බාර්ක්ලේ ගෝර්ඩන් "බඩී" රීඩ් (උපත 4 නොවැම්බර් 1940) යනු, 1960 ගණන් වලදී, ලංකාව වෙනුවෙන් පළමු-පෙල ක්‍රිකට් ක්‍රීඩා කල, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

බඩී රීඩ්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමබාර්ක්ලේ ගෝර්ඩන් රීඩ්
උපත4 නොවැම්බර් 1940 (1940-11-04) (වයස 83)
ලංකාව
පිතිකරන විලාසයදකුණතින් පිත්ත හසුරුවන
පන්දුයැවීම් විලාසයදකුණතික් පා-බිඳුම් පන්දු
වෘත්තියමය සංඛ්‍යාන
කරගාවලි පළමු-පෙල
තරග 10
රැස් කල ලකුණු 331
ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 18.38
100ඒවා/50ඒවා 0/1
වැඩිම ලකුණු 50 නොදැවී
යැවුනු පන්දු 347
කඩුළු 7
පන්දු යැවීමේ සාමාන්‍යය 25.42
ඉනිමකදී කඩුළු පහක් 0
තරගයකදී කඩුළු 10 ක් 0
හොඳම පන්දු යැවීම 4/19
පන්දු ඇල්ලීම්/ස්ටම්ප්කිරීම් 5/0
මූලාශ්‍රය: ක්‍රිකට් ආකවිව්, 2015 17 ජනවාරි

බඩී රීඩ් උගත් ශාස්ත්‍රාලයන් වූයේ, ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස සහ, ඔහු වෛද්‍ය විද්‍යාව හැදෑරූ කොළඹ විශ්වවිද්‍යාලය වෙති. ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිගේ XI වෙනුවෙන්, 1964 මාර්තු මාසයේදී, ඔහු විසින් සිය පළමු-පෙල මංගලාවතරණය සිදු කලේ, මදුරාසි කණ්ඩායමට එරෙහිව ගෝපාලන් කුසලාන තරගයකදී වන අතර, තෙවන ස්ථානයේ පිතිකරණයේ යෙදෙමින් ලකුණු 46 (ඉනිමෙහි වැඩිම ලකුණු සංඛ්‍යාව) සහ ලකුණු 22 රැස් කරමින් කඩුළු-සයක ජයග්‍රහණයකට දායකත්වය සැපයීය. [1]

ඊළඟ සය වසර තුලදී ලංකාව වෙනුවෙන් තරග බොහෝමයක ඔහු තරග කල අතර, සාමාන්‍යයෙන් පිතිකරණය ආරම්භ කල අතර විටන් විට පා-බිඳුම් පන්දු යැවීය. එම්සීසී සමාජයට එරෙහිව 1968-69 දී ලංකා කණ්ඩායම ඔහු විසින් මෙහෙයවන ලද අතර, ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන, නොදැවී ලකුණු 50, දෙවන ඉනිමේදී රැස් කලේය. [2] මින් පෙර තරග වාරයෙහිදී, ඔහුගේ හොඳම පන්දු වැවීම් සටහන වූ, ලකුණු 19 ලබාදී කඩුළු 4 දවා ගැනීම වාර්තා කලේ, ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන්, මොයින්-අඩ්-ඩවුලා ගෝල්ඩ් කප් තරගාවලියෙහි ක්‍රීඩා කරමිනි. [3]

ඔහු සහ ඔහුගේ බිරිය හා දුව, ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අතර, එහිදී ඔහු දිගටම වෛද්‍ය වෘත්තියෙහි නියැලිණි. ටේබල් ටෙනිස් ක්‍රීඩාවෙහිදීද ඔහු ලංකාව සහ ඕස්ට්‍රේලියාව නියෝජනය කර ඇත. [4]

ආශ්‍රිත සංස්කරණය

  1. "සිලෝන් බෝඩ් ප්‍රසිඩන්ට්ස් XI වර්සස් මැඩ්රාස් 1963-64". ක්‍රිකට්ආකයිව්. සම්ප්‍රවේශය 26 පෙබරවාරි 2015.
  2. "සිලෝන් වර්සස් එම්සීසී 1968-69". ක්‍රිකට්ආකයිව්. සම්ප්‍රවේශය 26 පෙබරවාරි 2015.
  3. "ඩන්ගාපූර් XI වර්සස් සිලෝන් ට්‍රාන්ස්පෝට් බෝඩ් 1967-68". ක්‍රිකට්ආකයිව්. සම්ප්‍රවේශය 26 පෙබරවාරි 2015.
  4. "ඩොක්ටර් බඩී ජී. රීඩ් – අ ෆිනෝමිනල් ස්පෝර්ට්ස්මන්". සන්ඩේ ඔබ්සර්වර් (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 26 පෙබරවාරි 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
"https://si.wikipedia.org/w/index.php?title=බඩී_රීඩ්&oldid=353177" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි