පිරිත් යනුවෙන් හැඳින්වෙන්නේ ආරක්ෂාව ගෙන දෙන ධර්ම කොට්ඨාශයකි. මුලින්ම පිරිත් දේශනා ආරම්භ වූයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ විසු කාලයේදීයි. ලෙඩ රෝග වැළඳුනු අවස්ථා වලදීත්, නොයෙක් කරදර උපද්‍රව පැමිණි අවස්ථා වලදීත් පිරිත් දේශනාවෙන් ගුණ සලසා දෙන ලදී.

රහතන් වහන්සේලා ගිලන් වූ අවස්ථා වලදීත් බුදුරජාණන් වහන්සේ පිරිත් දේශනා කළහ. එමෙන්ම බුදුරජාණන් වහන්සේ ගිලන් වූ අවස්ථා වලදී රහතන් වහන්සේලා පිරිත් දේශනා කළහ. එම නිසා ඈත අතීතයේ සිටම බෞද්ධ ජනතාව පිරිත් දේශනාව ඉතා අගය කොට සැලකීමට හුරුවී සිටිති.

විපත්ති පටිබාහාය - සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බ දුක්ඛ විනාසය - පරිත්තං ධූත මංගලගන්
විපත්ති පටිබාහාය - සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බ භය විනාසය - පරිත්තං ධූත මංගලගන්
විපත්ති පටිබාහාය - සබ්බ සම්පත්ති සිද්ධියා
සබ්බ රෝග විනාසය - පරිත්තං ධූත මංගලගන්

පිරිත් සුත්‍ර දේශනාව ආරම්භයේදී ඉහත දැක්වෙන ගාථා තුන ප්‍රකාශ කිරීම සිරිතකි. විපත්ති නැතිකර ගැනීම සඳහාත් සියලු දුක්, සියලු බය, සියලු රෝග වැනසීම සඳහාත් හේතු වන්නා වූ මංගල සම්මත කරුණු පිරිත් දේශනාවේ අඩංගුව පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=පිරිත්&oldid=323240" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි