බහ්රෝට් ලෙන්

ඉන්දියාවේ ගුජරාටයේ ශරතුස්ත්‍ර ලෙන් දේවාල

බහ්රෝට් ලෙන්, හෙවත් බරාද්, ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ දාහානු අසල පිහිටි ලෙන් සමූහයකි. මෙය ඉන්දියාවේ පිහිටි එකම පාර්සි/ශරතුස්ත්‍ර ලෙන් දේවාලය වේ. බහ්රෝට් ලෙන් පිහිටියේ ගුජරාටයේ සංජන් සිට 25 km පමණ දකුණින් වන අතර, එය බෝර්ඩි ගම්මානයේ සිට 8 km පමණ දුරින් පිහිටා ඇත. මේවා මුල්කාලීනව බෞද්ධ භික්ෂූන්ගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය වූ ලෙන් වේ. ක්‍රි.ව. 1393 දී මුහම්මද් බින් ටුඝ්ලුක්ගේ සෙන්පතියා වූ අලාෆ් ඛාන් විසින් සංජන් ආක්‍රමණය කිරීම නිසා ශරතුස්ත්‍ර ආගමිකයෝ මෙම ලෙන්වල අවුරුදු 13ක් පමණ සැඟව සිටියහ. මෙම යුගයේ දී (ක්‍රි.ව. 1393-1405) ‘ඉරාන්ෂා ගිනිසිළුව’ ද බහ්රෝට් වෙත රැගෙනවිත් තිබේ. මෙම පූජනීය ගිනිසිළුව අදටත් දැල්වෙනු දැකගත හැක. ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් බහ්රෝට් ලෙන් ආරක්ෂිත අඩවියක් ලෙස නම්කොට ඇත.[1][2][3][4]

බහ්රෝට් ලෙන් is located in ඉන්දියාව
බහ්රෝට් ලෙන්
බහ්රෝට් ලෙන්
ඉන්දියාව තුළ බහ්රෝට් ලෙන්වල පිහිටීම.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Anjali H. Desai (2007). India Guide Gujarat. India Guide Publications. p. 129. ISBN 978-0-9789517-0-2.
  2. Nagendra Kr Singh; A. P. Mishra, Nagendra Kr Singh (2007). Encyclopaedia of Oriental Philosophy and Religion. Global Vision Publishing House. p. 78. ISBN 978-81-8220-112-5.
  3. Marzban Jamshedji Giara (2002). Global Directory of Zoroastrian Fire Temples. Marzban J. Giara. pp. 1, 200.
  4. Mani Kamerkar; Soonu Dhunjisha; K.R. Cama Oriental Institute (2002). From the Iranian Plateau to the shores of Gujarat: the story of Parsi settlements and absorption in India. Allied Publishers. p. 34. ISBN 978-81-7764-301-5.

ඛණ්ඩාංක: 20°04′08″N 72°49′24″E / 20.068798°N 72.823220°E / 20.068798; 72.823220

සැකිල්ල:Zoroastrianism-stub සැකිල්ල:India-religious-struct-stub

"https://si.wikipedia.org/w/index.php?title=බහ්රෝට්_ලෙන්&oldid=472471" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි