිය කාලිංග ශෛලිය වේ. මෙහි උළුවහු කණුවල ඉහළ කොටසේ ගංගා දේවතාවියන් නිරූපණය කර තිබීම විශේෂ ලක්ෂණයකි. සාමාන්‍යයෙන් එම රූ හමුවන්නේ උළුවහු කණුවල පාදමේ ද්වාරපාල රූ සමගිනි.

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Pradhan, Sadasiba (2009) Lesser Known Monuments of Bhubaneswar. Delhi: Lark ISBN 81-7375-164-1
  2. "Suresvara Mahadeva Temple, Bhubaneswar, Dist.-Khurda Past : Other Name : Byamokesvara Temple" (PDF). www.ignca.nic.in , 24 October 2017.
"https://si.wikipedia.org/w/index.php?title=බ්‍යාමෝකේස්වර_දේවාලය&oldid=539115" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි