පළමුවන වික්‍රමබාහු රජ
පළමුවන වික්‍රමබාහු (පාලනය 1111–1132) යනු ලක්දිව මධ්‍යකාලීන රජකෙනෙක් ය. ඔහු පළමුවන විජයබාහු රජුගේ සහ කාලිංග කුමරියක වූ තිලෝකසුන්දරී රැජිනගේ පුත්‍රයාය. ඔහු පළමුවන ජයබාහු රජුගේ පාලන සමයේදී රජු වෙනුවෙන් රුහුණු පාලනය කළ "මාපා" ("මහා ආර්ය පාද" නොහොත් කුමරු අනුප්‍රාප්තිකයා) විය.
පළමුවන වික්‍රමබාහු | |
---|---|
පොලොන්නරුවේ රජ | |
රාජ්‍ය සමය | 1111–1132 |
පූර්වප්‍රාප්තිකයා | පළමුවන ජයබාහු |
අනුප්‍රාප්තිකයා | දෙවන ගජබාහු |
මරණය | 1132 |
වල්ලභයා | සුන්දර මහා දේවිය |
දරුවන් | දෙවන ගජබාහු |
පියා | පළමුවන විජයබාහු (මහා විජයබාහු) |
මව | තිලෝකසුන්දරී |
පළමුවන ජයබාහු රජුගේ අභාවයෙන් පසු පළමුවන වික්‍රමබාහු රුහුණේ සිටියදී තම පුත්‍රයාට සිහසුන ලබාදීමට පළමුවන වික්‍රමබාහුගේ නැන්දා සහ පළමුවැනි විජයබාහු රජුගේ සොහොයුරිය වූ මිත්තා දේවිය විසින් කුමන්ත්‍රණය කිරීම නිසා ගැටුම් රැසක් ඇති විය. කෙසේ වෙතත්, ඔහුගේ නැන්දා සහ ඇගේ පුතුන් රටින් පලා යන අතරතුර සිංහාසනයේ නියම උරුමක්කාරයා වූ වික්‍රමබාහු සමත් විය. ඔහුගේ පාලන සමයේදී වීරදේව නම් විදේශිකයකු ලංකාව ආක්‍රමණය කළෙන් ඔහු හා යුධ වදින්නටද සිදු විය. පසු කාලයකදී ජයබාහු හා සොහොයුරන් ද වික්‍රමබාහු ද වෙන් වශයෙන් විවිධ පලාත් පාලනය කලත් ඔවුන් ගේ පාලනය දරුණු විය. ඔවුහු රට වැසියා පෙළමින් බදු අය කළහ[තහවුරු කර නොමැත]. මුලදී තමන්ට ද්‍රෝහි වූ බැවින් සංඝයා වහන්සේලා විහාර වලින් පිටමං කළ වික්‍රමබාහු එම විහාර හමුදා බැරැක්ක බවට පත් කළේය. පාලකයෝද ඔවුන් ගේ නිලධාරීහුද වැසියන්ගේ වස්තුව කොල්ල කෑවෝය. එය අභ්‍යන්තර අවුල් වලින් පිරි යුගයක් වූ අතර කිසිම සංවර්ධන කටයුත්තක් නොකරන ලදී.
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණයපළමුවන වික්‍රමබාහු රජ උපත: ? ? මරණය: ? ?
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා පළමුවන ජයබාහු |
පොලොන්නරුවේ රජ 1111–1132\31 |
අනුප්‍රාප්තික දෙවන ගජබාහු |