පොමරේනියන් (බොහෝ විට හඳුන්වන්නේ පොමනේරියන්, පොම් සහ පොම්පොම් ලෙසිනි) ස්පිට්zස් වංශයට අයත් සුනඛ වර්ගයක් වන අතර, මෙලෙසින් නම් තබා ඇත්තේ, මධ්‍යම යුරෝපයේ පිහිටා තිබෙන (අද වනවිට, උතුරු පෝලන්තයයේ සහ නැගෙනහිර ජර්මනියේ කොටසක් වන) පොමරේනියා ප්‍රදේශය මූලික කරගෙනය. කුඩා ප්‍රමාණයේ ශරීර හේතුවෙන් පොමරේනියන් සුනඛයින් සුරතල් සුනඛ වර්ගයට අයත් වුවත්, මොවුන් විශාල ස්පිට්ස් වර්ගයේ සුනඛයින්ගෙන් පැවතෙන වර්ගයකි. එමෙන්ම මොවුන් ජර්මන් ස්පිට්ස් වර්ගයට අයත් කොටසක් බව නිවැරදිව සොයා ගන්නා ලද්දේ, ලෝකයේ සුනඛයන් පිලිබඳ වූ සංවිධානයFédération Cynologique Internationale විසිනි. එමෙන්ම බොහෝ රටවල් තුළ මොවුන් හඳුන්වන්නේ ස්වර්ග්ස්පිට්ස් (Zwergspitz / Dwarf Spitz) යන නාමයන්ගෙනි.

පොමරේනියන්
සුරතල් නාමය රොටී
රොට්
උපත් ලද රට ජර්මනිය
විශේෂ ලක්ෂණ
ආයු කාලය වසර 8 - 10
ගෘහස්ථ සුනඛයා (Canis lupus familiaris)

17 වන සියවසේ සිට බොහෝ ප්‍රමාණයක් රාජකීය හිමිකරුවන් සිටීම මෙම සුනඛ වර්ගය ප්‍රසිද්ධියට පත් වීමට හේතුවක් විය. වික්ටෝරියා රැජිණ සතුව ඉතා සුවිශේෂී ලෙස කුඩා ප්‍රමාණයේ පොමරේනියන් සුනඛයෙකු සිටීම හේතුවෙන් කුඩා ප්‍රමාණයේ සුනඛ වර්ගයන් ලොව පුරා ප්‍රචලිත විය. වික්ටෝරියා රැජිණගේ ජීවිත කාලය තුල පමණක් මෙම වර්ගයේ ශරීර ප්‍රමාණය 50% කින් කුඩා විය. සමස්තයක් ලෙස පොමරේනියන් යනු ශක්තිමත් සහ නීරෝගී සුනඛ වර්ගයකි.

මොවුන්ට බොහෝවිට පොදු වූ සෞඛ්‍ය ගැටලුව වන්නේ, ලක්සාටින්ග් පටෙල්ලා Luxating patellaවේ. එමෙන්ම,Tracheal collapse මගින් ද ගැටළු ඇති විය හැක. බොහෝ කලාතුරකින් මෙම වර්ගයේ සුනඛයන්ට, ව්‍යවහාර භාෂාවෙන් "black skin disease" හෝ මුඩු බව / හම පෑදීම (alopecia ex) ලෙස හඳුන්වන සමේ රෝගයෙන් වේදනා විඳීමට විය හැක. මෙය ජාන මගින් ඇතිවන රෝගී තත්ත්වය හේතුවෙන්, සුනඛයාගේ සම කළු පැහැ ගැන්වී, මුළුමනින් ම හෝ ඉතා විශාල ප්‍රමාණයකින් ලෝම අහිමි වීමක් සිදු වේ.[1] මෙම වර්ගය දැනට ඇ.එ.ජනපදයේ වැඩිම ප්‍රසිද්ධිය ලැබූ සුනඛ වර්ග 15 තුළ සිටින සිටින අතර වර්තමාන විලාසිතාව කුඩා සුනඛයින් වීම හේතුවෙන්, ලොව පුරා ඔවුන්ගේ ජනප්‍රියභාවය ද වර්ධනය වී ඇත.

විස්තරය සංස්කරණය

 
සුදු පැහැති පොමරේනියන් පැටවෙක්.

කුඩා සුනඛ වර්ගයක් වන පොමරේනියන් සුනඛයන්ගේ බර කිලෝග්‍රෑම් 1.9 - 3.5 (රාත්තල් 4.2 – 7.7) ද, සිටගත් විට බෙල්ල පාමුලට( withers) උස අඟල් 5.0 - 11 (සෙන්ටිමීටර් 13 - 28)ද වේ.[2] ඔවුන් ඉතා කුඩා වුවත්, යහපත් සේ සකස් වූ අධික ලෙස ලෝම සහිත මතුපිටක් හා උඩු අතට පිහිටි බොහෝ ලෝම සහිත කෝමල වලිගයක් ද සහිත, ශක්තිමත් මෙන්ම ප්‍රාණවත් සුනඛ වර්ගයකි.[3] මතුපිට, කර වටා බෙල්ල ප්‍රදේශයේ සහ සිරුර පසුපසට වන්නට, අධිකව ම කේෂර පිහිටා ඇත. එමෙන් ම, පසුපස පාදවල(hindquarters)[4] අග කොටස්වල ද, ඉතා සියුම් ලෝම පිහිටා ඇත.

ඉතා මුල්ම කාලයේ දී, මෙම වර්ගයෙන් සුදු පැහැති හෝ කලාතුරකින් කළු සහ දුඹුරු පැහැති පැටවුන් සිටිය ද, 1888 වර්ෂයේදී, වික්ටෝරියා රැජිණ විසින් රතු පැහැති කුඩා පොමරේනියන් පැටවෙකු ඇතිකිරීම, 19වන සියවසේ දී, එම වර්ණය විලාසිතාවක් බවට පත්වීමට ද හේතු විය.[5] නුතන කාලයේ දී පොමරේනියන් පැටවුන් බිහිවීමේ දී, සුදු, කළු, දුඹුරු, රතු, තැඹිලි, ක්‍රීම්, නිල්, අඳුරු පැහැ(sable),කළු සහ දුඹුරු පැහැයට හුරු(tan), දුඹුරු සහ දුඹුරු පැහැයට හුරු වර්ණයකින්(tan), පුල්ලි සහිත, වයිරම් වැටුණු ලෙසින් සහ මෙම වර්ණයන්ගේ එකතුවීම් ලෙස ද බොහෝ විවිධත්වයකින් යුතු වේ.[6] සාමාන්‍යයෙන් පවතින්නේ, තැඹිලි, කළු හෝ සුදු/ක්‍රීම් වර්ණයන්ය.[3] පොමරේනියන් වර්ග බෝ කරන්නන් විසින් මෑතක දී පුල්ලි සහිතmerle වර්ණවත් සමකින් යුතු වර්ගයක් බෝකරනා ලදී. මෙය තනි වර්ණයකින් යුතු පසුබිමක ලා නිල් පැහැ හෝ අළු පැහැ පැල්ලම් විසිරුණු පුල්ලිමය ස්වභාවයකින් යුතු සමකි. බොහෝවිට මෙම පසුබිම් පාදම වර්ණය සඳහා රතු/දුඹුරු හෝ කළු, කෙසේ නමුත් වෙනත් පැහැයන් ද විය හැකිය, භාවිතා වේ. වයිරං සහිත හෝ තද රත් පැහැ වර්ග අතර සංයෝජන සම්මතයන් ලෙස අභිජනනයේ දී පිළි නො ගැනේ. මීට අමතරව මාර්ෂ්මෙලෝ පැහැයට හුරු වූ ඇස්, නාසය හා පතුල්, ඇස් නිල් පැහැයටත් නාසය හා පතුල් රෝස හා කළු පැහැ පුල්ලිමය රටාවකටත් වෙනස් වෙමින් පවතියි.[7]

පොමරේනියන්වරුන්හට ඝනකම් ද්විත්ව ලෝම වැස්මකි. පොමරේනියන් සුනඛයින් හැඩ කිරීම අමාරු කරුණක් නො වුන ද, මොවුන් බෝ කරන්නන්ගේ උපදෙස නම් දිනපතා මෙම ලෝම වැස්ම හොඳින් නඩත්තු කළ යුතු බවයි. මක්නිසා ද යත් ලෝම වැස්මේ ඝනකම නිසාත් නිතර ලොම් හැලීමත් නිසාවෙනි. පිටත ලෝම වැස්ම දිගින් වැඩි, කැරලි නො ගැසුණු රළු ස්වභාවයකින් යුක්ත වන අතර අභ්‍යන්තර වැස්ම කෙටි, සිනිදු හා ඝනකම් වේ. අභ්‍යන්තර ලෝම ස්ථරය වසර දෙකකට වරක්[8] අලුත් වන අතර මෙසේ ලොම් ඉවත් වන කාලයේ දී ඉතා පහසුවෙන් ලොම් පටලැවීමට හා ගැටගැසීමට ලක් වේ.

පොමරේනියන් දෙදෙනෙකුගෙන් යුතු යුගලයක් "පෆ්" ලෙස හඳුන්වන අතර එයට වඩා වැඩි පිරිසක් (තුන් දෙනෙක් හෝ ඊට වඩා) "ටෆ්ට්ස්" ලෙස හඳුන්වයි.

ස්වභාවය සංස්කරණය

පොමරේනියන්වරු සාමාන්‍යයෙන් ඉතාමත් මිත්‍රශීලි සහ සජීවීසුනඛ වර්ගයකි. ඔවුන් තමන්ගේ ස්වාමියා සමග නිරන්තරයෙන් රැඳී සිටීමට දැඩි ඇල්මක් දක්වන අතර ස්වාමියාට ආරක්ෂකයෙකු ලෙස ක්‍රියාකරයි.[9] මොවුන් තම ස්වාමියා සමඟ ඉතා ඉක්මනින් හා තදින් බැඳෙන අතර තනිව වාසයට පුහුණු නොකළහොත් ස්වාමියාගෙන් වෙන්වීමෙන් සාංකාවට පත්වේ.[10] Pපොමරේනියන්වරු ඉතා පරීක්ෂාකාරීසහ තමන් අවට සිදුවන වෙනස්කම් පිළිබඳව විපරමින් පසුවේ. තමාට සංවේදනය වන නව උත්තෙජයන් වෙත බිරීමත් එය ක්‍රමයෙන් වර්ධනය කරගැනීමෙන් ඕනෑම අවස්ථාවකදී යහමින් බිරීමටත් ඔවුන් යුහුසුළු වේ. තමා සන්තක ප්‍රදේශය රැකගැනීම කෙරෙහි යම්තාක් දුරට උනන්දු වන නමුත් පිටතින් ඇසෙන ඕනෑම හඬක් කෙරෙහි බුරයි.[10] පොමරේනියන්වරු බුද්ධිමත් සුනඛ වර්ගයක් වෙයි. පුහුණු කිරීම් සඳහා ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන අතර තමන්ට අවශ්‍ය දේ තම ස්වාමියාගෙන් සාර්ථකව ලබාගැනීමේ සමත් වෙයි.[9] හොඳින් පුහුණු නොකළහොත් ඔවුන් ඉතා ආක්‍රමණශීලී සහ ආධිපත්යක වේ.[9]

 
පොමරේනියන් පැටවෙකුගේ ලක්ෂණ මනාව පිළිබිඹු වන ඡායා රූපයකි.(වයස: මාස 3කි.)

සෞඛ්‍යය සංස්කරණය

සමස්ත වශයෙන් සෞඛ්‍යය සංස්කරණය

පොමරේනියන් කෙනෙකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 12 - 15 අතර වේ.[11] හොඳ අහාර රටාවක් හිමි, ව්‍යායාම සහිතව හොඳින් වැඩුනු සුනඛයකු හොඳ සෞඛ්‍යයකට හිමිකම් කියයි. හොඳින් පිළිවෙළ කරන ලද නිරෝගිමත් පෝමරේනියන් සුනඛයකු ප්‍රාණවත් සත්වයෙකි.[12] මෙම වර්ගය හට ද අනෙකුත් බොහෝ සුනඛ වර්ගවලට මෙන්ම සෞඛ්‍ය ගැටලු ඇති වන අතර ඔවුන්ගේ අඩු බර සහිත දේහය[13] නිසා ඇතිවන 'හිප් ඩිස්ප්ලේසියා' hip dysplasia තත්වය බොහෝවිට ඔවුන්ට විශේෂ වෙයි. සමහරෙක් සෞඛ්‍යය ගැටළු ඇතිවීමට ඔවුන්ගේ සිරුරේ, දත්, කන් හා ඇස් වල පිරිසිදු බව කෙරෙහි ඇති අඩු අවධානය හේතු වේ. පිරිසිදුබව හා දිනපතා චර්යාරටාවන්ගෙන් ඉහත කී බොහෝ ගැටළු මගහරවා ගත හැකිය.[14]

පොදු ගැටළු සංස්කරණය

පුල්ලි සහිත සුනඛ විශේෂ අතර සරල හා උග්ර බිහිරි බව, ඇසේ අභ්යහන්තර තරල පීඩනය වැඩි වීම, ඇසේ ඇතිවන ඇමට්රෝකපියා තත්වය, මයික්රෝෆ්තැල්මියාව සහ කොලොබෝමා යන රෝගී තත්ව දක්නට ලැබේ. දෙමවුපියන් ද පුල්ලි සහිත වන විශේෂ වලට අයත් වර්ග නම් අස්ථි අශ්රි්ත, හෘදය අශ්රිමත හා ප්රීජනක පද්ධතියේ රෝගී තත්වයන් ද ඇති විය හැක.[15]

පොමරේනියන් වර්ගය අතර දක්නට ලැබෙන තවත් සෞඛ්යයය ගැටලුවක් නම් 'ලක්සේටින්ග් පැටෙල්ලා'Luxating patella තත්වයයි. විකෘති තත්වයක් නිසා හෝ බාහිරව සිදුවූ බලපෑමක් නිසා, පැටෙල්ලාව (දනිස් කටුව)patellar නිවැරදි පිහිටීමේ රැඳී සිටීම සඳහා අස්ථියේ ඇති කට්ටය (නෙරීම) නොපිහිටීම හෝ එය පටු වීම නිසා පැටෙල්ලාව නියමිත පිහිටීමෙන් පිටතට පැනීම මෙම රෝගී තත්වයේදී සිදුවේ. මේ හේතුවෙන් පාදය පොළොවෙන් ඉහල පිහිටන අවස්ථාවේ දී ගාත්රිය සිරවීමකට ලක්වේ.[16] එබැවින් පේශීන් ආතතියට ලක්වී ඇති විට දණහිස් කටුව එහි නිවැරදි පිහිටීම වෙත නැවත පත්වීමට අපොහොසත් වෙයි. ගාත්රාල අස්ථි දාර වලින් දණහිස් කටුව ලිස්සා යාමේදී ඇතිවන මුල් වේදනාව පමණක් දැනෙන අතර එම විසන්දිවීමෙන් පසු ද්වීතික වේදනාවක් සුනඛයාට ඇති නොවේ.[16]

 
මුහුණේ ලක්ෂණ හොඳින් පෙන්වන පින්තුරයක්.

ශ්වාසනලිය කාටිලේජ මුදු දුර්වල වීම නිසා ශ්වාසනාලිය බිඳවැටීම tracheal rings සිදුවියහැකිය. ශ්වාසනාලයේ හැඩය පවත්වාගැනීමට උපකාරීවන මෙම මුදු බිඳ වැටීම නිසා පෙනහළු දක්වා වාතය ගමන් ගන්නා වායු මාර්ගය අවහිර වේ. මෙම තත්වය හඳුනාගැනීමේ රෝගී ලක්ෂණ ලෙස නලා හඬක් මෙන් ශබ්දයත් සමඟ ඇතිවන කැස්ස, පාත්තයකුගේ හඬමෙන්, ව්යාබයාම දරාගත නොහැකි බව, නිතර සිදුවන සිහි මුර්ජාවීම් සහ උණුසුම් කාලගුණය සමඟ උග්රත වන කැස්ස, මහන්සිය හා කලබල ගතිය දැක්විය හැක.[17]

 
තැඹිලි පැහැයට හුරු අඳුරු පැහැයකින් යුතු පොමරනියන් සුනඛයෙක්.

පොමරෙනියන් සුනඛයින්ගේ නිතර ඇතිවන රොගී තත්වයක්වන ඇලෝපීසියා තත්වය (මුඩුබව) සහ හ්යිපර්පිග්මන්ටේෂන් තත්වය (සම දුර්වර්ණ වීම) යන තත්වයන්ගේ සංයෝජනයක් ලෙස පොදුවේ හඳුන්වනු ලබන "සම කලුවීමේ රෝගය" දක්නට ලැබේ. ලොමීය කබාය, සුඩො කුශින්ග්'ස් රෝගය හෝ උග්රල ලෝම හැලියමේ සින්ඩ්රෝලමය යන අනෙකුත් නම් වලින්ද මෙම රෝගී තත්වය හඳුන්වනු ලබයි. මෙම තත්වය පිරිමි පොමරෙනියන් සුනඛයින්ට වැඩි වශයෙන් බලපානු ලබන අතර ප්රගවෙනිගතවිමේ වැඩි අවකාශයක් ද දැකිය හැක.[1] බොහෝවිට සුනඛයින්ගේ මෙම රෝග ලක්ෂණ ඔවුන්ගේ යොවුන් අවදියේදී පෙන්නුම් කලද ඕනෑම වයසකදී ඇතිවිය හැක. කුශින්ග් සින්ඩ්රෝමම් , මන්දතයිරෝයිඩතාව, කල්ගතවූ උග්රග චර්ම අසාධන හා ප්රසජනක හෝමෝන සංකුලතා තත්වද මෙම රෝගය අනුකාර කරයි.[1]

පිරිමි පොමරෙනියන් සුනඛයින් අතර දක්නට ලබෙන තවත් බහුල සංකූලතාවයක් නම් ක්රි.ප්ටෝචයිඩිසම් තත්වයයි.[18] මෙහිදී සත්වයාගේ එක් වෘෂණ කෝෂ ග්රකන්ථියක් හෝ දෙකම වෘෂණ කෝෂය[18] තුලට වර්ධනය වීම සිදු නොවේ. මෙහිදී ශල්යටකර්මයක් මගින් වර්ධනය නොවූ වෘෂණ කෝෂය[18] ඉවත්කිරීමක් සිදුකරනු ලබයි.

ඉතිහාසය සංස්කරණය

මූලාරම්භය සංස්කරණය

 
ඉතාමත් කුඩා පොමරේනියන් සුනඛයෙකුගේ චිත්‍රයක්. වර්ෂය;1915.

වර්තමාන පොමරේනියන් සුනඛයින්ගේ ආදිතමයින්, ආක්ටික්(Arctic) කලාපයේ විසු ප්‍රමානයෙන් විශාල, ශක්තිමත් හා වැඩ සඳහා යොදාගන්නා ලද සුනඛයින් විශේෂයක් විය. මොවුන් පොදුවේ වුල්ෆ්ස්පිට්ස්(Wolfspitz) සහ ස්පිට්ස්(Spitz) ලෙස, එනම් ජර්මන් බසින් "උල් මුහුනත්" යන අර්ථය, 16 වැනි සියවසේ විසූ වංශාධිපතියකු වන එබර්හාර්ඩ් සු සයින්(Eberhard zu Sayn) විසින් මොවුන්ගේ උල් හැඩැති මුව පාදක කරගනිමින් හඳුන්වනු ලැබීය. පොමරේනියන් සුනඛ වර්ගය, ජර්මන් ස්පිට්ස්(German Spitz) නැමති සුනඛ වර්ගයෙන් පැවත එන්නන් වේ.[19]

මෙම වර්ගයට එම නම ලැබී ඇත්තේ උතුරු පෝලන්තයයේ සහ නැගෙනහිර ජර්මනියේ අතර ඇති බොල්ටික් මුහුඳුබඩ ඇති පොමරේනියා(Pomerania) නම් ප්‍රදේශය හෙතුකොට ගෙනි. පොමරේනියන් වර්ගයේ ජන්ම ප්‍රදේශය මෙය නොවුනද, මුහුම් කිරීමෙන් නියම වර්ගයේ පොමරේනියන් සුනඛයින් බිහිකිරීම සඳහා මෙම ප්‍රදේශය කීර්තියක් ලබා තිබුණි. කෙසේ නමුත් මොවුන් එක්සත් රාජධානියට හඳුන්වාදෙන තෙක් මෙම විශෙෂය ගැන ප්‍රමාණවත් වාර්ථාකරණයක් ගැන සඳහන් නොවේ.[19]

පොමරේනියන් විශේෂයක් ගැන පූර්ව නූතන වර්තා කරනයක් 1764 නොවැම්බර් 2 වැනි දින ජේම්ස් බොස්වෙල්(James Boswell) විසින් ඔහුගේ දිනපොතේ, බොස්වෙල්ගේ විශිෂ්ඨ චාරිකාව:ජර්මනියට සහ ස්විට්සර්ලන්තයට. නම් සටහන යටතේ, "පොමර් නම් පොමෙරේනියන් සුරතලෙකුට එම ප්‍රංශ ජාතිකයා බෙහෙවින් ඇලුම් කරයි" ලෙස සඳහන් වේ."[20]

1769 දී තෝමස් පෙනන්ට්(Thomas Pennant)ගේ "ස්කොට්ලන්තයේ චාරිකවක් [21] "(A Tour in Scotland) නම් කෘතියේ එංගලන්තයෙන් පැමිණි සත්ව වෙළෙන්දෙකු විසින් අතිදැඩි කල පොමරේනියන් මුහුම් වු බලු පැටවෙකු හා වෘකයකුWolf ගැනද සඳහනක් වෙයි.[22]

 
1785 වසරට අයත්, ශ්‍රීමත් තෝමස් ගේන්ස්බරෝ (Thomas Gainsborough) විසින් කරන ලද මෙම සිතුවම, විලියම් හොලට්(William Hallett) මහත්මා සහ මහත්මිය,නිරූපණය කෙරේ. පැරණි ගති ලක්ෂණ සහිත,පොමරේනියන් වර්ගයේ විශාල සුනඛයාද වේ.

මෙම වර්ගයේ විකාශනය සඳහා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ(British Royal Family) සාමජිකයින් දෙදෙනෙකුගේ දායකත්වය බලපා තිබේ. 1767 දී චාර්ලට් රැජින(Queen Charlotte), එංගලන්තයේ තුන්වන ජොර්ජ් රජුගේ(George III of England) බ්සව(Queen-consort), විසින් පොමරේනියන් බලුපැටවුන් දෙදෙනෙකු එංගලන්තයට ගෙන එන ලදී. "ෆීබී"("Phoebe") සහ "ම(ර්)කරි"("Mercury") නම් වූ මෙම සුනඛයින් දෙදෙනා, ශ්‍රීමත් තෝමස් ගේන්ස්බරෝ(Sir Thomas Gainsborough)ගේ සිතුවමක නිරූපණය වී ඇත.මෙම සිතුවමේ නිරූපණය වන සුනඛයා, නූතන විශේෂ වලට වඩා ප්‍රමාණයෙන් විශාලත්වයක් සහ වාර්තා අනුව බර රාත්තල් 30-50 (කි.ග්‍රැ 14-23) වන අතර, නූතන විශේෂ මෙන්ම ඝනව වැඩුනු ලෝම වැස්ම, කන් හා කැරලි ගැසී පසුපසට යොමුවූ වලිගයෙන් සමන්විතය.[19]

චාර්ලට් රැජිණගේ මිණිපිරිය වූ වික්ටෝරියා රැජිණ(Queen Victoria) ද මෙම බලුපැටවුන් ඇති කිරීමෙහිලා, මහත් උද්යෝගයකින් පසු වූ තැනැත්තියක් වූ අතර, විශාල ප්‍රමාණයේ කුඩුවක්ද ඇය සතුව විය.ඇය සතුව වූ බලු පැටවුන් අතරින්, ඇයගේ ප්‍රියතම බලුපැටවෙකු වූයේ ප්‍රමාණයෙන් සැලකියයුතු තරම් කුඩා පොමරේනියන් වර්ගයකට අයත් (රෙඩ් සේබල්) රාත්තල් 12 (කි.ග්‍රැ 5.4) පමණ බර වු "වින්ඩ්සර් මැක්‍රෝ" නම් වූ බලුපැටවෙකි.

ඇය විසින් 1891 දී "මැක්‍රෝ"ව ප්‍රථම වරට ප්‍රදර්ශනය කිරීමත් සමග, කුඩා වර්ගයේ පොමරේනියන් සුනඛයන් ඉතා ඉක්මනින් මහත් ජනප්‍රියත්වයක් ලැබීය.ඒ සමඟම, සතුන් ඇති කරන්නන්ද, මුහුම්කරණය සඳහා කුඩා විශේෂ තෝරාගැනීමට නැඹුරු විය.මේ නිසා ඇයගේ සමය තුලදී පොමරේනියන් වර්ගයේ සුනඛයින්ගේ ශරීර ප්‍රමණය 50%කින් පමණ අඩුවී ඇත.[19] ප්‍රමාණයෙන් කුඩා විවිධ වර්ණයෙන් යුතු පොමරේනියන් වර්ග යුරෝපය විවිධ ප්‍රදේශ වලින් ආනයනය කර වික්ටෝරිය රැජිණ විසින් ඇයගේ සුනඛයින් මුහුම්කරනය සඳහා යොදා ගෙන ඇත.[23]ඇයට අමතරව අනෙකුත් රාජකීයයන් ලෙස ප්‍රංශයේ පළමු නැපොලියන්ගේ(Napoleon I of France) සහ එංගලන්තයේ හතර වැනි ජොර්ජ්(George IV of England) රජුගේ බිරිඳ වු ජොසෆින් ඩෙ බෙවුහර්නයිස්(Joséphine de Beauharnais) ද පොමරේනියන් සුනඛයින් ඇතිකරන ලදී.

 
ඉතාමත් කුඩා වර්ගයේ පොමරේනියන් සුනඛයෙක්.(Teacup Pomeranian)

1891 එංගලන්තයේ දී ප්‍රථම අභිජනක සංගමය පිහිටුවීමෙන් කෙටි කලකට පසු පළමුවරට සුනඛ අභිජනනය සඳහා ලිඛිත සම්මත පිහිටුවා ගනු ලැබීය.[තහවුරු කර නොමැත] මෙම සම්මත වලට අනුව බිහිකරන ලද පළමු සුනඛ සාමාජිකයා 1898 දී ඇමෙරිකාවේදී, ඇමෙරිකානු සුනඛ සමාජයේ(American Kennel Club(AKC))හි ලියාපදිංචි කරන ලද අතර, එය 1900 පිලිගැනීමට ලක්විය.[19]

1912 දී මුහුඳුබත් වූ [ටයිටැනික් (නෞකාව)|ටයිටැනික්] නෞකාවේ සිට දිවි ගලවාගත් සුරතල් සුනඛයින් තිදෙනා අතරින් දෙදෙනෙකුම පොමරේනියන් වර්ගයෙ සුනඛයින් වේ. මාගරට් හේයිස් මෙනවිය සතු වූ "ලේඩි" නම් පොමරේනියන් බලුපැටවා ඇය සමඟ ජීවිතාරක්ෂක බෝට්ටු අංක හතෙන් ද, එලිසබත් බැරට් රොත්ස්චයිල්ඩ් විසින් ඇගේ සුරතලා ඇය සමඟ ජීවිතාරක්ෂක බෝට්ටු අංක හයෙන්ද, ගොස් දිවි ගලවා ගත් බව සඳහන් වේ.[24]

වෙස්ට්මිනිස්ටර් සුනඛ සමාජය(Westminster Kennel Club) මගින් පවත්වන සුනඛ තරඟය පලමු වරට පොමරේනියන් වර්ගයේ සුනඛයකු විසින් ජයග්‍රහනය කරනු ලබන්නේ 1926 දී ය.එම තරඟයේදී කුඩා සුනඛ කාණ්ඩයෙන් ග්ලෙන් රොස් ෆ්ලැශර්වේ සුරතල් සුනඛ(Toy Group)ජයග්‍රහනය කරනු ලබයි[19]

1988 වන තුරු කිසිම පොමරේනියන් වර්ගයේ සුනඛයෙකු එම තරඟයෙන් ජයග්‍රහනයක් නොලබන අතර, "ග්‍රේට් එල්ම්ස් ප්‍රින්ස් චාර්මින් 2" විසින් හොඳම සුනඛයා ලෙස ජයග්‍රහනයක් නැවත ලබයි.[25]

1998 දී ප්‍රකාශයට පත් කරන සම්මතයන්ට අනුව, ලෝකයේ බ්සුනඛයන් පිලිබඳ වූ සංවිධානය(Fédération Cynologique Internationale) මගින්, ජර්මන් ස්පිට්ස් සහ කීශොන්ඩ්(Keeshond) සම්මතයන්ට, පොමරේනියන් වර්ගයද අන්තර්ගත කරයි.[26] එම සම්මතයන්ට අනුකූලව ස්පිට්ස් වර්ගයේ මුහුම් පැටවුන් සිත් බැඳගන්නා සුලු ආවේණික ලක්ෂණ වලින් සහ නොහික්මුනු දඟකාර ගතියකින් යුතු වේ.​"[26]

ජනප්‍රියත්වය සංස්කරණය

ඇමරිකා එක්සත් ජනපදයේ වඩාත් ජනප්‍රිය සුනඛ වර්ග අතරට ඇතුලත්ව සිටි පොමරේනියන් සුනඛයන්, AKC ලියාපදිංචිකළ හොඳම ලක්ෂණ ඈති සුනඛ වර්ග 20තුලද ඇතුලත්ව,පසුගිය වසර 10ක කාලය තුලද අනුරූපීව සිටී. 2011 වසරේ තරා කිරීමේදී, පසුගිය වසරට වඩා ස්ථාන 2ක් පහලින් සිටිමින්, 17වන ස්ථානයට පත්වී ඇත..[27]

නමුත්, පොමරේනියන් සුනඛයින් එංගලන්තයේ අග්‍රස්ථානයේ සිටින සුනඛ වර්ග 20තුල, 2007 හෝ 2008 වර්ෂවල ඇතුලත් නොවේ.[28] ඕස්ට්‍රේලියාව තුල සුනඛයින්ගේ ගහණය 1986 සිටම අඩුවිය.ඕස්ට්‍රේලියනු ජාතික සුනඛ සභාවේ Australian National Kennel Council ලියාපදිංචි වූ සංඛ්‍යාව 1986 දී උපරිමය 1128 ලෙසින් ද, එය 2008 වන විට 577 ක් දක්වා ද අඩු වී ඇත. කෙසේ වෙතත් 2004 වසරට, ලියාපදිංචිවූ සංඛාව 491, සාපේක්ෂව වර්ධනයකි.[29]


මේ ලිපිත් බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 1.2 "BSD - Black Skin Disease - Alopecia X - Coat Funk". Pommania Pomeranains. සම්ප්‍රවේශය 2009-11-30.
  2. Cunliffe, Juliette (1999). The Encyclopedia of Dog Breeds. Parragon. p. 262. ISBN 978-0-7525-8018-0. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  3. 3.0 3.1 Hale, Rachael (2008). Dogs: 101 Adorable Breeds. Andrews McMeel Publishing. p. 197. ISBN 978-0-7407-7342-6. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  4. "Pomeranian History". Premier Pomeranians. සම්ප්‍රවේශය 2009-12-04.
  5. "What is a pomeranian". Web Answers. සම්ප්‍රවේශය 2010-02-02.
  6. Coile, D. Caroline (2007). Pomeranians for Dummies. For Dummies. p. 29. ISBN 978-0-470-10602-0. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  7. "Merle Pomeranians". Merle Pomeranians. සම්ප්‍රවේශය 2009-12-06.
  8. Dane Stanton (2009). "Tips on Pomeranian Grooming". Pomeranian Dogs. සම්ප්‍රවේශය 2010-02-02.
  9. 9.0 9.1 9.2 "Pomeranian Dogs". Dogster.com. සම්ප්‍රවේශය 2010-01-06. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "dogster" defined multiple times with different content
  10. 10.0 10.1 "Pomeranian". Pets4You. 09-12-22. සම්ප්‍රවේශය 2010-01-06. {{cite web}}: Check date values in: |date= (help)[භින්න වූ සබැඳිය]
  11. "Pomeranian Information". PomPom.com. සම්ප්‍රවේශය 2009-11-30.
  12. "Pomeranian Health Management". My Dog Breed: The Pomeranian. සම්ප්‍රවේශය 2010-02-02.
  13. "Pomeranian Health Problems". සම්ප්‍රවේශය 2009-11-30.
  14. "Pomeranian Health - Caring For Your Pomeranian". Pomeranian Dogs. සම්ප්‍රවේශය 2010-02-02.
  15. "Merle Gene" (PDF). GenMark. 2006-08-21 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-12-06.
  16. 16.0 16.1 "Luxating Patella". PetEducation.com. Drs. Foster & Smith, Inc. සම්ප්‍රවේශය 2009-11-30.
  17. Degner, Dr. Daniel A. (2004). "Tracheal Collapse". PetEducation.com. Drs. Foster & Smith, Inc. සම්ප්‍රවේශය 2009-11-30.
  18. 18.0 18.1 18.2 Ward, Ernest (2009). "Cryptorchidism in Dogs". Shores Animal Clinic. Lifelearn Inc. සම්ප්‍රවේශය 21 January 2011.
  19. 19.0 19.1 19.2 19.3 19.4 19.5 Vanderlip, Sharon (2007). The Pomeranian Handbook. Barron's Educational Series. pp. 2–8. ISBN 978-0-7641-3545-3. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  20. Boswell, James (1764). Pottle, Frederick A. (ed.). Boswell on the Grand Tour: Germany and Switzerland (First ed.). McGraw-Hill Book Company Inc. p. 165. සම්ප්‍රවේශය 2009-11-29. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  21. Thomas, P. (1769) A Tour in Scotland. archive.org [Online]. |Available at=http://archive.org/stream/atourinscotland03penngoog#page/n6/mode/2up |accessdate=19th March 2013).
  22. Pennant, Thomas (1776). A Tour in Scotland 1769 (Fourth ed.). Benj White. p. 195. සම්ප්‍රවේශය 2009-11-29. {{cite book}}: Cite has empty unknown parameter: |coauthors= (help)
  23. Denise Leo (2009). "Pomeranian Profile". Pomeranian.com. සම්ප්‍රවේශය 2010-01-06.[භින්න වූ සබැඳිය]
  24. "Lost and Fond - Fate of the Pets Who Sailed on the Titanic". Caittom Publishing. සම්ප්‍රවේශය 2010-11-02.
  25. "Best in Show Winners". Westminster Kennel Club. සම්ප්‍රවේශය 2010-01-06.
  26. 26.0 26.1 "FCI-Standard N° 97: GERMAN SPITZ, INCLUDING KEESHOND AND POMERANIAN". Fédération Cynologique Internationale. 1998-03-05. 2013-07-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-01-06.
  27. "AKC Dog Registration Statistics". American Kennel Club. සම්ප්‍රවේශය 2009-11-29.
  28. "Top Twenty Breeds in Registration Order for the Years 2007 and 2008" (PDF). The Kennel Club. 2011-10-17 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-11-30.
  29. "National Animal Registration Analysis 1986-2009". Australian National Kennel Council. සම්ප්‍රවේශය 2010-09-27.

සැකිල්ල:Http://archive.org/stream/atourinscotland03penngoog

වැඩිදුර කියවීමට සංස්කරණය

බාහිර සබැඳුම් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පොමරේනියන්&oldid=592623" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි