බලතල බෙදීමේ න්‍යාය
බලතල බෙදීම යනු ප්‍රංශ දේශපාලන විද්‍යාඥයකු වූ බරොන් ඩී මොන්ටිස්කු විසින් හඳුන්වන ලද ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යවලට ගත හැකි ආදර්ශනයකි. පුරාණ ග්‍රීක නගර රාජ්‍යවල ව්‍යවස්ථාවලින් මෙම බලය බෙදීම නැමැති ආදර්ශනය සංවර්ධනය විය. කෙසේ වුව ද ප්‍රථමයෙන් රෝම සමූහාණ්ඩුවේ මෙය පුළුල් ලෙස භාවිතා වුණි. මෙය රෝම සමූහාණ්ඩු ව්‍යවස්ථාවේ ප්‍රධාන කරුණක් ලෙස විග්‍රහ වී ඇත. මෙම ආකෘතිය යටතේ රාජ්‍යය ශාඛා වලට බෙදෙන අතර ඒ හැම ශාඛාවක්ම වෙනස් හා ස්වාධීන බලතල සතුවන අතර ඒවාට වගකීමට බලප්‍රදේශ ද ඇත. මෙම බලප්‍රදේශය විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වේ.
බලතල බෙදීමට යෝජනා කරන්නන් විශ්වාස කරන්නේ ඒ මඟින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවන බවත් දුෂ්ට ඒකාධිපතිවරුන් බලයට පත්වීමට හරස්වීමත් සිදුවන බවය. බලතල බෙදීමට විරුද්ධ අදහස් දරන්නන් විමසන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සමඟ බලය සම්බන්ධවීමේ දී මිශ්‍ර වීමේ දී බලාපොරොත්තු වන අවසාන ඉලක්කය සාර්ථක ලෙස ඉටු වෙනවාද යන්නයි. තවදුරටත් විවේචකයින් මතු කරන්නේ දුෂ්ට ඒකාධිපති පාලනයට පෙර හරස්වීමක් නොවුව ද ආණ්ඩු කිරීමේ ක්‍රියාදාමය පමා වීමත්, විධායකය දුෂ්ට ආඥාදායකත්වයට යොමු වීමත්, වගකීම් සහගත නොවීම හා ව්‍යවස්ථාදායකය සීමා කිරීමට පෙළඹවීමත් සිදුවන බවයි.
කිසිදු ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක සම්පූර්ණ බලතල බෙදීම සිදුවීමක් හෝ බලතල කොහෙත්ම නොබෙදීමක් ද සිදු නොවේ. සමහර ක්‍රමවලදී බලතල බෙදීමම පදනම්ව පවතී. අනිත් ක්‍රමවලදී බලතල බෙදීම මිශ්‍රව පවතී.