පෘථිවියෙහි වායුගෝලය

පෘථිවියෙහි වායුගෝලය යනු, පෘථිවි ග්‍රහලෝකය වටා පවතින සහ පෘථිවියෙහි ගුරුත්වය විසින් රඳවා තබා ගන්නා, පොදු වහරෙහි වාතය ලෙසින් හැඳින්වෙන වායු ස්ථරය වෙයි. පෘථිවියෙහි වායුගෝලය විසින්, පාරජම්බුල සූර්ය විකිරණය අවශෝෂණය කිරීමෙන් පෘථිවිය මත ජීවය ආරක්ෂා කිරීම, තාපය රඳවා තබාගැනීම (හරිතාගාර ආචරණය) මගින් පෘෂ්ඨය උණුසුම් කිරීම, සහ දහවල සහ රාත්‍රිය අතර උෂ්ණත්ව අන්තයන් ( දෛනික උෂ්ණත්ව විචලනය) ඌනනය කිරීම යන දේවල් සිදුකරයි.

402–424 කිමී (250–263 සැත) ප්‍රමාණයක උසක පවතින අයිඑස්එස් තුල සිට අභ්‍යවකාශයෙන් පෙනෙන ආකාරයට පෘථිවියට නිල් පැහැ ප්‍රභා මණ්ඩලයක් ලබා දෙනුයේ වායුගෝලයෙහි පවතින වායු විසින් අනෙකුත් තරංග ආයාමයන්ට වඩා වැඩියෙන් නිල් ආලෝකය ප්‍රකිරණය කෙරෙන නිසාය.
පරිමාව අනුව පෘථිවියෙහි වායුගෝලයෙහි සංයුතිය. පහළ පයි සටහන වෙතින් නියෝජනය වන්නේ සාමුහික ලෙසින් වායුගෝලයෙන් 0.038% ක පමණ (2014 වසරෙහි සාන්ද්‍රණය පරිදි CO2 විසින් 0.043% ක ප්‍රමාණයක්) ප්‍රමාණයක් සකස් කරනු ලබන අංශුමාත්‍ර වායූන් වෙති. මෙම ප්‍රමාණයන් විවිධ වසර වලින් ලබා ගත් ඒවා වන අතර (ප්‍රධාන වශයෙන් 1987 වසර වෙතින් වන අතර, CO2 සහ මීතේන් 2009 වසර වෙතින්) එක් මූලාශ්‍රයක් නිරූපණය නොකරයි.
පෘථිවියෙහි වායුගෝලයෙහි රූප සටහනක් (ස්තරයන් පරිමාණයට සටහන් කර ඇත). පෘෂ්ඨයෙහි සිට ස්තර ගෝලයෙහි මුදුනට දුර වන්නේ පෘථිවියෙහි අරයෙන් 1% කට මදක් අඩුවෙන් පමණක් වෙයි.
"https://si.wikipedia.org/w/index.php?title=පෘථිවියෙහි_වායුගෝලය&oldid=397847" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි