විධායකය
නීති පද්ධතිය තුල ‘විධායක’ යනුවෙන් හඳුන්වනු ලබන්නේ රජයේ දේශපාලන අධිකාරයේ කේන්ද්‍රයයි. එක්සත් ජනපදය, ඉතාලිය, ජර්මනිය, ඉන්දියාව සහ ජපානය වැනි බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල එය ව්‍යවස්ථායකට තෝරා පත්කර ගැනුනු පුද්ගලයින්ගෙන් සමන්විත අතර බොහෝවිට එය කැබිනට්ටුව යන නමින් හඳුන්වනු ලැබේ. මීට සාමාන්‍යයෙන් දේශපාලන බලයක් නොමැති වුවත් සංකේතීයව එය බලාත්මක කරන්නාවූ රාජ්‍ය නායකයකුද සිටියි. සමහර රටවල රාජ්‍ය නායකයා නම් කිරීමෙන් පත්වන අතර (ජර්මනිය) තවත් සමහර අවස්ථාවන්හිදී උරුමයෙන් (බි‍්‍රතාන්‍ය කිරීටය) පත්වනු ලැබේ. තවත් සමහර අවස්ථාවන්හිදී එය මහජන ඡන්දයෙන් පත්වන ධුරයක්ද (ඔස්ට්‍රියාවේ ජනාධිපති) වියහැක. ප‍්‍රංශය එක්සත් ජනපදය, රුසියාව වැනි රටවල් මෙම ජනාධිපති ක‍්‍රමයන් හෙවත් විධායකය ව්‍යවස්ථාදායකයෙන් වෙන්වූ ආස්ථිත්‍යයක් වන අතර එය ව්‍යවස්ථාදායකයට වගනොකියයි.
විධායකයේ භූමිකාව රටින් රටට වෙනස් වියහැක. බොහෝ අවස්ථාවන්හිදී විධායකය විසින් නීති සම්පාදනයන් යෝජනා කිරීම හෝ ආරම්භ කිරීම සිදුකරනු ඇත. රටේ විදේශ සම්බන්ධතා එය විසින් පාලනය කරනු ලබයි. හමුදාව සහ පොලීසිය මෙන්ම නිලධාරිතන්ත‍්‍රයද බොහෝවිට විධායකයේ පාලනය යටතේ පවතී. රජයේ අමාත්‍යවරු හෝ රාජ්‍ය ලේකම්වරු රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතනයන්හි ප‍්‍රධානත්වය උසුලති. මේ අනුව නව විධායකයක් තේරී පත්වීම රාජ්‍ය පාලනය කෙරහි වන ප‍්‍රවේශයේ පූර්ණ වෙනසකට ලක්කරන අවස්ථාවක් වියහැක.